වාහන හින්ද කාපු කටු ...3

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මේ ජාතියේම ජීප් එකක් (වර්ගය නොකියා ඉන්නම්) මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත්
    wahane kiyanne neththe ay?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    තවත් කොටසක් මෙතන තියනවා. බෝරිං නැත්තං කියවන්න.

    ඊට පස්සේ මට නිකං මතක් උනා අර ගිය බස් එක කෑගල්ල ඩිපෝවේ එකක් නේද කියලා. මම අන්කල් ගෙන් ඒක ඇහුවාම එයාත් කිව්වා ඔව්, ඒක කෑගල්ලේ ඩිපෝ එකේ තමයි කියලා. එතකොටම මට ආයෙමත් මතක් උනා, කෑගල්ලේ ඉඳලා (ඒ කාලේ) බස් යන්නේ අවිස්ස්සාවේල්ලට විතරක් නිසාත්, අපි කරවනැල්ල පහු කරපු නිසාත් අපිට කොහොමද කෑගල්ල ඩිපෝ එකේ බස් එකක් හම්බ උනේ කියලා. මේ යකා එලවන්න දන්නේ නැති උනාට ලංකාව පුරාම සේවය කරලා රට තොට ගැන, පාරවල් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් නිසා පාර වැරදුනා කියලා මම හිතුවේ නැහැ. ඒ මදිවාට මගේ වයස වගේ තුන් ගුණයක් විතර වයසක කෙනෙකු පාර නොදන්නවා වෙන්නත් බැහැනේ.
    දැන් ඉර බැහැගෙන යන වෙලාව. නමුත් ඉර බහින්නේ අපේ ඉදිරියෙන් වගේ. ඒ කියන්නේ අපි යන්නේ බස්නාහිර පැත්තට බරවයි. පාරේ කඩේක බෝඩ් ලෑල්ලක් වත් දකින්න නැහැ. බැරිම තැන, මම ඇහුවා, "අංකල් අපි කරවනැල්ලෙන් හැරෙව්වා නේද ? කියලා. එතකොට මෑන් කියාපි, නැහැ පුතා මම හැරෙවේ නැහැ, අපි යන්න ඕනෑ ප්‍රධාන පාරේනේ, මම ආවේ කෙලින් කියලා. දැන් වැඩේ හරි. මම ඇහැ පියාගත්තු විනාඩියට මේ යකා යටියන්තොට පැත්තට හරවන්නේ නැතිව දැන් යන්නේ කෑගල්ල පැත්තට බව ෂුවර්. ඊට පස්සේ පාරේ යන මිනිහෙක් ලඟින් නවත්තන්න කියලා මම පාර ඇහුවා. හොඳ වෙලාවට අපි වැඩි දුරක් ඒ පාරේ ගිහින් තිබුනේ නැහැ. ඉතිං වාහනේ ආපහු හරවන්න තැනක් බලමින් යනකොට විසාල මිදුලක් තිබුන ගෙයක් තිබුනා. මම ඒ මිදුල පෙන්නලා එතනට හරවමු කිව්වාම, අපෝ පුතා, අනුන්ගේ ඉඩම් වලට අපි වාහනේ දාන එක හරි නැහැ කිව්වා. ඊට පස්සේ පොඩි ගුරු පාරක් පෙන්නුවාම, අපෝ ඒක හුඟක් පටුයි කියලා තවත් ඉස්සරහට ගියා. තවත් තැනක් පල්ලමක් කිව්වා. එයාට නොකිව්වට මං හිතෙන කිව්වා, ගලිගමුවට ගියා නම් හොඳ පළල පාරක්(නුවර පාර) තියනවා එතෙන්ටම යමු කියලා. මෙන්න එක පාරටම කොල්ලෝ වොලිබෝල් ගහන වොලිබෝල් කෝට් එකක් වටේ පින්න ගස්, වගේ පොඩි පොඩි ගස් සමතලා කරගෙන මෙයා නියම ජංගල් සෆාරි ටයිප් යූ ටර්න් එකක් ගැහුවා. (මේ කතාවේ අවසානයේදී මේ යූ ටර්න් ගැසීමේ හේතුව කියවේවි) මේකට පිසුද, නැත්තම් හැටිද කියලා මට හිතා ගන්න බැරි උනත්, අපි ආපහු ඇවිල්ලා කරවනැල්ලෙන් හරවලා යටියන්තොට පැත්තට යන්න පටන් ගත්තා.
    දැන් නම් රෑ උනා හෙට තව ටිකක් දාන්නම්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    තවත් කොටසක් මෙතන තියනවා. බෝරිං නැත්තං කියවන්න.

    ඊට පස්සේ මට නිකං මතක් උනා අර ගිය බස් එක කෑගල්ල ඩිපෝවේ එකක් නේද කියලා. මම අන්කල් ගෙන් ඒක ඇහුවාම එයාත් කිව්වා ඔව්, ඒක කෑගල්ලේ ඩිපෝ එකේ තමයි කියලා. එතකොටම මට ආයෙමත් මතක් උනා, කෑගල්ලේ ඉඳලා (ඒ කාලේ) බස් යන්නේ අවිස්ස්සාවේල්ලට විතරක් නිසාත්, අපි කරවනැල්ල පහු කරපු නිසාත් අපිට කොහොමද කෑගල්ල ඩිපෝ එකේ බස් එකක් හම්බ උනේ කියලා. මේ යකා එලවන්න දන්නේ නැති උනාට ලංකාව පුරාම සේවය කරලා රට තොට ගැන, පාරවල් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් නිසා පාර වැරදුනා කියලා මම හිතුවේ නැහැ. ඒ මදිවාට මගේ වයස වගේ තුන් ගුණයක් විතර වයසක කෙනෙකු පාර නොදන්නවා වෙන්නත් බැහැනේ. දැන් ඉර බැහැගෙන යන වෙලාව. නමුත් ඉර බහින්නේ අපේ ඉදිරියෙන් වගේ. ඒ කියන්නේ අපි යන්නේ බස්නාහිර පැත්තට බරවයි. පාරේ කඩේක බෝඩ් ලෑල්ලක් වත් දකින්න නැහැ. බැරිම තැන, මම ඇහුවා, "අංකල් අපි කරවනැල්ලෙන් හැරෙව්වා නේද ? කියලා. එතකොට මෑන් කියාපි, නැහැ පුතා මම හැරෙවේ නැහැ, අපි යන්න ඕනෑ ප්‍රධාන පාරේනේ, මම ආවේ කෙලින් කියලා. දැන් වැඩේ හරි. මම ඇහැ පියාගත්තු විනාඩියට මේ යකා යටියන්තොට පැත්තට හරවන්නේ නැතිව දැන් යන්නේ කෑගල්ල පැත්තට බව ෂුවර්. ඊට පස්සේ පාරේ යන මිනිහෙක් ලඟින් නවත්තන්න කියලා මම පාර ඇහුවා. හොඳ වෙලාවට අපි වැඩි දුරක් ඒ පාරේ ගිහින් තිබුනේ නැහැ. ඉතිං වාහනේ ආපහු හරවන්න තැනක් බලමින් යනකොට විසාල මිදුලක් තිබුන ගෙයක් තිබුනා. මම ඒ මිදුල පෙන්නලා එතනට හරවමු කිව්වාම, අපෝ පුතා, අනුන්ගේ ඉඩම් වලට අපි වාහනේ දාන එක හරි නැහැ කිව්වා. ඊට පස්සේ පොඩි ගුරු පාරක් පෙන්නුවාම, අපෝ ඒක හුඟක් පටුයි කියලා තවත් ඉස්සරහට ගියා. තවත් තැනක් පල්ලමක් කිව්වා. එයාට නොකිව්වට මං හිතෙන කිව්වා, ගලිගමුවට ගියා නම් හොඳ පළල පාරක්(නුවර පාර) තියනවා එතෙන්ටම යමු කියලා. මෙන්න එක පාරටම කොල්ලෝ වොලිබෝල් ගහන වොලිබෝල් කෝට් එකක් වටේ පින්න ගස්, වගේ පොඩි පොඩි ගස් සමතලා කරගෙන මෙයා නියම ජංගල් සෆාරි ටයිප් යූ ටර්න් එකක් ගැහුවා. (මේ කතාවේ අවසානයේදී මේ යූ ටර්න් ගැසීමේ හේතුව කියවේවි) මේකට පිසුද, නැත්තම් හැටිද කියලා මට හිතා ගන්න බැරි උනත්, අපි ආපහු ඇවිල්ලා කරවනැල්ලෙන් හරවලා යටියන්තොට පැත්තට යන්න පටන් ගත්තා.
    දැන් නම් රෑ උනා හෙට තව ටිකක් දාන්නම්.

    Moar Please.

    ඡේද වෙන් කළා නම් කියවන්න ලේසියි

    Eg:

    මේක උනේ 1985 වසරේ විය යුතුයි. මේ කතාවේ පසුබිම සහ ඊට සම්බන්ධ දේවල් නොකිව්වොත් කතාවේ තේරුමක් නැහැ.

    මේ කාලයේ මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා, අප සතුව නුවර එළියේ තිබුන කුඩා නිවස ටිකක් වැඩි දියුණු කර හදා ගැනීමේ යෙදී සිටියා. මමත් මට හැකි පමණින් එහි ගොස් ඒ කටයුතු වලට උදව් උනා. එහි, අපේ නිවසට ඉදිරි නිවසේ හිටියේ වල්පොල මහතා (සැබෑ නම නොවේ) නම්වූ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්. මිනිහත් විශ්‍රාම දිවිය නුවර එළියේ ගත කරන කෙනෙක්. මට මේ මෑන්ව එච්චර දිරවන්නේ නැහැ. හේතුව එයාගේ ඉංගිරිස් කතාවයි. හැම මගුලම ඉංගිරිසියෙන් කියනවා මිසක් සිංහලෙන් වචනයක් වත් කතා කරන්නේ නැහැ. මටත් යන්තම් යර්ස් නෝ කියාගන්න පුළුවන් උනාට මිනිහා එනකොට මම මග ඇරලා යනවා. එයාගේ ස්ථිර පදිංචියත් අපේ පදිංචියත් 174 (කොට්ටාව බොරැල්ල) පාරේ එකිනෙකට සැතපුම් එකහමාරක දෙකක දුරකිනුයි. මේ හේතුව නිසාත්, තාත්තාත්, එයාත් දෙන්නාම ආසන්නව එක වයසේ නිසාත්, මෑන් හැම වෙලාවෙම අපේ ගෙදරට ඇවිල්ලා තාත්තා එක්ක කඩු හරඹ කරනවා.

    මට, තාත්තාට වාගේ නුවර එළියේ දිගටම නැවතී ඉන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සති අන්තයත් සමග දිනක් දෙකක් එහි ගතකර ආපසු කොළඹ පැමිණ දිනක් දෙකක් රැකියාවට ගොස් ආපසු එහි යාමටයි මට සිදු වී තිබුනේ.

    මේ කියන දිනයේදීත් මම අඟහරුවාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණ, බදාදා වැඩට ගොස් බදාදා රාත්‍රී දුම්රියෙන් නැවත නුවර එලි යාමට සිදු උනේ මට ඒ වනවිට ඉතිරි වී තිබුනේ අසනීප නිවාඩු පමණක් නිසායි (එකල අසනීප නිවාඩු දින දෙකකට වැඩිනම් රජයේ වෛද්‍ය සහතිකයක් දිය යුතු උනා). එදා වැඩට ගිහිල්ලාත්, ෂෝර්ට් ලීව් දාලා, ඊටත් කලින් පැනලා, ගෙදරට ආවේ හත විතර වෙනකම් නිදාගෙන එකල රැ 8.15 ට තිබුන නයිට් මේල් එකට යන්නයි.

    මම ගෙදර එනකොට මම කලින් දැකලා නැති ජීප් එකක් අපේ ගෙදර ගේට්ටුව හරහට නවත්තලා තියනවා. මගේ බයික් එක කාණුවට දාලා තමයි මට වත්තට ඇතුල් වෙන්න උනේ. මම බයිසිකලේ කුස්සිය පැත්තෙන් ගෙට දාන ගමන් අම්මගෙන් ඇහුවා මොකාද අර ගේට්ටුව හරස් කරලා ජීප් එකක් නවත්තලා තියෙන්නේ? කියලා. එතකොට අම්මා කිව්වා, පුතා Mr වල්පොල අද නුවරඑළි යනවා කියලා, පුතාටත් එයා එක්ක යන්න පුළුවන් කියලා, පුතා එනකම් බලා ඉන්නවා , කියලා. මට මේක අහපු ගමන් හිතට ආවේ බොහොම සැක සහිත සිතුවිල්ලක්. මේ යකා ඊට කලින් දවසෙත් අපේ (නුවරඑළියේ) ගෙදර ඇවිත් තාත්තා එක්ක බයිලා කියා කියා ඉඳලා ගියා උනාට, එයා කොළඹ යන බවක් කොහොමවත්ම කිව්වේ නැහැ. නමුත් මට නිවාඩු නැති නිසා මම අඟහරුවාදා රෑ කොළඹ ගිහින් බදාදා රෑ ආපහු එනබව තාත්තා එයාට කිව්වා කියලා නම් මට මතකයි.

    මෙතන මොකක් හරි මට නොතේරෙන රහසක් තියනවා කියලා නම් මට ෂුවර්. දැන් ඉතින් කරන්න දෙයක් නැති කමටම මම සාලෙට ගිහිල්ල මිනිහාට කතා කළා. කවදාවත්ම නැතිව මේ යකා මට කට පුරාම "පුතා" කියලා කතා කළා(මම අංකල් කිව්වට මෑන් මට කතා කරන්නේ හරියට වැඩ කාරයෙකුට කතා කරනවා වගේ ආමන්ත්‍රණයක් නැතුවයි) විතරක් නොවෙයි, හොඳ සිංහලෙනුත් කතා කරලා විස්තර අහලා ඉක්මනට පිටත් උනොත් හොඳයි නේද කියලත් කිව්වා. කලින් දවසේ මුළු රෑම නයිට් මේල් එකේ හිටගෙන ආපු මට දැන් තත්පරයක්වත් ඇහැ පියාගන්න අවස්තාවක් නැති වෙන්නයි යන්නේ. අම්මා අපි තුන්දෙනාටම (තාත්තාටත් එක්කම) රෑට කන්න බත් මුල් තුනකුත් හදලා දුන්නා. මම ඇඳුම් මාරු කරන්නේවත්, නාන්නේවත් නැතුවම මෙයාත් එක්ක ගමන පිටත් උනා. පිටත් වෙන්න ඉස්සෙල්ලා අම්මා මට කිව්වේ ඔයා එලවන්න යන්න එපා, එයාගේ වාහනේ එයා එලවපුවාවේ කියලයි.

    මේ ජාතියේම ජීප් එකක් (වර්ගය නොකියා ඉන්නම්) මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත් එයාටත් ඒ වගේම එකක් තියන බවත්, ඒක හිටපු දිසාපති කෙනෙකුගේ නිල වාහනය බවත්, ඒ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියන ජීප් ලංකාවේ නැති බවත් වගේ නයි දුවවනවා. ඒ උනාට මම වාහනේ දැක්කේ එදාමයි. ඒක පිට පෙනුමෙන් නම් මගේ එකට වඩා හොඳට තිබුනා.

    කොහොම උනත් හවස හතර, හතරහමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා, අපි පරණ පාර දිගේ කොට්ටාව පැත්තට ආවා. ඒ කාලේ 174 පාර, මාර්ගයක් නොවෙයි, වාරිමාර්ගයක්. එක රෝදයක් වලකින් බේරණ කොට අනික් තුනම වලවල් වල වැටෙනවා. මෙයා සෙකන්ඩ් ගියර් එකේ දාගෙන, වලක් කිට්ටු වෙනකොට ක්ලච් එක පාගනවා, ඊට පස්සේ හයියෙන් රේස් කරලා විකාර කරනවා. වලහා කේතලේ බදා ගත්තා වගේ ස්ටියරිං එක අත් දෙකෙන්ම තද කරලා අල්ලාගෙන මූන වින්ඩ්ස්ක්‍රින් එකට කිට්ටු කරගෙන හුස්ම ගන්නේවත් නැතුව බොහොම අපහසුවෙන් එලවන බවක් තමයි මට තේරුනේ. මේ වාහනයේ ෂොක් ඇබ්සෝබර් නම් ඇත්තේම නැති තරමට වාහනේ උඩ විසිවෙනවා. හරියට අස්ස කරත්තයක් වගෙයි. කොට්ටාවෙන් හයි ලෙවල් එකට දාල දැන් අපි හෝමාගම පැත්තට යනවා.හැබැයි, මෙයා යන්නේ තර්ඩ් එකේ. අපරාදේ නිකං එන්ජිම රේස් වෙනවා, ඩිසල් පිච්චෙනවා, ඒ උනාට මං මට නොවයි වාගේ ඔහේ ඉන්නවා. මම නිදි මරලා ඉන්න බව දන්නා නිසා මෑන් මට පුතා පොඩ්ඩක් නිදා ගන්න කියලා තුන් හතර වතාවක්ම කිව්වාට මේ අස්ස කරත්තේ නිදා ගන්නවා තියා ඉඳගෙන ඉන්නවත් බැහැ.

    දැන් අපි වේගෙන් හයි ලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තට යනවා. කොච්චර වේගෙන් යනවද කියනවානම් පුෂ් බයිසිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යනවා. බැරිම තැන මම කිව්වා ''අන්කල්, අපරාදෙනේ තර්ඩ් එකේ යන්නේ '' කියලා. එතකොට මෑන් කියාපි, පුතා ටොප් එකේ යනකොට මේක knock කරනවා, ඒකයි තර්ඩ් එකේ යන්නේ කියලා. හැබෑ නේන්නම්. ටොප් එකේ 15kmph විතර යන්න බැහැනේ. මම ලංකාවේ ඉද්දී ආසාවෙන්ම වේගයෙන් එලවපු හයි ලෙවල් පාරේ දික් හැතක්මේ හරියත් මෙයා ෂෝක් එකට තර්ඩ් එකේම යනවා. ඒ අතරේදී මෙයා මේ වාහනේ වරුණේ කියවනවා.

    නුවරඑළි යන්න ඕනෑ නිසා එදා උදේ වාහනේ සර්විස් කරපු බවත්, හැම දෙයක්ම චෙක් කරලා ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා තියන බවත් කියලා කැබි හෝල් එකේ තියන සර්විස් ස්ටේෂන් එකෙන් දීපු කොලේ මට පෙන්නුවා. මමත් කරන්න දෙයක් නැති කමට ඒක අරන් බලපුවාම බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක්ද කොහෙදත් මේකට දැම්මා කියලා ලියලා තියනවා. මම ඒක කිව්වාම මෑන් කියනවා, ඔව්, පුතා මම හැම එකක්ම චෙක් කරලා අඩු පුරවා ගත්තා කියලා. එතකොට මම කිව්වා, අන්කල්, බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක් දාන්න උනා කියන්නේ කොහෙන් හරි ඔයිල් ලීක් වෙනවා ඇති නේ කියලා. එයාගේ හිතේ ඩිසල් ගහනවා, ඔයිල් දානවා, වතුර දානවා, බ්‍රේක් ඔයිල් දානවා කියන්නේ හැම විටම කලයුතු දෙයක් කියලයි. ඊට පස්සේ මම එයාට මේවා ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මෑන් මට කිව්වා, එයා රස්සාව කරන කාලේ වාහන ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත්, නිලවාහනයක්, රියදුරෙක් හිටපු නිසා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් පැන්ෂන් ගියාට පස්සේ බවත්, ලයිසන් එකත් එයා යටතේ ගුරුවරයෙක් හැටියට සේවය කල, පසුව RMV එකේ examiner කෙනෙක් වුන කෙනෙක් ගෙදරටම ගෙනත් දීලා ගියා මිසක් එයා හරියකට වාහන එලවන්න ඉගෙන ගත්තේ නැති බවත් කිව්වා. තරුණ වයසින්ම වාහන එලවන්න ලැබීම මගේ වාසනාව බවත්, එයාට මගේ වයසේදී බයිසිකලයක්වත් පදින්න නොලැබුන බවත් කිව්වා.

    එයාට තනියෙන් එලවාගෙන නුවර එළි යන්න තරම් විශ්වාසයක් නැති බවත්, මම එදා රැ ආපහු යන බව දන්නා නිසා මාත් සමග යාමට එයා කටයුතු සුදානම් කල බවත් කිව්වා. ඒ හැර, මේ වාහනයෙන් මාසයකට වරක් (විශ්‍රාම වැටුප ගැනීමට ගෙදර ආ පසු) ළඟ පාත කොහාට හරි යනවා මිස දුර ගමනක් ගොස් නැති බවත් කිව්වා. අවිස්සාවේල්ල දෙහිඕවිට පහු වෙලා කරවනැල්ල හරියට එනකොට මට ඔලුව උස්සාගෙන ඉන්න බැරි තරම් නිදිමතයි. නින්ද යන්නේ නැති උනත් මම ඇස් පියාගෙන දොරේ කණුවට ඔලුව තියා ගත්තේ කරවනැල්ල roundabout එක පේන තෙක්මානේදීයි. ඊළඟ මොහොතේ මාව උඩ විසිවෙලා ඇහැරුනේ අලි එලවන තරම් හෝන් සද්දෙකුයි, ඒත් එක්කම අම්මට xxxx ද මහත්තයා කියලා කියාපු මිහිරි කට හඬකුයි එක්කයි. ඒත් සමගම පාරේ අපේ දකුණු පැත්තේ වැටේ තිබුන ගස් අතු හූරාගෙන ලංගම බස් එකක් විරුද්ධ පැත්තට ගියා. මම මුලින්ම බැලුවේ මගේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම හොඳින් තියනවාද කියලයි. ඊළඟට අංකල් දිහා බලපුවාම මිනිහාත් ඇස් දෙක කරත්ත රෝද දෙකක් තරමට ලොකු කරගෙන බය වෙලා බලා ඉන්නවා. අපේ ඇන්ජිම නැවතිලා, වාහනයත් හරියටම පාර මැද්දේ තමයි නැවතිලා තිබුනේ. එතකොට මෑන් මට කියනවා ''බලන්න පුතා, නැහැදිච්ච මිනිස්සු, මම බස් එක දැකපු ගමන් වාහනේ නැවැත්තුවා, ඒ උනාට දැක්කද ඒ මිනිහා මට නරක වචනෙන් බැනපු හැටි" කියලා. මම ඉතින් කියන්න ගියේ නැහැ අංකල් නවත්තලා තියෙන්නේ පාර මැද්දේ කියලා.

    මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා කොච්චර නිදිමත උනත් මම ඇස් පියාගන්නේ නැහැයි කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඊට පස්සේ මට නිකං මතක් උනා අර ගිය බස් එක කෑගල්ල ඩිපෝවේ එකක් නේද කියලා. මම අන්කල් ගෙන් ඒක ඇහුවාම එයාත් කිව්වා ඔව්, ඒක කෑගල්ලේ ඩිපෝ එකේ තමයි කියලා. එතකොටම මට ආයෙමත් මතක් උනා, කෑගල්ලේ ඉඳලා (ඒ කාලේ) බස් යන්නේ අවිස්ස්සාවේල්ලට විතරක් නිසාත්, අපි කරවනැල්ල පහු කරපු නිසාත් අපිට කොහොමද කෑගල්ල ඩිපෝ එකේ බස් එකක් හම්බ උනේ කියලා. මේ යකා එලවන්න දන්නේ නැති උනාට ලංකාව පුරාම සේවය කරලා රට තොට ගැන, පාරවල් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් නිසා පාර වැරදුනා කියලා මම හිතුවේ නැහැ. ඒ මදිවාට මගේ වයස වගේ තුන් ගුණයක් විතර වයසක කෙනෙකු පාර නොදන්නවා වෙන්නත් බැහැනේ. දැන් ඉර බැහැගෙන යන වෙලාව. නමුත් ඉර බහින්නේ අපේ ඉදිරියෙන් වගේ. ඒ කියන්නේ අපි යන්නේ බස්නාහිර පැත්තට බරවයි. පාරේ කඩේක බෝඩ් ලෑල්ලක් වත් දකින්න නැහැ.

    බැරිම තැන, මම ඇහුවා, "අංකල් අපි කරවනැල්ලෙන් හැරෙව්වා නේද ? කියලා. එතකොට මෑන් කියාපි, නැහැ පුතා මම හැරෙවේ නැහැ, අපි යන්න ඕනෑ ප්‍රධාන පාරේනේ, මම ආවේ කෙලින් කියලා. දැන් වැඩේ හරි. මම ඇහැ පියාගත්තු විනාඩියට මේ යකා යටියන්තොට පැත්තට හරවන්නේ නැතිව දැන් යන්නේ කෑගල්ල පැත්තට බව ෂුවර්. ඊට පස්සේ පාරේ යන මිනිහෙක් ලඟින් නවත්තන්න කියලා මම පාර ඇහුවා. හොඳ වෙලාවට අපි වැඩි දුරක් ඒ පාරේ ගිහින් තිබුනේ නැහැ.

    ඉතිං වාහනේ ආපහු හරවන්න තැනක් බලමින් යනකොට විසාල මිදුලක් තිබුන ගෙයක් තිබුනා. මම ඒ මිදුල පෙන්නලා එතනට හරවමු කිව්වාම, අපෝ පුතා, අනුන්ගේ ඉඩම් වලට අපි වාහනේ දාන එක හරි නැහැ කිව්වා. ඊට පස්සේ පොඩි ගුරු පාරක් පෙන්නුවාම, අපෝ ඒක හුඟක් පටුයි කියලා තවත් ඉස්සරහට ගියා. තවත් තැනක් පල්ලමක් කිව්වා. එයාට නොකිව්වට මං හිතෙන කිව්වා, ගලිගමුවට ගියා නම් හොඳ පළල පාරක්(නුවර පාර) තියනවා එතෙන්ටම යමු කියලා. මෙන්න එක පාරටම කොල්ලෝ වොලිබෝල් ගහන වොලිබෝල් කෝට් එකක් වටේ පින්න ගස්, වගේ පොඩි පොඩි ගස් සමතලා කරගෙන මෙයා නියම ජංගල් සෆාරි ටයිප් යූ ටර්න් එකක් ගැහුවා. (මේ කතාවේ අවසානයේදී මේ යූ ටර්න් ගැසීමේ හේතුව කියවේවි)

    මේකට පිස්සු ද, නැත්තම් හැටිද කියලා මට හිතා ගන්න බැරි උනත්, අපි ආපහු ඇවිල්ලා කරවනැල්ලෙන් හරවලා යටියන්තොට පැත්තට යන්න පටන් ගත්තා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Moar Please.

    ඡේද වෙන් කළා නම් කියවන්න ලේසියි

    Eg:

    මේක උනේ 1985 වසරේ විය යුතුයි. මේ කතාවේ පසුබිම සහ ඊට සම්බන්ධ දේවල් නොකිව්වොත් කතාවේ තේරුමක් නැහැ.

    මේ කාලයේ මගේ තාත්තා විශ්‍රාම ගිහිල්ලා, අප සතුව නුවර එළියේ තිබුන කුඩා නිවස ටිකක් වැඩි දියුණු කර හදා ගැනීමේ යෙදී සිටියා. මමත් මට හැකි පමණින් එහි ගොස් ඒ කටයුතු වලට උදව් උනා. එහි, අපේ නිවසට ඉදිරි නිවසේ හිටියේ වල්පොල මහතා (සැබෑ නම නොවේ) නම්වූ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්. මිනිහත් විශ්‍රාම දිවිය නුවර එළියේ ගත කරන කෙනෙක්. මට මේ මෑන්ව එච්චර දිරවන්නේ නැහැ. හේතුව එයාගේ ඉංගිරිස් කතාවයි. හැම මගුලම ඉංගිරිසියෙන් කියනවා මිසක් සිංහලෙන් වචනයක් වත් කතා කරන්නේ නැහැ. මටත් යන්තම් යර්ස් නෝ කියාගන්න පුළුවන් උනාට මිනිහා එනකොට මම මග ඇරලා යනවා. එයාගේ ස්ථිර පදිංචියත් අපේ පදිංචියත් 174 (කොට්ටාව බොරැල්ල) පාරේ එකිනෙකට සැතපුම් එකහමාරක දෙකක දුරකිනුයි. මේ හේතුව නිසාත්, තාත්තාත්, එයාත් දෙන්නාම ආසන්නව එක වයසේ නිසාත්, මෑන් හැම වෙලාවෙම අපේ ගෙදරට ඇවිල්ලා තාත්තා එක්ක කඩු හරඹ කරනවා.

    මට, තාත්තාට වාගේ නුවර එළියේ දිගටම නැවතී ඉන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. සති අන්තයත් සමග දිනක් දෙකක් එහි ගතකර ආපසු කොළඹ පැමිණ දිනක් දෙකක් රැකියාවට ගොස් ආපසු එහි යාමටයි මට සිදු වී තිබුනේ.

    මේ කියන දිනයේදීත් මම අඟහරුවාදා රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ පැමිණ, බදාදා වැඩට ගොස් බදාදා රාත්‍රී දුම්රියෙන් නැවත නුවර එලි යාමට සිදු උනේ මට ඒ වනවිට ඉතිරි වී තිබුනේ අසනීප නිවාඩු පමණක් නිසායි (එකල අසනීප නිවාඩු දින දෙකකට වැඩිනම් රජයේ වෛද්‍ය සහතිකයක් දිය යුතු උනා). එදා වැඩට ගිහිල්ලාත්, ෂෝර්ට් ලීව් දාලා, ඊටත් කලින් පැනලා, ගෙදරට ආවේ හත විතර වෙනකම් නිදාගෙන එකල රැ 8.15 ට තිබුන නයිට් මේල් එකට යන්නයි.

    මම ගෙදර එනකොට මම කලින් දැකලා නැති ජීප් එකක් අපේ ගෙදර ගේට්ටුව හරහට නවත්තලා තියනවා. මගේ බයික් එක කාණුවට දාලා තමයි මට වත්තට ඇතුල් වෙන්න උනේ. මම බයිසිකලේ කුස්සිය පැත්තෙන් ගෙට දාන ගමන් අම්මගෙන් ඇහුවා මොකාද අර ගේට්ටුව හරස් කරලා ජීප් එකක් නවත්තලා තියෙන්නේ? කියලා. එතකොට අම්මා කිව්වා, පුතා Mr වල්පොල අද නුවරඑළි යනවා කියලා, පුතාටත් එයා එක්ක යන්න පුළුවන් කියලා, පුතා එනකම් බලා ඉන්නවා , කියලා. මට මේක අහපු ගමන් හිතට ආවේ බොහොම සැක සහිත සිතුවිල්ලක්. මේ යකා ඊට කලින් දවසෙත් අපේ (නුවරඑළියේ) ගෙදර ඇවිත් තාත්තා එක්ක බයිලා කියා කියා ඉඳලා ගියා උනාට, එයා කොළඹ යන බවක් කොහොමවත්ම කිව්වේ නැහැ. නමුත් මට නිවාඩු නැති නිසා මම අඟහරුවාදා රෑ කොළඹ ගිහින් බදාදා රෑ ආපහු එනබව තාත්තා එයාට කිව්වා කියලා නම් මට මතකයි.

    මෙතන මොකක් හරි මට නොතේරෙන රහසක් තියනවා කියලා නම් මට ෂුවර්. දැන් ඉතින් කරන්න දෙයක් නැති කමටම මම සාලෙට ගිහිල්ල මිනිහාට කතා කළා. කවදාවත්ම නැතිව මේ යකා මට කට පුරාම "පුතා" කියලා කතා කළා(මම අංකල් කිව්වට මෑන් මට කතා කරන්නේ හරියට වැඩ කාරයෙකුට කතා කරනවා වගේ ආමන්ත්‍රණයක් නැතුවයි) විතරක් නොවෙයි, හොඳ සිංහලෙනුත් කතා කරලා විස්තර අහලා ඉක්මනට පිටත් උනොත් හොඳයි නේද කියලත් කිව්වා. කලින් දවසේ මුළු රෑම නයිට් මේල් එකේ හිටගෙන ආපු මට දැන් තත්පරයක්වත් ඇහැ පියාගන්න අවස්තාවක් නැති වෙන්නයි යන්නේ. අම්මා අපි තුන්දෙනාටම (තාත්තාටත් එක්කම) රෑට කන්න බත් මුල් තුනකුත් හදලා දුන්නා. මම ඇඳුම් මාරු කරන්නේවත්, නාන්නේවත් නැතුවම මෙයාත් එක්ක ගමන පිටත් උනා. පිටත් වෙන්න ඉස්සෙල්ලා අම්මා මට කිව්වේ ඔයා එලවන්න යන්න එපා, එයාගේ වාහනේ එයා එලවපුවාවේ කියලයි.

    මේ ජාතියේම ජීප් එකක් (වර්ගය නොකියා ඉන්නම්) මටත් (ඒක තාත්තාගේ උනාට මගේ වගේ තමයි) තියනවා. අපි ඒකෙන් නුවර එලි ගියාම මෙයා ඇවිත් එයාටත් ඒ වගේම එකක් තියන බවත්, ඒක හිටපු දිසාපති කෙනෙකුගේ නිල වාහනය බවත්, ඒ වගේ හොඳ කන්ඩිෂන් එකේ තියන ජීප් ලංකාවේ නැති බවත් වගේ නයි දුවවනවා. ඒ උනාට මම වාහනේ දැක්කේ එදාමයි. ඒක පිට පෙනුමෙන් නම් මගේ එකට වඩා හොඳට තිබුනා.

    කොහොම උනත් හවස හතර, හතරහමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා, අපි පරණ පාර දිගේ කොට්ටාව පැත්තට ආවා. ඒ කාලේ 174 පාර, මාර්ගයක් නොවෙයි, වාරිමාර්ගයක්. එක රෝදයක් වලකින් බේරණ කොට අනික් තුනම වලවල් වල වැටෙනවා. මෙයා සෙකන්ඩ් ගියර් එකේ දාගෙන, වලක් කිට්ටු වෙනකොට ක්ලච් එක පාගනවා, ඊට පස්සේ හයියෙන් රේස් කරලා විකාර කරනවා. වලහා කේතලේ බදා ගත්තා වගේ ස්ටියරිං එක අත් දෙකෙන්ම තද කරලා අල්ලාගෙන මූන වින්ඩ්ස්ක්‍රින් එකට කිට්ටු කරගෙන හුස්ම ගන්නේවත් නැතුව බොහොම අපහසුවෙන් එලවන බවක් තමයි මට තේරුනේ. මේ වාහනයේ ෂොක් ඇබ්සෝබර් නම් ඇත්තේම නැති තරමට වාහනේ උඩ විසිවෙනවා. හරියට අස්ස කරත්තයක් වගෙයි. කොට්ටාවෙන් හයි ලෙවල් එකට දාල දැන් අපි හෝමාගම පැත්තට යනවා.හැබැයි, මෙයා යන්නේ තර්ඩ් එකේ. අපරාදේ නිකං එන්ජිම රේස් වෙනවා, ඩිසල් පිච්චෙනවා, ඒ උනාට මං මට නොවයි වාගේ ඔහේ ඉන්නවා. මම නිදි මරලා ඉන්න බව දන්නා නිසා මෑන් මට පුතා පොඩ්ඩක් නිදා ගන්න කියලා තුන් හතර වතාවක්ම කිව්වාට මේ අස්ස කරත්තේ නිදා ගන්නවා තියා ඉඳගෙන ඉන්නවත් බැහැ.

    දැන් අපි වේගෙන් හයි ලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තට යනවා. කොච්චර වේගෙන් යනවද කියනවානම් පුෂ් බයිසිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යනවා. බැරිම තැන මම කිව්වා ''අන්කල්, අපරාදෙනේ තර්ඩ් එකේ යන්නේ '' කියලා. එතකොට මෑන් කියාපි, පුතා ටොප් එකේ යනකොට මේක knock කරනවා, ඒකයි තර්ඩ් එකේ යන්නේ කියලා. හැබෑ නේන්නම්. ටොප් එකේ 15kmph විතර යන්න බැහැනේ. මම ලංකාවේ ඉද්දී ආසාවෙන්ම වේගයෙන් එලවපු හයි ලෙවල් පාරේ දික් හැතක්මේ හරියත් මෙයා ෂෝක් එකට තර්ඩ් එකේම යනවා. ඒ අතරේදී මෙයා මේ වාහනේ වරුණේ කියවනවා.

    නුවරඑළි යන්න ඕනෑ නිසා එදා උදේ වාහනේ සර්විස් කරපු බවත්, හැම දෙයක්ම චෙක් කරලා ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා තියන බවත් කියලා කැබි හෝල් එකේ තියන සර්විස් ස්ටේෂන් එකෙන් දීපු කොලේ මට පෙන්නුවා. මමත් කරන්න දෙයක් නැති කමට ඒක අරන් බලපුවාම බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක්ද කොහෙදත් මේකට දැම්මා කියලා ලියලා තියනවා. මම ඒක කිව්වාම මෑන් කියනවා, ඔව්, පුතා මම හැම එකක්ම චෙක් කරලා අඩු පුරවා ගත්තා කියලා. එතකොට මම කිව්වා, අන්කල්, බ්‍රේක් ඔයිල් අවුන්ස තුනක් දාන්න උනා කියන්නේ කොහෙන් හරි ඔයිල් ලීක් වෙනවා ඇති නේ කියලා. එයාගේ හිතේ ඩිසල් ගහනවා, ඔයිල් දානවා, වතුර දානවා, බ්‍රේක් ඔයිල් දානවා කියන්නේ හැම විටම කලයුතු දෙයක් කියලයි. ඊට පස්සේ මම එයාට මේවා ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මෑන් මට කිව්වා, එයා රස්සාව කරන කාලේ වාහන ගැන දැනගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැති බවත්, නිලවාහනයක්, රියදුරෙක් හිටපු නිසා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් පැන්ෂන් ගියාට පස්සේ බවත්, ලයිසන් එකත් එයා යටතේ ගුරුවරයෙක් හැටියට සේවය කල, පසුව RMV එකේ examiner කෙනෙක් වුන කෙනෙක් ගෙදරටම ගෙනත් දීලා ගියා මිසක් එයා හරියකට වාහන එලවන්න ඉගෙන ගත්තේ නැති බවත් කිව්වා. තරුණ වයසින්ම වාහන එලවන්න ලැබීම මගේ වාසනාව බවත්, එයාට මගේ වයසේදී බයිසිකලයක්වත් පදින්න නොලැබුන බවත් කිව්වා.

    එයාට තනියෙන් එලවාගෙන නුවර එළි යන්න තරම් විශ්වාසයක් නැති බවත්, මම එදා රැ ආපහු යන බව දන්නා නිසා මාත් සමග යාමට එයා කටයුතු සුදානම් කල බවත් කිව්වා. ඒ හැර, මේ වාහනයෙන් මාසයකට වරක් (විශ්‍රාම වැටුප ගැනීමට ගෙදර ආ පසු) ළඟ පාත කොහාට හරි යනවා මිස දුර ගමනක් ගොස් නැති බවත් කිව්වා. අවිස්සාවේල්ල දෙහිඕවිට පහු වෙලා කරවනැල්ල හරියට එනකොට මට ඔලුව උස්සාගෙන ඉන්න බැරි තරම් නිදිමතයි. නින්ද යන්නේ නැති උනත් මම ඇස් පියාගෙන දොරේ කණුවට ඔලුව තියා ගත්තේ කරවනැල්ල roundabout එක පේන තෙක්මානේදීයි. ඊළඟ මොහොතේ මාව උඩ විසිවෙලා ඇහැරුනේ අලි එලවන තරම් හෝන් සද්දෙකුයි, ඒත් එක්කම අම්මට xxxx ද මහත්තයා කියලා කියාපු මිහිරි කට හඬකුයි එක්කයි. ඒත් සමගම පාරේ අපේ දකුණු පැත්තේ වැටේ තිබුන ගස් අතු හූරාගෙන ලංගම බස් එකක් විරුද්ධ පැත්තට ගියා. මම මුලින්ම බැලුවේ මගේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම හොඳින් තියනවාද කියලයි. ඊළඟට අංකල් දිහා බලපුවාම මිනිහාත් ඇස් දෙක කරත්ත රෝද දෙකක් තරමට ලොකු කරගෙන බය වෙලා බලා ඉන්නවා. අපේ ඇන්ජිම නැවතිලා, වාහනයත් හරියටම පාර මැද්දේ තමයි නැවතිලා තිබුනේ. එතකොට මෑන් මට කියනවා ''බලන්න පුතා, නැහැදිච්ච මිනිස්සු, මම බස් එක දැකපු ගමන් වාහනේ නැවැත්තුවා, ඒ උනාට දැක්කද ඒ මිනිහා මට නරක වචනෙන් බැනපු හැටි" කියලා. මම ඉතින් කියන්න ගියේ නැහැ අංකල් නවත්තලා තියෙන්නේ පාර මැද්දේ කියලා.

    මේ සිද්දියෙන් පස්සේ මම හිතා ගත්තා කොච්චර නිදිමත උනත් මම ඇස් පියාගන්නේ නැහැයි කියලා.
    Thanks, I just did it.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කතාව තව ටිකක් ලියන්නම්.

    දැන් අපි යටියන්තොට පහු කර ගෙන යනවා.මට ඉන්න බැරි තරම් මුත්‍රා බරක් තියනවා, ඒ උනාට මට මේක මිනිහට කියන්න ලැජ්ජයි වගේ. නමුත් අන්තිමට ඉන්න බැරිම තැන මම කිව්වා පාරේ අයිනේ ඉඩ තියන තැනක් පෙන්නලා ඔතන පොඩ්ඩක් නවත්තන්න, මට ටොයිලට් යන්න ඕනෑ යි කියලා. මේ වෙනකොට හොඳටම අඳුර වැටිලා ඒ මදිවට පොද වැස්සකුත් පටන් අරං තිබුනේ.

    එයා වාහනේ නැවත්තුවාම මම එතනම තියන වැට අයිනට ගිහින් වැඩේ කරන කොට එයත් වාහනේ පිටිපස්ස පැත්තට ගිහිල්ලා බරෙන් නිදහස් වෙන්න යනවා කියලා මට තේරුනා. මේ අතරේ වාහනේ පාකින් ලයිට් දාලා තිබුන නිසා මට වැටේ හෙවනැල්ල පේනවා, ඒ විතරක් නොවෙයි හෙවනැල්ල ටික ටික පස්සට යනවාත් පේනවා . මේක දැකපු ගමන් මට කෑ ගැස්සුනා, අංකල් වාහනේ පල්ලමට යනවා, හෑන්ඩ් බ්‍රේක් ඇද්දේ නැද්ද කියලා.

    මම හෑන්ඩ් බ්‍රේක් ඇද්දා පුතා, ඒ උනාට මේක ටික ටික පහලට යනවා කියලා මිනිහා බාගෙට ගලවපු කලිසම පිටින් වාහනේ අල්ලාගෙන ඉන්නවා. මමත් පුළුවන් ඉක්මනට වැඩේ ඉවර කරලා ඇවිත් ඉන්න අන්කල් මං ගලක් අඩේට තියන්නම් කියලා ගලක් හෙව්වා.

    එයත් වැඩේ ඉවර කරලා ඇවිත්, පුතා, මට රෑට ඇස් පේනවා මදි, ඉතුරු ටික පුතාට එලවන්න පුලුවන්ද කියලා ඇහුවා. ඒ කාලේ මම වාහන එලවන්න හරිම ආසයි.(දැනටත් එහෙම තමයි) විශේෂයෙන් රෑට, මීදුම, වැස්ස අතරින් එලවන්න තවත් ආසයි. දැන් අපි පැය දෙකක් තිස්සේ ඇවිත් තියෙන්නේත් හැතැක්ම තිහක් තිස් පහක් විතර. තව ඒ වගේ දෙගුණයක් විතර යන්න තියනවා. මේ යන වේගෙන් ගියොත් එදා රෑටත් එළිවෙනකම මේ ගමන යන්න වෙන බව දන්නා නිසා මම කතාවක් නැතිවම ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.

    මෙච්චර වෙලා මොනවා කිව්වත්, "වාහන නිසා කාපු කටු" කියන එක ආරම්භ උනේ මෙතැනින්.

    වාහනේ ස්ටාර්ට් කලාට මෝටරේ වදින්නේ නැහැ. එතකොට අංකල් කිව්වා එයාට නම් කවදාවත් මෙහෙම වෙලා නැහැ, නමුත් එයාගේ බෑනා ලංකාවට ආපු වෙලාවේ (මෙයාට ඉන්නේ දුවලා දෙන්නෙක්, දෙන්නාම ඉන්නේ එංගලන්තේ) එයා කොහෙද ගියාම ඇන්ජිම ස්ටාර්ට් නොවුන කතාවක් කිව්ව නමුත් ඊට පස්සේ ඒක ඉබේම හරිගිය බව.

    අපි ඉන්නේ හොඳ පල්ලමක නිසා මම හිතා ගත්තා මේක පල්ලමට දාලා ස්ටාර්ට් කරගෙන නවත්තන්නේ නැතුව නුවරඑලියටම යනවා, කියලා. නමුත් ඒක කොච්චර වැරදි සිතුවිල්ලක්ද කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

    මම අඩේට තියාපු ගල් කෑල්ල ඇදලා දාලා වාහනේ ටික ටික පහලට යන්න ඇරලා ස්ටාර්ට් වෙන්න තරම් වේගයක් ආපුවාම ක්ලච් එක අත හරියාම වාහනේ ස්ටාර්ට් වෙනවා වෙනුවට පස්ස රෝද දෙකම පොද වැස්සට තෙමිච්ච පාරේ ලිස්සලා වාහනේ පැත්තට ඇදිලා ගියා. නමුත් ඒත් එක්කම වාහනේ ස්ටාර්ට් උනා. කලබලේට බ්රේක් ගැහුවාම පැඩල් එක අඩියටම ගියා. වාහනේ පල්ලමට පෙරලා ගන්නේ නැතිව පාර මැදට අරං ආයිත් පාරක් බ්රේක් ගහලා බැලුවා, කියන්නත් සන්තෝසයි, බ්‍රේක් පැඩල් එකක් තිබුනාට මේකේ බ්රේක් නැහැ. ඊට පස්සේ එහෙමම තියෙද්දී හැන්ඩ් බ්රේක් ඇදලා බැලුවා, හෑන්ඩ් බ්‍රේක් ලිවර් එකක් තිබුනාට හෑන්ඩ් බ්රේක් කියන්නෙත් අතීත කාලයේ තිබුන දෙයක් මිසක් වර්තමානයේ තියන දෙයක් නොවෙයි. ඒකනේ මෑන් හෑන්ඩ් බ්‍රේක් ඇදලා වාහනේ නවත්තපුවාම වාහනේ ටික ටික පල්ලමට ගියේ!

    ඇයි පුතා, මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මෑන් අහපුවාම මට හිතට ආවේ, ප්‍රශ්නයක් නොවෙයි අංකල් මේක ප්‍රශ්න පත්තරයක් කියලයි. ඒ උනාට මම එයාට කිව්වේ අංකල් මේකේ බ්‍රේක් වත්, හෑන්ඩ් බ්‍රේක් වත් නැහැනේ කියලයි. ''මට නම් එහෙම දෙයක් දැනුනේ නැහැ පුතා'' කියන එකයි එයාගේ උත්තර උනේ.පැයට කිලෝමීටර් පහක දහයක් වේගෙන් එලවනකොට බ්‍රේක් ඕනෑ වෙන්නේ නැහැ කියලා මම කියන්න ගියේ නැහැ. ඊළඟට වෙච්ච දේවල් ටිකක් අද රෑට දාන්නම්.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    .

    කතාව තව ටිකක් ලියන්නම්. මේ පෝස්ට් එක expand කරලා තමයි බලන්න වෙන්නේ.

    මෙච්චර අලකලංචියක් වෙලත්, බ්‍රේක් නැති වාහනයක් උනත්, යන්න තියෙන්නේ වැස්සේ, මීදුමේ, රාත්‍රී කාලයේ, ගිනිගත්හේන පාස් එක හරහා උනත් මම එතකොටත් ගණන් හැදුවේ කීයට නුවර එලියට යන්න පුළුවන් වේවිද කියලයි. මගේ එකල වයසේ (22/23 වගේ) හැටියට මම හොඳ රියදුරෙක් කියන විශ්වාසය (ඒක අධිතක්සේරුවක් කියලා තේරුනේ එදායි) මට තිබුනා. ඒ කාලේ වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු රදැල්ල ෂෝට් කට් එකෙන් යන එක අත හැරලා, ප්‍රධාන පාරෙන් ගියොත් පැය දෙකහමාරකින් විතර මාගස්තොටට(නුවරඑලියට කිව්වාට සැබවින්ම යා යුතු වූයේ ග්‍රෙගරි වැවෙන් එගොඩ තිබුන මාගස්තොට, බේකර්ස් ෆාම් එකටයි ) යන්න පුළුවන් කියලා හිතෙන් ගණන් හැදුවේ මේ වාහනයේ තියන ලෙඩේ බ්‍රේක් නැති එක විතරයි කියලා හිතලයි.

    වාහනය ස්ටාර්ට් කරගෙන, බ්‍රේක් නැති බවත් දැනගෙන ගමන පටන් ගන්නකොට මම හිතාගෙන හිටියේ මේ අංකල් ට වාහන එලවන්නේ මෙන්න මෙහෙමයි කියලා හිතෙන විදියට ටිකක් කලර්ස් පෙන්නලා එලවනවා කියලයි. මිනිහා ස්ටියරිං වීල් එක බදාගෙන එලෙව්වට මම බොහොම පහසුවට මේක එලවන්න පුළුවන් බව මිනිහාට පෙන්නන්න මට උවමනා උනා. නමුත් ඒ අදහස වෙනස් කරගන්න උනේ වාහනය ස්ටාර්ට් කර ගෙන පළමුවෙනි මීටර් කිහිපය එලවන කොටමයි. මේ අටමගලේ පාර පුරාම යනවා. පොද වැස්සට තෙමුණු පාරේ යාන්තම් 20kmph විතර වෙනකොටම කොන්ට්‍රෝල් නැති වෙනවා. ස්ටියරින් එක අත් දෙකෙන්ම බදලා අල්ලාගෙන වාහනේ පාරේ තියාගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා.

    මේ වෙනකොට මම මීටර් දෙසීයක්වත් දුර වාහනේ එළවලා නොතිබුනාට,මේ අංකල් එලවපු තරම්වත් වේගයකින් මට මේක එලවන්න බැරි බව හොඳින්ම තේරුනා. ටයර් ගෙවිලා වාහනය ලිස්සනවද, එහෙම නැත්නම් wheel alignment ප්‍රශ්නයක්ද එහෙම නැතිනම් මම (හිතෙන් )මේ අංකල් ව අවඥාවට ලක් කරපු එක පඩිසන් දීලා ඇතිවෙච්ච භූත දෝෂයක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්න අතරේ මම මේ වාහනේ කොහොම හරි පාරේ තියා ගන්න මුළු ඇඟේම තියන ජින්තු අත් දෙකට දීලා ෆුල් ට්‍රයි කරනවා.

    වාහන ගැන අන්දෝ සංසාරයක් නොදන්නා මේ මනුස්සයාගෙන් මේවා ගැන අහලා වැඩක් නැති උනත්, වාහනේ ටයර් ගෙවිලාද කියලා මම අහපු ප්‍රශ්නෙට එයා දුන්න උත්තරේ උනේ "අපෝ නැහැ පුතා, ටයර් ගෙවිලා නැහැ, මම ටයර් වලට හුලං ගහන්නෙත් 'අහවල්' ටයර් කඩෙන්. වෙන එකක් තියා මේකේ ස්ටියරින් එක කපන්න අමාරුයි කියලා කිව්වමත් එතන බාස් උන්නැහේ මට මොනවා හරි කරලා ස්ටියරින් එක අතට පහසු වෙන විදියට හදලා දුන්නා'' කියලා කිව්වා. මොකක් හෝ පෙර වාසනාවකට මට නිකමට හිතුනේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලනවා කියලයි. කිතුල්ගල ටවුමට කිට්ටුව පාරේ ලයිට් කණුවක් යට නවත්තලා ටයර් එකට ගල් ගෙඩියකින් තට්ටු කරලා බැලුවාම රබානකින් එන සද්දේ එනවා. ටයර් එක පොලවේ වදින තැන bulging ගතියක් පෙන්විය යුතු උනත් මේ වාහනේ ටයර් හතරම බැලුං බෝල වගේ පේනවා මිසක් කිසිම bulging පෙනුමක් නැහැ.

    මම එයාට කිව්වා අපි කිතුල්ගල ටවුමේ පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් මේකේ ටයර් ප්‍රෙෂර් එක පොඩ්ඩක් බලමු කියලා. මිනිහා ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.ටයර් කඩේ බාස් උන්නැහේ මේක වෙන කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා, ඕනෑම දෙකට එයා ලඟට අරං එන්න කිව්වාලු.

    මම පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිං බලනකොට ෂෙඩ් එක වහලා. ඒ මදිවට හුළං ගහන හෝස් එකත් ගලවලා. නමුත් එතනම තියන ටයර් කඩේක වහපු දොර ඇතුලෙන් එළියක් පේන නිසා මම ගිහිල්ලා දොරට තට්ටු කලාම ඒ මනුස්සයා දොර ඇරියා. හුලං ගහන්න එයා ලඟත් එයාර් කොම්ප්‍රෙසර් එකක් නැහැලු , එයා පාවිච්චි කරන්නෙත් පෙට්‍රල් ෂෙඩ් එකේ පොම්පේ කියලයි කිව්වේ්. මට හුලං ගහන්න ඕනෑ නැහැ, හුලං වැඩිද කියලා බලාගන්නයි ඕනෑ කියලා. මෑන්ට කිව්වා මේ ටයර් එකට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න, හුලං වැඩියි වගේ නේද කියලා. ටයර් එක්කම ජීවත් වෙන මේ මිනිහා ටයර් එකට තට්ටු කරපු ගමන් කිව්වා හුලං (ප්‍රෙෂර් එක) හොඳටම වැඩියි කියලා. එයා ළඟ කොම්ප්‍රෙෂර් එකක් නැති උනාට ප්‍රෙෂර් ගේජ් එකක් තිබිලා ප්‍රෙෂර් එක චෙක් කළා. ගාන රාත්තල් අසූවකටත් වැඩියි. අර අන්කල් කියාපු ටයර් කඩ කාරයා මේ ටයර් වලට බැලුම් පුම්බනවා වාගේ හුලන් ගහලා තමයි ස්ටියරින් එක පහසු කරලා දීලා තියෙන්නේ. දැන් මට ටිකක් හිතට සහනයක්. මේ ටයර් හතරේ හුළං අඩු කරලා සාමාන්‍ය ගානට ( 32-35psi අතර වගේ) හදා ගත්තානං මේ පාර පුරා දුවන ලෙඩේ අඩු වෙයි කියන එක මට විශ්වාසයි. ඒක ඒ විදියටම උනා. ඊට පස්සේ පාර පුරා දුවන ගතිය නැතිවෙලා, ස්ටියරින් එක හොඳ බරට අතට දැනෙන ගතියක් (මේවා muscle power steering වාහන නේ) ආවා. දැන් ඉතිං ප්‍රශ්න ඉවරයි කියලා හිතුවාට ඒක සිතුවිල්ලක් විතරයි.

    තව ටිකක් පස්සේ ටයිප් කරන්නම්.
    ------ Post added on Jan 14, 2021 at 9:23 PM
     
    Last edited:
    • Like
    Reactions: waparc

    අද නම් මේක ලියලා ඉවර කරනවා.

    මේ අංකල් අර ටයර් කඩේ මනුස්සයාට ටිකක් ලොකු කම පෙන්නුවා. ඒ මිනිහා මුලින්ම කඩෙන් එලියට ආවාම කසිප්පු ගුදමක් ආවා වගේ ප්‍රණීත සුවඳක් තිබුනා. ඒක මටත් හොඳටම තේරුනා. ඒ මිනිහා බීලා ඉන්නවා කියලත්, ඊට පස්සේ ටයර් ප්‍රෙෂර් එක මනින එක මට කරන්න කියලත් ඉංගිරිසියෙන් මට කිව්වා. නමුත් මම ඒ දෙකම ගණන් ගත්තේ නැතිව ඒ ටයර් කඩේ මිනිහත් එක්ක සුහදව කටයුතු කළා. ටයර් එකේ ප්‍රෙෂර් එක බලාපු ගමන් ඒ මිනිහා මගෙන් ඇහුවා මොන පxxද මහත්තයෝ මේකට හුලං ගැහුවේ කියලා. මේ දේවල් ඇහුනාම තමන් මහා ලොකුවට සලකන, අදහාගෙන ඉන්න මිකැනික්ලා තමන්ව අන්දවලා කියලා මේ අංකල්ට හිතෙන්න ඇති

    අපි එතනින් පිටත් වෙලා යනකොට අංකල් මට කියාපු දේවල් වලින් (වාහනේ උඩ විසිවෙන එකත් අඩු උනා නේද පුතා? කියලා එයා කිව්වා) ඒ බව තහවුරු උනත්, මිනිහාගේ යශෝරාවය නම් අඩුවක් උනේ නැහැ. කඳුකරයට ආවේනික පොද වැස්සේ අපි ඉදිරියට යනකොට තමයි ඊළඟ ප්‍රශ්නය මතු උනේ. මේකේ Low beam වැඩ කලාට High beam වැඩ කරන්නේ නැහැ. ඒ දක්වා මම හිටපු තත්වේ හැටියට හයි බීම් ලෝ බීම් හොයන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. මම එතකොට මගේ මුළු ශක්තියත්, අවධානයත් යොමු කරගෙන හිටියේ කොහොම හරි මේ ලඩිය පාරේ තියාගෙන යන එකටයි. ඒ ප්‍රශ්නේ යම් තරමකට විසඳිලා හිත නිදහස් උනාම තමයි ලයිට් ප්‍රශ්නය දැක්කේ. හයි බීම් වැඩ කරන්නේ නැහැ කියලා කියාපු ගමන්, එයාගේ බෑනා කොහෙටද ගියාම ඒ බව දැනගෙන පහුවදාම අළුත්ම හෙඩ් ලයිට් දෙකක් දම්මවාපු බවක් අන්කල් කිව්වා. එයාගේ බෑණා සුද්දා වගේ වැඩ කරන කෙනෙක් බවත්, පොඩි කාලේ ඉඳලාම වාහන පාවිච්චි කරලා පුරුදු වෙච්ච, වාහන ගැන හොඳට දන්නා කෙනෙක් බවත් කිව්වා.

    එතකොට මම කිව්වා, මේක ලයිට් වල ප්‍රශ්නයක් නොවෙයි, මේක ස්විච් එකේ ප්‍රශ්නයක්, High beam flash position එක වැඩ කරනවා, ඒ කියන්නේ ලයිට් වල වත්, රිලේ වල වත් ප්‍රශ්නයක් නොවෙයි, ඒ උනාට 'High beam on' position එක වැඩ කරන්නේ නැහැ. එතකොට මෑන් කියනවා, එයා කවදාවත් රෑට වාහනේ එළවලා නැති බවත්, අපි හිමිහිට පාර පේන හැටියට යමු කියලා.

    දැන් අපි, බ්‍රේකුත් නැතුව, හෑන්ඩ් බ්‍රේකුත් නැතිව ලයිටුත් හරියට නැතිව ගිනිගත්හේනත් පහු කලාම, වැස්ස හොඳටම වැඩි උනා. වයිපර් එකෙන් වීදුරුව පිහ දැමෙන්නේ බොහොම යාන්තමටයි. ඒක ගැනත් එයා කිව්වේ සර්විස් එකේදී අලුත්ම වයිපර් බ්ලේඩ් දෙකක් දාපු බවයි. එතකොට මම කිව්වා, ඒ උනාට මොකක් හරි වරදක් තියනවා, එක්කෝ වැරදි බ්ලේඩ් දෙකක්, එහෙම නැති නම් හයි කරලා තියනවා වැරදියි කියලයි.

    ඒ කොහොම උනත් වයිපර් එක උපරිම වේගෙට දාලා කොහොම හරි පාර හොයාගන්න උත්සාහ කරනකොට තමයි ලස්සනම වැඩේ උනේ. එක පාරටම වයිපර් ආර්ම් එක වීදුරුවේ ඇතිල්ලෙන සද්දෙත් එක්ක දකුණු පැත්තේ වයිපර් බ්ලේඩ් එක අන්තරස්ධාන උනා. ඒක හරියට ක්ලිප් කරලා තිබිලා නැහැ. අඩුම තරමින් ඒක ගැලවිලා විසි උනේ කොයි පැත්තටද කියලාවත් අපි දෙන්නාම දැක්කේ නැහැ. වම් පැත්තේ එක නම් කලින්ටත් වඩා වේගෙන් කිසි කිසි ගාලා වැඩ. මට පාර පේනවා තියා හෙඩ් ලයිට් වල එලිය වත් හරියට පේන්නේ නැහැ.

    මම අයින් කරලා නවත්තලා මෑන්ට කිව්වා මට නම් මෙහෙම යන්න බයයි, කොහේ යනවද කියලා පේන්නේ නැතුව යන්න බැහැ. වමේ බ්ලේඩ් එක හරි ගලවලා දකුණට දාගන්න තරමට වැස්ස පෑව්වොත් යමු, එහෙම නැතිනම් උදේ වෙනකං වාහනේට වෙලා ඉම්මු' කියලා. එයත් ඒකට කැමති උනා. ඊළඟ ප්‍රශ්නය මේක නවත්තන්නේ කොහෙද කියන එකයි. බැරි වෙලාවත් මේකේ ස්ටාර්ටර් මෝටරේ වැදුනේ නැත්නම් තල්ලුවක් හරි දාන්න පුළුවන් තැනක නවත්තන එක තමයි හොඳම දේ.

    කොච්චර අවාසනාවන්ත දේවල් උනත්, අපි වාහනේ නවත්තාගෙන ඉන්න කොට ඉදිරියෙන් ආපු වාහනයක එළියෙන් හරස් පාරක (තේ වත්තක ගේට්ටුවෙන් ඇතුලේ ) තියන දළු මඩුවක් දැකපු ගමන් මට හිතුනේ ඒක ඇතුලට දා ගත්තා නම් වමේ වයිපර් බ්ලේඩ් එක දකුණට දාගන්න පුළුවන් නේද කියලයි. අංකලුත් ඒකට කැමති උනා.

    වැස්සේම බොහොම හෙමිහිට අපි ඒ වත්තේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මඩුව ඇතුලට වාහනේ දාලා ඇන්ජිම දුවන්න ඇරලා, රෝද වලට අඩ තියලා කොහොම හරි වමේ වයිපර් බ්ලේඩ් එක දකුණට දැම්මා. අන්කල් ගාව හොඳ ටෝච් එකක්, විතරක් නොවෙයි, මම ඒ කාලේ සිහින මව මවා හිටපු, බ්‍රවුන්ස්ලා ඉම්පෝර්ට් කරන Neill ටූල් සෙට් එකකුත් (බෑනා ගෙනත් දීපු) තිබුනා. නමුත් ප්‍රශ්නය උනේ ආර්ම් එකට බ්ලේඩ් එක ලොක් වෙන්නේ නැති එකයි. සර්විස් එකේ එකා ආර්ම් ඒකේ ලොක් එක කඩලා තමයි පරණ බ්ලේඩ් එක ගලවලා තියෙන්නේ. ඊට පස්සේ අලුත් බ්ලේඩ් එක නිකම්ම රිංගවලා බාගෙට ගැලවිච්ච දතක් වගේ ඔහේ තියෙන්න ඇරලා.

    ඊට පස්සේ වමේ ආර්ම් එකත් ගලවලා දකුණට දාලා බ්ලේඩ් එකත් හයිකරගෙන, එතනම ඉඳලා අන්කල් ගෙනාපු සැන්ඩ්විච් වගේකුත් කාලා පිටත් වෙන්න හදනකොට මෑන් මගෙන් අහනවා "සමන් දෙවියන්ට" බාරයක් වෙන්නද කියලා.

    මිනිහා කොච්චර බය වෙලාද කියන එක මට තේරුනේ එතකොටයි.

    අපි හිමිහිට රදැල්ල ෂෝට් කට් එකෙන්ම ගියා. වැස්සත් පෑව්වා, රෑ 12 වගේ වෙනකොට ඒ කාපු කට්ට ඉවර කරගෙන නුවර එලියට ගියා.

    මම මුලින්ම කිව්වානේ මේ අංකල්ට කරවනැල්ලේ දී පාර වැරදුනාම, මම කියාපු එක තැනකින්වත් හරවන්නේ නැතිව ඉස්සරහටම ගිහිල්ලා, කැලේ කඩාගෙන යූ ටර්න් එකක් ගහපු හේතුව අන්තිමට කියන්නම් කියලා.

    එයාගේ ගෙදරට යන අතුරු පාරයි, ගේට්ටුවයි, ගරාජ් එකේ දොරයි, මල් පාත්තියි ඔක්කොම පිහිටලා තියෙන්නේ වාහනය වත්ත ඇතුලට දාලා, ගරාජ් එකට රිවස් කරන්න පුළුවන් වෙන විදියට මිසක්, වාහනය කෙලින්ම ගරාජ් එකට දාලා(ආපහු කොහේ හෝ යන කොට) පාරට රිවස් කරන්න පුළුවන් විදියට නොවෙයි. එහෙම කරන්න බැරි කමක් නැහැ, නමුත් පළපුරුදු කෙනෙකුට උනත් ඒක ටිකක් කරදර වැඩක්. ඉතින් මේ නිසා මේ කට්ට සම්පුර්ණයෙන්ම වළඳලා ඉවර වෙලා එයාගේ ගෙදරට ගියාම මම වාහනේ ගැරේජ් එකට රිවස් කරලා දාන්න පුළුවන් විදියට මිදුලේ මල් පාත්ති ලඟින්ම නැවැත්තුවා. ගැරේජ් එකේ දොර අරින්නත් හොඳට ඉඩ තියලා වාහනේ එතනම දාලා මම ගෙදර ආවේ ගැරේජ් එක අස් කරලා නැහැයි කියාපු නිසායි. මෑන් මට භාෂා දෙකෙන්ම ටොන් එකක් විතර ස්තුති කළා.

    මම කොහොම හරි තාත්තවත් අවදි කරවාගෙන ගෙට ගිහිල්ලා නිදා ගත්තා. පහුවදා උදේ මට ඇහැරෙන කොට හොඳටම එලි වෙලා. මට ඇහැරුනේ වාහනයක් මහා හයියෙන් රේස් කරන සද්දෙටයි, මිනිස්සු තුන් හතර දෙනෙක් හයියෙන් හයියෙන් කතා කරන, කෑගහන සද්දෙටයි. කුස්සිය පැත්තට ගිහින් තාත්තා මට හදල තිබුන තේ එකත් අරන් කුස්සියෙන්ම එලියට බැස්සාම මේ සද්ද බද්ද එන්නේ ඉස්සරහ ගෙදරින්(අන්කල් ගේ ගෙදර) කියලත්, අපේ තාත්තාත්, ගෙදර වැඩ කරන මේසෙන් බාසුත්, එයාට අත් උදව්වට ආපු දෙමල මනුස්සයාත් (එයා නුවර එලිය municipal එකේ වැඩ කරලා විශ්‍රාම ගිය උද්‍යාන කම්කරුවෙක්. එයා තමයි මේ අහල පහල හැම ගෙදරකම මල් වවලා ජීවත් වෙන්න ගතමනාවක් හොයා ගන්නේ.) වාහනයට වටවෙලා ඉන්න අතර අංකල් මාතලී ටයිප් එකට ඩ්‍රයිවින් සීට් එකේ.

    අර දෙමළ මනුස්සයා දෙමලෙන් දෙයියන්ට යාඥා කරනවා වගේ ආඬවනේ, ශාමී, මුරුගා කියා කියා දෙමලෙන් ලතෝනි දෙනවා.මිනිහා ලස්සනට හදලා තිබුන එවලාස්ට් මල්පාත්ති අළුත හාපු කුඹුරක් වගේ හෑරිලා. මේසෙන් බාස් උන්නැහේත් සිංහලෙන් එක එක දේවල් කියනවා. අපේ තාත්තාත් ඉංගිරිසියෙන් දීර්ඝ පැහැදිලි කිරීම් කරනවා. අන්තිමට හැමෝගෙම කතාව ඉවර උනාම තමයි මම මගේ ජීවිත කාලේදී රියදුරෙකුගෙන් අහපු හොඳම උදාන වාක්‍යය ඇහුවේ.

    I am perfectly clear what you are saying Mr Perera, but the issue here is,

    I DONNO HOW TO REVERSE
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් ටික දවසකට උඩදි පොඩි කටුවක් කෑව.
    ඇත්තටම කියුවොත් කටුවකුත් නෙමෙයි. ලෙඩේ හොයාගන්න බැරුව වටේ ගිය නිසා කටුවක් බවට පරිවර්ථනය වුණා.

    වාහනේ a/c බ්ලෝවරේ වැඩ නැතුව ගිය එක තමයි ලෙඩේ.

    ඔන්න ඉතිං, පිලිවෙලට ෆියුස් බොක්ස් එක, රිලේ සෙට් එක එහෙම චෙක් කරල අවුලක් නැති නිසා ග්ලවු බොක්ස් එකයි කවර් එකයි ගලවල බ්ලෝවරේ ලඟට ආව.

    බ්ලෝවරේ ගලවල ඩිරෙක්ට් දුන්නම වැඩ.
    ටෙස් ලෑම්ප් එකෙන් චෙක් කරාම සප්ලයි එකත් එනව. ක්ලිප් කරාම මෝටරේ වැඩ නෑ..

    කොහොම හරි අතපත ගාල රෑ තිස්සෙ හොයන කොට ලෙඩේ අහුවුනා.
    "blower speed control module" එකේ ක්ලිප් එකේ ලූස් කනෙන්ෂන් එකක් හින්ද තමයි අවුල එන්නෙ.

    ඒත් ඒකට අදාල පිළියම් යෙදුවට ලෙඩේ හරිගියේ නෑ.
    හිටි ගමන් වැඩ. හිටි ගමන් වැඩ නෑ.
    අන්තිමට මොඩියුල් එකත් ගලවල හීට් සින්ක් එකත් ගලවල බැලුවම තමයි ලෙඩේ අහුවුනේ රත්වෙනකොට ඇතුලෙ ක්ලිප් වල ඊයම් උණුවෙලා ක්ලිප් බුරුල් වෙලා.
    ටෙස් ලෑම්ප් එකට වඩා ලොකු පවර් එකක් බ්ලෝවරේට ඕනෙ හින්ද ලූස් තැනින් ස්පාක් වෙලා කනෙක්ශන් නැතිවෙනව.

    ඊීයම් පාත් ටික පාස්සල දැම්මම හරිගියා. ලෙඩේ හොයාගන්න රෑ 11 විතර වෙනකල් දඟලන්න උනා.

    මේ තියෙන්නෙ මොඩියුල් එක. අධිකව රත්වෙන නිසා, හීට් සින්ක් එක බ්ලෝවරෙන් එන හුලං පාරින් සිසිල් වෙන්න තමයි හදල තියෙන්නෙ.
    Screenshot_2021_0224_092703.jpg
    Screenshot_2021_0224_092744.jpg

    වාහනේ ෆියුස් ඩයග්‍රම් එක ජපං වලින් තියෙන්නෙ. ඒක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරල පොඩි නෝට් බුක් එකක ලියල වාහනේ ග්ලවු බොක්ස් එකේ දාල තියෙන්නෙ.
    නැත්තං අවුලක් ආවොත් ෆියුස් සේරම ඇදල බලන්න වෙනව.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Ahhh

    View attachment 114307View attachment 114308

    වාහනේ ෆියුස් ඩයග්‍රම් එක ජපං වලින් තියෙන්නෙ. ඒක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරල පොඩි නෝට් බුක් එකක ලියල වාහනේ ග්ලවු බොක්ස් එකේ දාල තියෙන්නෙ.
    නැත්තං අවුලක් ආවොත් ෆියුස් සේරම ඇදල බලන්න වෙනව.
    oya Module ekamai Mage Vitara eketh enne. Mageth ekaparak awul giya.. baladdi Blower relay eke clips tika. Fuse module eka mas karala pins tika lan kara haduwa wade goda. Oka karana gaman Blower motor ekath galawala sudfa karala die electric grease tikak dala hi karanna. Carbon badila chora wela thiyennne godak welawata.
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ahhh

    oya Module ekamai Mage Vitara eketh enne. Mageth ekaparak awul giya.. baladdi Blower relay eke clips tika. Fue module eka mas karala pins tika lan kara haduwa wade goda. Oka karana gaman Blower motor ekath galawala sudfa karala die electric grease tikak dala hi karanna. Carbon badila chora wela thiyennne godak welawata.
    👍 👍 👍
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැන් ටික දවසකට උඩදි පොඩි කටුවක් කෑව.
    ඇත්තටම කියුවොත් කටුවකුත් නෙමෙයි. ලෙඩේ හොයාගන්න බැරුව වටේ ගිය නිසා කටුවක් බවට පරිවර්ථනය වුණා.

    වාහනේ a/c බ්ලෝවරේ වැඩ නැතුව ගිය එක තමයි ලෙඩේ.

    ඔන්න ඉතිං, පිලිවෙලට ෆියුස් බොක්ස් එක, රිලේ සෙට් එක එහෙම චෙක් කරල අවුලක් නැති නිසා ග්ලවු බොක්ස් එකයි කවර් එකයි ගලවල බ්ලෝවරේ ලඟට ආව.

    බ්ලෝවරේ ගලවල ඩිරෙක්ට් දුන්නම වැඩ.
    ටෙස් ලෑම්ප් එකෙන් චෙක් කරාම සප්ලයි එකත් එනව. ක්ලිප් කරාම මෝටරේ වැඩ නෑ..

    කොහොම හරි අතපත ගාල රෑ තිස්සෙ හොයන කොට ලෙඩේ අහුවුනා.
    "blower speed control module" එකේ ක්ලිප් එකේ ලූස් කනෙන්ෂන් එකක් හින්ද තමයි අවුල එන්නෙ.

    ඒත් ඒකට අදාල පිළියම් යෙදුවට ලෙඩේ හරිගියේ නෑ.
    හිටි ගමන් වැඩ. හිටි ගමන් වැඩ නෑ.
    අන්තිමට මොඩියුල් එකත් ගලවල හීට් සින්ක් එකත් ගලවල බැලුවම තමයි ලෙඩේ අහුවුනේ රත්වෙනකොට ඇතුලෙ ක්ලිප් වල ඊයම් උණුවෙලා ක්ලිප් බුරුල් වෙලා.
    ටෙස් ලෑම්ප් එකට වඩා ලොකු පවර් එකක් බ්ලෝවරේට ඕනෙ හින්ද ලූස් තැනින් ස්පාක් වෙලා කනෙක්ශන් නැතිවෙනව.

    ඊීයම් පාත් ටික පාස්සල දැම්මම හරිගියා. ලෙඩේ හොයාගන්න රෑ 11 විතර වෙනකල් දඟලන්න උනා.

    මේ තියෙන්නෙ මොඩියුල් එක. අධිකව රත්වෙන නිසා, හීට් සින්ක් එක බ්ලෝවරෙන් එන හුලං පාරින් සිසිල් වෙන්න තමයි හදල තියෙන්නෙ.
    View attachment 114307View attachment 114308

    වාහනේ ෆියුස් ඩයග්‍රම් එක ජපං වලින් තියෙන්නෙ. ඒක ඉංග්ලිශ් වලට ට්‍රාන්ස්ලේට් කරල පොඩි නෝට් බුක් එකක ලියල වාහනේ ග්ලවු බොක්ස් එකේ දාල තියෙන්නෙ.
    නැත්තං අවුලක් ආවොත් ෆියුස් සේරම ඇදල බලන්න වෙනව.
    owa deka thunak hadala tiyenawa. samahara ewage thermal fuse eka yanawa samahara ewage MOSFET eka yanawa.
     
    • Wow
    Reactions: PHBhagya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mosfet කියන්නෙ මොඩියුලරේ ඇතුලෙ හීට් සින්ක් එක සෙට් වෙලා තියෙන එකද?
    Ow. NEC ekak neda enne?

    1614146569270-png.114323

    2SK2500 godak welawata enne. oka hoyaganna amarui mehe. gelapena ewa tiyenawa. one unoth kiyapan
     
    Attachments

    • 1614146569270.png
      1614146569270.png
      49.3 KB · Views: 318
    • 1614146569301.png
      1614146569301.png
      49.3 KB · Views: 67
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ow. NEC ekak neda enne?

    1614146569270-png.114323

    2SK2500 godak welawata enne. oka hoyaganna amarui mehe. gelapena ewa tiyenawa. one unoth kiyapan
    ඔවු මචෝ.. මේක තමා. මගේ ඉලෙක්ට්‍රොනික් දැනුම සෘණ.
    අනිවා ඕනෙවුනොත් කියන්නම්.

    👍 👍 👍
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ada malli kenek ge car ekak awa wiring harness ekama ballo kala wage. Brake paganna accelerator eka paganna ba pegenne wires.

    Steel mate security ekak set karala tibba. A set karala tibba widihata horu issuwa nam hodai kiyala hithenawa nettam gini aran nawatinne :lol:

    galawala wisik kara.

    WhatsApp Image 2021-03-07 at 11.17.59 AM.jpeg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Ada malli kenek ge car ekak awa wiring harness ekama ballo kala wage. Brake paganna accelerator eka paganna ba pegenne wires.

    Steel mate security ekak set karala tibba. A set karala tibba widihata horu issuwa nam hodai kiyala hithenawa nettam gini aran nawatinne :lol:

    galawala wisik kara.

    View attachment 115589
    Oka matath una, Vios eka thibba kale. Oka galawala wisik karala Wires tika ayeth heatshrink damma kapapu than walata.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Enawa. Ekata steering column switche eka one rs12000i. Sub harnesses dekak one relay ekath ekka.

    me modification eka karala tiyenne aftermarket harness, switch walata. Original fuses ehema use wenna. Fuse 6 = oem fog lamp

    Mazda 3 ekakata USB charging port ekak hai karaganna puluwanda dashboard eke steering wheel ekata dakunu patten?