වාහන හින්ද කාපු කටු ...3

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kohuwala patan ganna thenama tiyenawa car sale ekak, ethanta kawadawath wahanayak denna epa wikunanne, wikunuwata passe oyata mudala apahu labenne masa 6kata passe, eka nisa parissamin, egollanta hugak deshapalana sambandatha tiyenawa, obage vahane mudal tika egollange buisiness ekata yodawala roll karala oyata gewai.

    denata Ikman eke A3 ekak tiyenawa modify karapu ekak lassanai car eka, accident ekaka wela tiyenawa kiala dannewath nehe, mechanic kenek genichcha man kiwwa vahane hodai lu, mage yaluwek insurance companies wala investigation ekak karama car eka condemn welalu 2019 di, ekianne condemn wuna wahanayak hadala tiyenne, oka itin gatthuden ehenan ne.

    CLA200k tibba brand new(2020), mileage eka 200KM, laksha 118, car eke mokut pennae tibbe nehe, car eka demma check karanna, bumper eke rivert eka galawalu, hari kamak nehe kiyamuko, bumper eke eka eka pathi wala brush strokes tiyenawalu, mage yaluwatama kiwwa oya check karala one nan ganne, apita nam sure nehe kiala.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    ඔහොම ජරා විදිහට හැමදාම බිස්නස් කරන්න බෑ. ටික දවසයි.
    දැනුවත් කලාට තෑන්ස් මචෝ.
     
    • Like
    Reactions: D_Mad

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔහොම ජරා විදිහට හැමදාම බිස්නස් කරන්න බෑ. ටික දවසයි.
    දැනුවත් කලාට තෑන්ස් මචෝ.

    mama kiwwa kohuwala car sale eka avrudu 35k paranai.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ පෙරේදාවක සැර කට්ටක් වැළඳුවා කියහන්කෝ.. කාලෙකින් මේකට මුකුත් ලිව්වේ නැති නිසා ඔන්න තොරණේ විස්තරේ මෙහෙමයි..

    මං වාහන මොඩල් තුනක් මෙහෙදී පාවිච්චි කරානේ. ඇසන් කොටේ යාලුවෙකුට සින්නකරවම නිකං දුන්නයින් පස්සේ මං ගාව ඉතුරු උනේ NV 200 එකයි කැම්රියයි විතරයි. කැම්රිය පැදෙන්නේ බොහොම කලාතුරකින්. NV200 එක ඉතින් කලිසමයි පුකයි වගේ ජීවිතේටම බද්ධවෙලා. මාසෙට කිලෝමීටර් පන්දාහක් ශුවර්ම තමයි. ඒ නිසා වෙලක්වට කලාවට ඔයිල් මරු කිරිල්ල කරන්නම වෙනවනේ..

    ඕන් මං යනවා සති දෙකකට උඩදී එන්ජින් ඔයිල් මාරු කරගෙන එන්න. වෙනදට ඩීලර් ගාවට ගිහිල්ල ඔයිල් මාරු කරාට මීට මාස කීපයකට උඩදී මට වැටහුනා මුන් ෆුල් සින්තටික් ඔයිල් දාන්න කිව්වම ෆුල් සින්තටික් ඔයිල් වලට ගාන අරගෙන දාන්නේ රේගියුලර් කොන්වේන්ෂන් ඔයිල් කියල. ඒ නිසා මං ඩීලර් ලඟට යන එක නවත්තලා jiffe lube කියන කොම්පැනිය එක්ක සෙට් උනා.

    වන එක ඔයිල් චේන්ජ් එකට දාලා වැඩේ ඉවර උන් පස්සේ මේන් මුන් කලබලෙන් එහෙ දුවනවා මෙහේ දුවනවා ඉවරයක් නෑ. මං ලංවෙලා බැලුවාම වාහනේ ස්ටාර්ට් නෑ. බැලින්නම් යතුර කැරකෙන්නේ නෑ. යස අගේට ගෙදරින් එද්දී ස්ටාර්ට් කරන ආපු වාහනේ යතුර කැරකෙන්නේ නැති නිසා මුන් වටවෙලා යතුර කඩන්න හදනවා. තෙල් මාරුකරන එකේ මැනේජර් කාරයා මා ගාවට ඇවිල්ලා කියනවා වාහනේ මොකක් හරි ලෙඩක් තියෙන්න ඇතිලු.. වාහන කැඩෙන්නේ කොයි වේලාවේද කියල කියන්න බැරිලු වගේ ලෙඩේ මගේ ඇඟේ පටවන කතා කෝටියයි.. මු එන පොට හොඳ නැති නිසා මං කිව්වා මං ගෙදරින් එද්දී වෑන් එක තල්ලු කරගෙන ආවේ නැති නිසාත්, ඔයිල් චේන්ජ් බේ එකට දැම්මේ උඹලාගේ ඩ්‍රයිවර් නිසාත්, මට ගෙදර යන්න වාහනේ ස්ටාර්ට් කරලා දීපල්ලා කියල.. ඕන් ඌත් ඔලුව වන වනා ගිහින් ආයෙම වෑන් එක වැටේ කැරකෙනවා. බැරිම තැන මං කිව්වා උඹලාගේ ඔයිල් මාරු කරන එවුන් යතුර කඩල දාන්න කලින් මගේ වාහනේ ඩිලර් ගාවට ටෝ කරපිය කියල.

    ඒ අතරේ මං යාලුවෙකුට කියල මගේ කාර් එක ගෙන්නගත්තා එතැනට. මොකද කියනවනම් කාර් එකේ යතුර එක්ක වෑන් එකේ ඩුප්ලිකේට් එකක් තිබ්බා හැබැයි එකෙන් ස්ටාර්ට් කරන්න බෑ කියලා මම දන්නවා. ඒ යතුර ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බේ නෑ. හදිසියෙ ලොක් උනොත් ඇරගන්න කියල කපලා තිබ්බ යතුරක්. ටෝ ට්‍රක් එක එන්න පරක්කු වෙන නිසා මම කෝකටත් අර යතුර දාල කරකවලා බැලුවාම ඩෑෂ් එක ඔන් වෙනවා. ප්‍රෝග්‍රෑම් කරලා නැති නිසා ස්ටාර්ට් කරන්න බෑ. යතුර කෑවේ උන් නිසා උබලා වාහනේ හදලා දියව් කියල මම එතනින් මාරුවුණා යාළුවා එක්ක.

    ඕන් පැයකින් විතර පස්සේ මට කෝල් එකක් එනවා ඩීලර්ගෙන්.. වාහනේ ගෙනාවලු, දැන් ඩයග්නෝස් කරන්න බැයිලු, සදුදා වෙනකල් ඉන්න වෙනවලු, බ්ලා බ්ලා බ්ලා දාහක් බැරි අමාරුකම් ගොඩයි. දවස සෙනසුරාද වෙච්චි සඳුදා බලලා අඟහරුවාදා හදලා එනකොට බැරියයි. එතකොට මම වැඩට යන්නේ මොකේද? කාර් එකේ ගියත් මගේ ටූල්ස් ඔක්කොම කාර් එකේ පටවනවා සුම්ම.

    මං කිව්වා උඹලාගේ ඩයග්නෝස් ගහගනිල්ලා පුපේ... මම ඔය එවලා තියෙන අනික් යතුර ප්‍රෝග්‍රෑම් කරලා දියව් කියලා මට වාහනේ අරං යන්න. සර්විස් ඇද්වයිසර්ගේ ඇඟ පුර මොලේ.. ඌ වාහන එන්ජිම ලෝකෙට හොයාගත්තු එකාටත් වඩා දන්නා එකෙක්.. ඌ කියනව උඹ කොහොමද එහෙම කියන්නේ උමබ් කොහොමද අපිට වඩා දන්නේ අපි නිසාන් ඩීලර් නිසා අපිට තරම් දැනුමක් උඹට නෑ.. ඒ අතරේ ඌ කියනවා උඹ ඔයිල් මාරු කරන්න අපි ලඟට එන්නේ නැතුව වෙන තැනකට ගියානම් උඹට මේක අපි හදල දෙනකල් ඉන්න වෙනවා වගේ ලොරි ටෝක්ස් ලක්ස ගණනින්.. ඉවසලා බැරිම තැන මං කිව්වා මම ඔතනට පැය භාගෙන් එනවා. ඇවිත් පෙන්නනම් කියලා වාහනේ ස්ටාර්ට් කරන්නේ කොහොමද කියල.. ඔරිජිනල් යතුර කාපු එකාගේ ප්‍රශ්නේ පැත්තක තිබ්බාම, වාහනේ රෑට ඩීලර් ළඟ නොතිය ගෙදර අරං යන එක වැඩ වැදගත්. නැත්තම් එළිවෙද්දී මගේ ටූල්ස් ටිකෙන් එකක් දෙක මිසින් වෙනවා අනිවා.. ඌ කියනව උඹ ඔච්චර දන්නා මිනිහෙක් නම් ඇයි වාහනේ මෙහේ ගෙනාවේ උඹටම හදාගන්න තිබ්බනේ කියලත්. මං කිව්වා යකෝ යතුර ප්‍රෝග්‍රෑම් කරන වැඩේ කරන්න පුළුවන් තොපිට විතරයි ඒ නිසයි මං ඕක තොපිට එව්වේ කියල. ඊට කලින් ඔකුන්ගෙන් එලයින්මට් තියලත් වැඩේ හරියට කරේ නෑ කියලත් මං කොම්ප්ලේන් කරා..

    පැය භාගෙකට පස්සේ මං එතනට ගිහින් සර්විස් ඇද්වයිසර් කොලු පැන්චාට පෙන්නලා දුන්න ඔරිජිනල් යතුර කැරකෙන්නේ නැති වගත්, ඩුප්ලිකේට් එක කැරකෙනවා, ඩෑෂ් ඔන් වෙනවා ස්ටාර්ට් කරන්න ප්‍රෝග්‍රෑම් කරන්න ඕන කියල. ඕන් ඒ ගමන මං කිව්වා එක පිලි අරං යතුර ප්‍රෝග්‍රෑම් කරලා ගත්ත පැයකට පස්සේ. කිසිම ප්‍රශ්නයක් නෑ වෑන් එක ස්ටාර්ට්.. හැබැයි වාහනේ තියෙන්නේ වොරන්ටි එකේ නිසා සිකුරාදා ගෙනත් දාලා උදී දාල හවස් වෙද්දී අලුත් යතුරක් නොමිලේ ලබාදෙන පොරොන්දුව පිට මා ගෙදර අවා.. යතුර ප්‍රෝග්‍රෑම් කිරිල්ලට බිල ඩොලර් එකසිය අසුවයි..

    ඊළඟ සිකුරාදා උදේම වාහනේ දාල අත්‍යවශ්‍ය ටූල්ස් ටික කාර් එක දාගෙන දවස කාර් එකෙන් ජොබ් එක කරා. හවස ගියාම මෙන්න අලුත් යතුරක් කපලා.. ෆ්‍රී එලයින්මන්ට් එක කරලා.. මාට දාහක් සැලකිලි.. මොකද ඌ දන්නවා මදර් කොම්පැනි එකෙන් සර්විස් එක ගැන අහලා මට ඊමේල් එකක් ඒමට නියමිත නිසා හොඳ රේටින් එකක් තමා ඒ ඉලන්නේ.

    ඒ තත්වෙන් වාහනේ දිව්වේ සතියයි.. ගිය සඳුදා ආයෙම යතුර හිරවුනා කියහන්කෝ.. ඔව් ඔව් අර අලුතෙන් ලැබුන ඔරිජිනල් යතුර.. වාසනාව කියන්නේ යතුර හිරවුණේ එළියේ තියෙද්දී නෙවෙයි ඇතුලේ තියෙද්දී. එන්ජිම ඕෆ් කරන්න පුළුවන් යතුර ගන්න බෑ.. ශිෆ්ට් ලොක් එක එන්ගේජ් වෙන්නෙත් නෑ. තවදුරටත් උන් ළඟටම ගිහින් වැඩකට නැති නිසා වෙනත් ඩීලර්ෂිප් එකකට වාහනේ අරං ගියා. කලින් මා ගාව තිබ්බ NV 200 දෙකක් එතනින් තමයි සර්විස් කලේ.. උන් මාව දන්නවා උනාට මට එතන දුර වැඩියි. ඒත් දුර බලන්නේ නැතුව එතනට ගිහින් දැම්මාම මෙන්න බොලේ යතුර වැඩ කරනවා. සර්විස් ඇද්වයිසර් කාරයයි, ටෙක්නිශියන් කාරයයි දෙන්නම කියනව ලෙඩක් නෑලු.. එතකොට මං ඇහුව මම වාහනේ අරං ආවේ පිස්සුවට ක්යලද උඹලා හිතන්නේ කියල. ඔන් ඊට පස්සේ සර්විස් අද්වයිස්ර් කාරයා මගෙන් ඇහුව මොකද දැන් කරන්න ඕන කියල. මං කිව්වා වාහනේ මට අත්‍යවශ්‍යයි.. ඒත් දුර පලාතකඩි වාහනේ යතුර හිරවුනොත් පටවන් එන්නම ඩොලර් හාර පංසීයක් යන නිසා මම කියන තැන් ටික ගලවලා බලහන් කියල. එකට උන් එකඟ උනා. කී බැරල් එකයි, ශිෆ්ටර් කේබල් එකයි, ශිෆ්ටර් එකෙන් කී බැරල් එකට එන කේබල් එකයි චෙක් කරපන් කියල මං කියලා වාහනේ දාල මං ගෙදර ආව.

    පහුවදා කාර් එකෙන් වැඩ. දවල් වෙද්දී කෝල් එක ආව බැරල් එකේ අවුලක් තිබේ පුතී කියල.. වාහනේ වොරන්ටි එකේ තියෙන නිසා රෙපෙයාර් එක ෆ්‍රී.. ඒත් පාර්ට්ස් ඕඩර් කරලා හදල දෙන්න තව දවසක් ඉල්ලුව කියහන්කෝ. රෙන්ට් අ කාර් එකක් ෆ්‍රී ලැබෙනවා උනාට දවසක් දුවන්න ඒක ගෙන්න යනවට වැඩ ලාභයි කාර් එක දුවන එක. යන්න යන්නයි එන්නයි වාහනේ ගන්න ඩොකියුමන්ට් පුරවන්නයි පැය දෙකක් යන නිසා රෙන්ට් අ කාර් එක එපා කියලා මගේ කාර් එකම දිව්වා දවස් දෙක. NV 200 එකට සතියට තෙල් ගහන්නේ ෆුල් ටෑන්ක් එකයි. කැම්රිය දවස් දෙකක් දුවන්න ෆුල් ටෑන්ක් එකයි හෙවත් ලීටර් 57යි..

    දවස් දෙකක් අවසානයේ වෑන් එකේ ඉග්නිෂන් කී බැරල් එක අලුතෙන් රීප්ලේස් උනා.. දොරවල් පහේම කීස් අලුතෙන් රීප්ලේස් උනා. ප්‍රෝග්‍රෑම් කරපු අලුත්ම අලුත් ඔරිජිනල් නිසාන් යතුරු දෙකක් ලැබුන. කලින් ඩීලර් කරපු එලයින්මන්ට් එක අලුතෙන් කරලා එකට ඩොලර් එකසිය විස්සක් ගෙවන්න උනා. එක රෝදයක් අංශක පහළොවක් එළියේ තිබ්බේ. මාස තුනක් විතර ලාවට දකුණට අදින ගතිය එක්ක දුවපු කරදරෙත් ඉවර උනා.. කලින් ඩීලර් ගැන අහලා නිසාන් කොම්පැනියෙන් එවපු සර්වේ එකට ලිව්වා දොම්බෙන් යන්න.. ඔක්කොම රේටින්ග්ස් වන් අවුට් ඕෆ් ටෙන් තමයි..

    ඔරිජිනල් යතුර කාපු ඔයිල් චේන්ජ් එකේ එවුන්ට යතුර ප්‍රෝග්‍රෑම් කරපු බිල යැව්වා.. උන් කිව්වා ඔයිල් චේන්ජ් දෙකක් ෆ්‍රී දෙන්නම් කියල. ඒක ලිකිතව අරගෙන එන්න තාම ඒ පැත්තට යන්න බැරිවුණා.. ඕන් ඔහොමයි ඒ කට්ට ඉවරවුනේ. අතින් ගානක් කෙලවුනා.. රස්තියාදු වෙන්න සිද්දවුනා.. දෙවැනි තැනදීත් උන් කියපුදේ අහලා හැරිලා ආවනම් ආයෙමත් කට්ටක් කන්න වෙනවා අනිවා. ෆීල්ඩ් සර්විස් ටෙක් ජොබ් එකක් කාර් එකකින් කරන එක පට්ට අමාරුයි මචංලා.. එකට පුරුදු වාහනේම තියෙන්න ඕන. ඩිකිය ඇරගෙන ටූල්ස් හොයන්න ගියාම ජීවිතේ එපා වෙනවා. ටුල් බෑග් එක ඩිකියෙන් උස්සලා අරං හවස් වෙද්දී කොන්ද කැඩෙනවා. ඒ එක්කම ශේප් එකේ ගස් හෙවනක ගහගෙන ඇලර්ට් එකක් දාන්නත් බෑ වටේටම පේනවනේ බන්. NV 200 එකේ වටේටම තහඩු නිසාත්, විදුරු ටින්ටට් නිසාත්, වින්ඩ්ස්ක්‍රින් එකට ෆොයිල් රිෆ්ලෙක්ටර් එක ගහලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා වාහනේ ස්ටාර්ට් කරගත්තම ඇතුල ෆ්‍රිසර් එකක් ගානට කූල් වෙනවා. මේ දවස්වල එළියේ රස්නේ සෙල්සියල් 40-50 අතරේ තියෙන නිසා සීතල ඉතාමත් වැදගත්. දැන් කියහන්කෝ හෑන්ඩ් බ්‍රේක් අදින්නේ බයටද කියලා.. නෑ බන් නෑ... NV200 එක ස්ටාර්ට් කරාම ඉස්සරහ රනින් ලයිට් දෙක ඔටෝම පත්තු වෙනවා. ඒක නිසන්න නම් හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ස්ටාර්ට් කලයුතුයි. එතකොට වාහනේ ස්ටාර්ට් එකේ තියෙනවා කියලා කාටවත් පෙන්නේ නෑ.. ඉස්සරහ වීදුරුව ෆොයිල් එකෙන් වහලා නිසා සාමාන්‍ය පාර්ක් කරපු වාහනයක් විතරයි. ඒක ඇතුලේ පැයක් දෙකක් නින්දක් දාන එක දිව්‍යලෝකේ ගියා හා සමානයි. සමර් එක නිසා ජොබ්ස් අඩුයි. ඒත් ඉතින් පැය අට ඉන්නත් එපාය බන් පඩි ගන්න. දවසට කිලෝමීටර සීයක් දෙසීයක් ඇවිදලා මගේ සයිට් ඔක්කොගෙම තියෙන රෙපෙයාර්ස් කරලා අවසාන සයිට් එකට ඇවිත් හවස හටහ්ර වෙනකල් නින්දක් දැම්මට මක් වෙනවද බං. කාර් එකේ ගියාම ඔය සැප එකක්වත් නෑ.. අවුරුදු හතක් එක දිගටම NV200 ම පැදලා දැන් ගෙදර ඇඳට වැඩ සැපට ඒක ඇතුලේ නින්ද යනවා. පසෙන්ජර් සීට් එක ළඟ තියෙලා තියෙන කුල් බොක්ස් එක උඩින් කකුල් දෙක තියාගෙන ඩ්‍රයිවින් සීට් එක කදාගත්තාම දිව්‍යලෝක සැප පරාදයි... NV 200 එක මගේ ජීවිතේ වගේ.. දැන් 70 000 ක් දුවල තියෙන්න. ලක්සේ පැන්නාම වොරන්ටි ඉවරයි. ඊට පස්සේ අලුත් එකකට යන්න තමයි ප්ලෑන් එක..

    කාපු කටු එමටයි... මේ පොඩිම එකක්...

    බලං ගියාම එහෙත් මහේ වගේමනෙ ලොකු වෙනසක් නෑ..
     
    • Like
    Reactions: NRTG and D_Mad

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ කාලෙකින් කට්ටක් දාලා... කී බැරල් එක ඩැමේජ් වෙලා තියෙන්නෙ කොහොමද?

    මටත් විස්තරයක් දාන්න හිතයි. වෙලාව සෙට් වුනොත් දාන්නම්.
     
    • Like
    Reactions: PHBhagya

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බලං ගියාම එහෙත් මහේ වගේමනෙ ලොකු වෙනසක් නෑ..
    මිනිස්සු කොහෙත් එකයි බං... වැඩ්ඩො කියලා රඟන්න හදන හුඟක් ඔටෝ මැකැනික්ලා රියල් වැඩ්ඩො නෙවෙයි. ඔලුවෙ ලොජික් වැඩ කරන්නෙ නැතුව ගලවන්න හයිකරන්න විතරක් දන්න එවුන් තමයි බහුතරයක්. ඒ නිසා තමයි අපේ කාලය.මුදල් දෙකම නාස්ති වෙන්නෙ.. මෙහේ ඔව්වට ඕනෙනම් උසාවි යන්න පුලුවනි . ඒත් එව්වටත් කාලය මුදල් වැයවෙනවනේ බං. ඊට ලාභයි පාඩුව අරං නිකම් ඉන්න එක.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මිනිස්සු කොහෙත් එකයි බං... වැඩ්ඩො කියලා රඟන්න හදන හුඟක් ඔටෝ මැකැනික්ලා රියල් වැඩ්ඩො නෙවෙයි. ඔලුවෙ ලොජික් වැඩ කරන්නෙ නැතුව ගලවන්න හයිකරන්න විතරක් දන්න එවුන් තමයි බහුතරයක්. ඒ නිසා තමයි අපේ කාලය.මුදල් දෙකම නාස්ති වෙන්නෙ.. මෙහේ ඔව්වට ඕනෙනම් උසාවි යන්න පුලුවනි . ඒත් එව්වටත් කාලය මුදල් වැයවෙනවනේ බං. ඊට ලාභයි පාඩුව අරං නිකම් ඉන්න එක.
    :yes: :yes: :yes: (y)
     
    • Like
    Reactions: D_Mad

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හම්මෝ කාලෙකින් කට්ටක් දාලා... කී බැරල් එක ඩැමේජ් වෙලා තියෙන්නෙ කොහොමද?

    මටත් විස්තරයක් දාන්න හිතයි. වෙලාව සෙට් වුනොත් දාන්නම්.

    කී බැරල් එක ඩැමේජ් වෙන්න හේතුවක් හොයාගන්න බෑ හරිඳු.. අවුරුදු තුනක් වයස වාහනේක කොහොමවත් එහෙම වෙන්න බෑ.. නිශ්පාදන දෝශයක් වෙන්න ඇති කියලා අනුමාන කරනව.
    හම්මෝ කාලෙකින් කට්ටක් දාලා... කී බැරල් එක ඩැමේජ් වෙලා තියෙන්නෙ කොහොමද?

    මටත් විස්තරයක් දාන්න හිතයි. වෙලාව සෙට් වුනොත් දාන්නම්.

    කී බැරල් එක ඩැමේජ් වෙන්න හේතුවක් හොයාගන්න බෑ හරිඳු.. අවුරුදු තුනක් වයස වාහනේක කොහොමවත් එහෙම වෙන්න බෑ.. නිශ්පාදන දෝශයක් වෙන්න ඇති කියලා අනුමාන කරනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Илизиум – популярный в интернете инструмент, который дарит возможность без труда добавить количество людей, репостов, раскрутить публичную страницу и т.д.. мощный функционал даст возможность без труда управлять всей работой продвижения.
    Для того чтобы приступить к накрутке необходимо войти на сервис и создать в
    сервисе задание на накрутку. Для этого могут нужны монетки – это выдуманная денежная единица сервиса, которая необходима для добавлении заданий. Чем больше монеток у тебя имеется, тем больше можете приумножить количество участников в сообществе, лайки, разрекламировать паблик и прочее.

    Накрутка Vkontakte:
    Вконтакте имеете возможность добавить подписчиков в паблик, сделать подписчиков на личную страницу, накрутить сердечек на аватарку, накрутить репосты на пост, а ещё накрутить отзывы в профиль.
    Вконтакте – незаменимое место для рекламы твоих сервисов с громадной отдачей и данный биржа вам в этом подарит лучшую удачу.

    Накрутка в Инстаграм
    В данной социальной сети легко произвести масштабирование участников в InstaGram на бизнес аккаунт, прибавить like на
    сторис также комментарии в фотографии в Инстаграме безопасно. На этот сегодняшний день раскрутка в InstaGram – одно из самых успешных ролей деятельности в социальном маркетинге, которое дает момент бесплатно стать популярным и нарустить свою аудиторию сайта в мгновенные временные рамки. Увеличение лайков и аудитории подарит шанс стремительно выбиться в топ и завоевать рынок платежеспособных пользователей в кротчайшие моменты времени.

    Продвижение на Ютубе – очень денежное дело на данный час. Увеличение количесства «Палец вверх» на ролике Ютуб ролике, просмотров для желающего видео ролика и накрутка смотрящих на на YouTube даст возможность тебя замечательно обогатиться за счет монетизации трафика в сети YouTube. Если у вас
    много народа, то всего-лишь надо выгружать очаровательные видюшки и без труда заполучать просмотры этих видео от индивидуальной аудитории пользователей канала.

    Social Monsrer – софт для бесплатной накрутки в социальных сетях

    Сайт: <p><a href="https://ilizium.com/dopolnitel-nye-vozmozhnosti-birzhi-nakrutki">Дополнительные возможности сервиса</a></p>
    <p><a href="https://ilizium.com/nakrutka-vkontakte-lajkov-nakrutka-podpischikov-grupp">Накрутка Вконтакте лайков Накрутка подписчиков групп</a></p>
    <p><a href="https://ilizium.com/kak-bystro-zarabotat-monety-i-raskrutit-sya">Как быстро zarabotat monety и raskrutиt sya</a></p>
    Font???
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේක මගේ පරණ වාහනේ දීපු සුපිරි ගනයේ කටුවක්.

    මගේ වාහනේ ටොයෝට කොරෝන at150.
    වාහනේට තිබුණෙ ඩුප්ලිකේට් පොතක්. එහෙම වාහනයක් විකුණගන්න ගියාම ඉතින් සෑහෙන දඟලන්න එපෑයැ.
    කොහොම හරි මේක ගන්න කෙනෙක් කැමති වෙලා, වාහනේ ගන්න බලාගෙන සල්ලිත් අරගෙනම ආව.

    ආපු කට්ටිය වාහනේ පැදල බලමු කියල පාරට දාල කිලෝමීටරයක් යන්න හම්බඋණේ නෑ. මෙන්න නගිනව හීට් කටුව.
    හොඳට දුව දුව තිබුණ වාහනේ මේ වෙලාවෙම දීපු පරිප්පුවට ආපු කේන්තියයි, ලැජ්ජාවයි එක්ක වචනයක් නොකිය වෙන දේ බලං හිටිය.
    ආපු මිනිස්සු වතුර බෝතලයක් රේඩියේටරේ කටට ඔබාගෙන ඒකෙ එන බුබුලු දිහා බල බල, එක එක ඒව කියවනව. මට ඒ වෙලාවෙ ඕන උනේ වාහන විකිණිල්ල පැත්තක තියල ඒ මිනිස්සුන්ව යවාගන්න විතරයි.

    කොහොම හරි කට්ටියගෙ අවසන් නිගමනේ උණේ හෙඩ් ගෑස්කට් ගිහින් කියන එක. ඒ ලෙඩේ හදල කෝල් කරන්නං කියල කට්ටියව යැවුව.

    ඔන්න ඉතින් දවස් දෙක තුනකට පස්සෙ වාහනේ අරං ගියා ගැරේජ්එකට. කිලෝමීටර 5ක් විතර යන්න තිබුණත් කලින් ආපු ලෙඩේනං ආවෙ නෑ. කොහොමහරි බාසුත් රේඩියේටරේ දිහා බලං ඉඳල කිවුව ගෑස්කට් ගිහින් තමා කියල.
    හෙඩ් එක ගලවල බැලුවම ගෑස්කට් එක ලීක් කරපු තැන් පේන්න තිබුණෙනං නෑ. හැබැයි ඉතින් ඇහෙන් බලල මුකුත් කියන්නත් බෑනෙ. කොහොම හරි ගෑස්කට් දාල දවස් දෙකකින් විතර වාහනේ හදාගත්තා.

    එතකොට වැඩේ හරිගියාද?.. පිස්සුද දවස් දෙක තුනකින් පරණ ලෙඩේම ආයෙත් ආව.
    හොඳ වෙලාවට කලින් වාහනේ බලල ගිය අයට කතා කරේ නෑ (රෙද්දක් ඇඳන් කතාකරන්නත් බෑනෙ)

    වෙලාවක් නැති කම හින්ද ගැරේජ් එකට යන්න හම්බ උණෙත් නෑ. ඉතින් ලෙඩේ තියාගෙනම කෙටි ගමන් වලට විතරක් වාහනේ පාවිච්චි කලා.

    දවසක් ඔහොම ගිහින් ඇවිත් නැවත්තුවම කූලන්ට් බිම දිගේ ගිහින් තිබුණ. කලින් ලොකුවට කූලන්ට් අඩු උනෙත් නෑ. යට රිංගල බැලුවම වාහනේ ස්ටාට් එකේ තියෙන වෙලාවට විතරක් වෝටර් පම්ප් එකේ යට සිදුරකින් කූලන්ට් යනව.
    ඒ සිදුර තියෙන්නෙ පම්ප් එකේ වෝටර් සීල් ගියාම බෙයාරිමට කූලන්ට් නොයා එතනින් එළියට එන්න.

    ඊටපස්සෙ ඉතින් වෝටර් පම්ප් එක ගෙනල්ල ගෙදරදිම හයිකරගත්ත. ටයිමිං බෙල්ට් ගලවන්නෙ නැතුව පම්ප් එක හයිකරන්න වෙනම කටුවක් කෑව. එතනින් හීට් ප්‍රශ්නෙ විසඳුනා. කලින් වාහනේ බලල ගිය අයට කතාකරන්න ගියේ නෑ. පස්සෙ වාහනේ වෙන කෙනෙකුට විකුණුව..

    මට තේරුණ විදිහට හීට් කරන්න හේතුව ගෑස්කට් එක නමේ.
    පම්ප් එකේ ලීක් එක හින්ද කූලිං සිස්ටම් එකට හුලං අදින්න ඇති. රේඩියේටරෙන් බුබුලු දාන්න ඇත්තෙත් ඒකයි.
    පස්සෙ ඒ ලීක් එකම වැඩිවෙලා කූලන්ට් එළියට එන්න ඇති.
    ගෑස්කට් එක දාන්න සම්පූර්ණ වියදම 7500ක් විතර ගියා. වෝටර් පම්ප් එක 4000කට අඩු ගාණක් උනේ.
     
    තෑන්ක්ස් කටුවට. මටත් ටිකක් ඔය වගේම දෙයක් උනා ඉස්සර. හීටර් කෝර් එකට යන බටෙන් ලීක් වෙන්න ගත්ත. කූලන්ට් අඩුවෙනව හොයන්න බෑ. ස්ටාර්ට් කරල රත් වුනාම විතරයි ලීක් වෙන්නෙ. සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තෑන්ක්ස් කටුවට. මටත් ටිකක් ඔය වගේම දෙයක් උනා ඉස්සර. හීටර් කෝර් එකට යන බටෙන් ලීක් වෙන්න ගත්ත. කූලන්ට් අඩුවෙනව හොයන්න බෑ. ස්ටාර්ට් කරල රත් වුනාම විතරයි ලීක් වෙන්නෙ. සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.
    කෝර් එකේ ලීක් පේන්නෙත් නෑ, හදන්නත් බෑ. අලුතින්ම දාන්න ඇති.
    ඔයාගෙ ce110 එක නේද?
     
    • Like
    Reactions: NRTG and D_Mad

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Toyota service ekedi shocks 4ma maru karanna kiwwa. left stabilizer link ekath sawuththu wela lu. wedeToyota eken kaloth 200K wage yai lu. parts witharak gannawa nam 90K wage. engine tappet cover eken podi oil leak ekak thiyenewa wage kiwwa. tappet cover gasket eka 10K wage wei lu. repair eka paya 3-4k yai kiwwa. ae kiyanne ekata thawa 50K withara part+labor.

    Eeye gewal langa garage ekata dala check kala. front shocks 2 witharak maru kalama athi lu. both side stabilyzer link replace karanna wenewa. tappet cover gasket ekath danna kiwwa man. eka tikak kara wela wage thibbe.

    parts gaththa Rajagiriye GS auto parts eken. cost eka roughly mehemai.

    2 KYB Excel-G shocks (Made in Japan) 14700 X 2
    2 top shock bush (nama hariyata danne ne) 1250 X 2
    2 stabilizer link 555 brand 3250 X 2
    engine tappet cover gasket 2500 X 1
    labor cost 3000

    paya 2n wage wede kara gaththa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    "hrm" හින්ද තමයි කටු ත්‍රෙඩ් එක මතක් උණේ

    මේ කතාව මම වෙනම ත්‍රෙඩ් එකක දාපු කතාවක්. හැබැයි මේ කතාවට ගැලපෙන ත්‍රෙඩ් එක මේක හින්ද මෙතනටත් කොපියක් දානව.

    ප්‍රියස් එක

    මේ කතාව අපේ තාත්තගෙ යාලුවෙකුට ප්‍රියස් එකක් දීපු සුපිරි ගණයේ කටුවක්.
    මතක විදිහට වාහනේ අවුරුද්ද
    2012 KY - ++++ වැඩේ වෙනකොට 105000km විතර දුවල තිබුණ.

    මුලින්ම උණේ වාහනේ A/C එක අඩු,වැඩි වෙන්න ගත්ත එක. ඒක ලොකු ගැටලුවක් නොවන හින්ද එච්චර ගණං අරගෙන නෑ.

    ඊට පස්සෙ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් පත්තුවෙන්න ගත්ත. චෙක් කරල බලන කොට, හයිබ්‍රිඩ් බැට්‍රිය සවුත්තු වෙලා.
    ටොයොට එකේ බැට්‍රි එක ලක්ෂ 5යි.
    වාහනේ දුවන්න බරිකමක් නැති හින්ද. මනුස්සය ලෙඩේ තියාගෙනම දුවන්න තීරනය කරනව.

    දැන් හයිබ්‍රිඩ් කාර් එකේ සුබාරුවක් ගානට පෙට්‍රල් පිච්චෙනව.
    ඔහොම මාස දෙක තුනක් දුවනකොට හරියටම බොරැල්ල හන්දිය මැද්දෙ වාහනේ හිටිය. එතන සිද්දිය ඉතින් කියන්න දෙයක් නෑනෙ. එතනින් වාහනේ අයිනට තල්ලු කරේ ගැරේජ් එකෙන් ඇවිත් ටැබ් එකකට කනෙක්ට් කරල වාහනේ අන්ලොක් කරාට පස්සෙ. පැයක් විතර බොරැල්ලෙ හන්දියෙ පාර මැද වාහනේ... අයිතිකාරයත් ගැරෙජ් එකෙන් එනකල් පිට මිනිහෙක් වගේ පාර අයිනට වෙලා සිද්දිය බලං ඉඳල.

    වාහනේ එමෙම්මම උස්සන් ගිහින් ලක්ශ 4කට බැට්‍රිය දැම්ම (කම්පැණි නෙමේ). පරණ බැට්‍රියට සුලු ගානක් අඩු කරල පිට තැනකින් දැම්ම.

    ඊට මාස 4කින් විතර බ්‍රේක් නැතුව ගියා. ඒකට 65000 විතර ගියා.

    අලුත දාපු බැට්‍රිය පලවෙනි සර්විස් එකේදි තවත් ෂෙල් 8ක් නරක් වෙලා කිවුව. හේතුව විදිහට කිවුවෙ, දවසට අඩු km ගානක් දුවන හින්ද කියල (මුං අලුත් බැට්‍රියක් දානව කියල ෂෙල් මාරු කරල හදල අර මනුස්සයව රවට්ටලද කොහෙද)

    තවත් මාස 6ක් ඇතුලත A/C ෆෑන් දෙකයි. පිටිපස්සෙ තියෙන නෝමල් බැට්‍රියයි මාරුකරල. බැට්‍රියට 30000, ෆෑන් දෙකට 25000යි.
    ඊට පස්සෙ කාර් සේල් එකක් හරහා විකුණල තිබුණ.

    කොහොමත් හයිබ්‍රිඩ් ගන්න ඉන්නවනං කම්පැනි රෙපෙයාර් කරපු එකක්ම ගන්න. පිටින් කරන ඒව විශ්වාස කරන්න බෑ.

    සිරස ඔටෝවිෂන් එකේ කිවුව කතාවක්,

    "හයිබ්‍රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්‍රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Honda Civic FD1 - R18A Throttle Body cleaning after ~ 50,000Km.

    Symptoms: Vibration when the A/C is cycling ON
    What happened: There was a very little amount of carbon build up on the throttle body and the RPM was dropped by ~200 due to the reduced gap between the throttle body and the plate :(. It was enough to make the vibration when the A/C compressor is adding some load to the engine. It got recovered within a second; however I felt that so badly LOL

    * Need to remove the air box completely :growl:
    ** Don't force open the throttle plate (It will damage the throttle body or strip gears) it will mess your idling :nerd:

    *** To open the throttle plate for cleaning, turn the ignition ON and ask some one to press the accelerator or use a weight.

    Before:

    WhatsApp Image 2020-08-27 at 11.59.12 AM.jpeg

    WhatsApp Image 2020-08-27 at 11.59.13 AM.jpeg

    After:

    WhatsApp Image 2020-08-27 at 11.59.15 AM.jpeg

    WhatsApp Image 2020-08-27 at 11.59.14 AM.jpeg

    Cleaned everything and also cleaned the engine + transmission because it's hard to reach this area after assembling the air box :rolleyes:

    WhatsApp Image 2020-08-27 at 11.59.15 AM (1).jpeg

    Vibration during A/C cycling ON has disappeared :yes: and the RPM is stable at ~800

    P, N + A/C ON

    WhatsApp Image 2020-08-27 at 11.59.16 AM.jpeg

    D, R + A/C ON

    WhatsApp Image 2020-08-27 at 11.59.17 AM.jpeg

    (y)