ගෝටා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada

    රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට අද (27) මාතර පිටබැද්දර දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    "පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාව, හැම පිටුවකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. රණවිරුවන්ව අභූත චෝදනා නගලා හිර ගෙවල්වල දාලා නඩු දාලා, දැන් මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ජාත්‍යන්තරයට ගිහින් ජිනීවාවලදි යෝජනාවලට සමඅනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සමඅනුග්‍රහයෙන්. ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න. මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා. නැගෙනහිර පර්යන්තය.., අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා. පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා," යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන මෙලෙස මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ, උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ පැවැත්වුණි.

    දෑරංගල මහා විද්‍යාලයේ දී ජනාධිපතිවරයා ගම්වාසීන් සමග සංවාදයට එක්විය.

    මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කරගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    2020 සැප්තැම්බර් 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය.

    මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොනරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධානකර තිබුණි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,681
    113
    මාලඹේ
    මුගෙ කටත් ෆොන්සේකගෙ කට වගෙම බ්‍රේක් නැති ඔලමොට්ටල කටක්. එතකොට සරත් වීරසේකර, කමල් ගුණරත්නත් ඒ වගේම මැන්ටල්.
    මෝඩ පුතානෝ 🤔 මුට අනුව සුපිරි බුද්ධිමතෙක් 🤩🤩
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    164108224-2076284742511963-5554040317306407222-n.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මුගෙ කටත් ෆොන්සේකගෙ කට වගෙම බ්‍රේක් නැති ඔලමොට්ටල කටක්. එතකොට සරත් වීරසේකර, කමල් ගුණරත්නත් ඒ වගේම මැන්ටල්.
    මම හිතන්නෙ හමුදාවේ බහුතරයකට තියෙන ප්‍රශ්නයක් ඔය. හමුදාවට බැඳුනාට පස්සෙ උන්ගෙ මුලු ජීවිතයම හමුදාව. ඒ මදිවට උන් තමයි ඔක්කොම දන්නේ අනික් මිනිස්සු මෝඩයෝ කියලා හිතන මෙන්ටලිටියක් එනවා.
    අනිත් එක උඩ ඉඳන් පහළටම පුරුදුවෙලා ඉන්නෙ ඕඩර්ස් පාස් කරන්න. අන්තිමේ යටම ඉන්න සාසෙ තමයි ඩියුටිය කරන්නෙ.

    ළඟම දන්න අඳුරන් හමුදා නිලධාරීන් එක්ක තියෙන අත්දැකීම් වලින් කිව්වෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama

    වෙන රටවල් වල ෆෝසස් වලින් අයින් වෙන්න කලින් සාමාන්‍ය සමාජයට හුරු කරවන පාඨමාලවක් තියනවා. ඊට පස්සේ පරිවාස කාලයක් තියනවා. නිකම්ම සමාජයට මුදා හරින්නේ නැ. හේතුව මාන දෙකක් නිසා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    මම හිතන්නෙ හමුදාවේ බහුතරයකට තියෙන ප්‍රශ්නයක් ඔය. හමුදාවට බැඳුනාට පස්සෙ උන්ගෙ මුලු ජීවිතයම හමුදාව. ඒ මදිවට උන් තමයි ඔක්කොම දන්නේ අනික් මිනිස්සු මෝඩයෝ කියලා හිතන මෙන්ටලිටියක් එනවා.
    අනිත් එක උඩ ඉඳන් පහළටම පුරුදුවෙලා ඉන්නෙ ඕඩර්ස් පාස් කරන්න. අන්තිමේ යටම ඉන්න සාසෙ තමයි ඩියුටිය කරන්නෙ.

    ළඟම දන්න අඳුරන් හමුදා නිලධාරීන් එක්ක තියෙන අත්දැකීම් වලින් කිව්වෙ.
    හමුදාව විතරයි ද යකෝ
    දොස්තරලා - උන් හිතන් ඉන්නෙ වාහන ගැන, ආර්තිකේ ගැන, සන්වර්දනය ගැන උන් තමා දන්නේ සෙරටම වඩා කියලා.
    දොස්තරලා හැර රටේ අනික් හැම එකා ම හිතා ඉන්නෙ උන් බේත් හෙත් , ටෙස්ට් ගැන දන්නවා කියලා....

    මේක කරන රස්සවෙ ප්‍රශ්නයක් නෙව්ව්‍යි ලන්කාවෙ උන් ගෙ ගොන් කම 😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    හමුදාව විතරයි ද යකෝ
    දොස්තරලා - උන් හිතන් ඉන්නෙ වාහන ගැන, ආර්තිකේ ගැන, සන්වර්දනය ගැන උන් තමා දන්නේ සෙරටම වඩා කියලා.
    දොස්තරලා හැර රටේ අනික් හැම එකා ම හිතා ඉන්නෙ උන් බේත් හෙත් , ටෙස්ට් ගැන දන්නවා කියලා....

    මේක කරන රස්සවෙ ප්‍රශ්නයක් නෙව්ව්‍යි ලන්කාවෙ උන් ගෙ ගොන් කම 😂

    තමන් නොදන්න දේ දන්නවා යැ සිතිම.
    ඊට පස්සේ අනා ගැනිම
    ඊට පස්සේ අඩා වැටිම
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හමුදාව විතරයි ද යකෝ
    දොස්තරලා - උන් හිතන් ඉන්නෙ වාහන ගැන, ආර්තිකේ ගැන, සන්වර්දනය ගැන උන් තමා දන්නේ සෙරටම වඩා කියලා.
    දොස්තරලා හැර රටේ අනික් හැම එකා ම හිතා ඉන්නෙ උන් බේත් හෙත් , ටෙස්ට් ගැන දන්නවා කියලා....

    මේක කරන රස්සවෙ ප්‍රශ්නයක් නෙව්ව්‍යි ලන්කාවෙ උන් ගෙ ගොන් කම 😂
    අපේ රටේ උන් බහුතරයක් තමුන් නොදන්න බව දන්නෙ නෑනෙ බන්.
    මොන විදිහේ දෙයක් ගත්තත් එහෙමනෙ. බුකියෙ පේන්නෙ නැද්ද ලියන රචනා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    යකූ Erosan sirලට අද මේ ඉරිදවත් නාල බත් ටිකක් කාල බූරු ඇදේ ඇලවෙලා පොඩ්ඩක් නිදාගන්න දීපල්ලකො. ඔහොම ටයිප් කර කර රිප්ලයි දෙන්න වෙන පෝස්ට් දැම්මම උන්කොහොමද නිදාගන්නෙ ඇස් පියවේගෙන එනකොට ට්‍රිගර් වෙනපෝස්ට් එකපිට එක දානව
     
    • Haha
    Reactions: Solo Rider