පිරිස් බලය වැඩි කරන්න පොලීසියට අළුතින් 10,000 ක්
පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සදහා කාන්තා හා පිරිමි නිලධාරීන් 10,000 ක් බදවා ගැනීමට තීරණයකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.අවශ්‍යතා අනුව විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196 ක් අලුතින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි, ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියාසිටියේ. නීතිය හා සාමය තහවුරු කර ප්‍රවර්ධනය සදහා එම ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා එහිදී සදහන් කළා.
source: neth news
උග්‍ර ඒකාධිපතීත්වයකට යෑමේ පෙරනිමිති, මියන්මාරය දෙක සිරිලන්කාවෙන් එළියට බහී වගේ...
