119 police hotline සමඟ ඔබේ අත්දැකීම් කෙසේද?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ අත්දැකීම් ඇත්තෙන්ම දුර්වලයි with this hotline. වරක් අපේ ප්‍රදේශයේ සොරකමක් සිදු වූ අතර අපි මෙම දුරකථන අංකයට කතා කළෙමු. (අපි කොල්ලකාරයා දැක්ක ගමන්ම)

    They asked for the calling person's name, location and incident time and told they will send the police petrol unit.

    පොලිසිය පැමිණෙන තුරු කුමක් කළ යුතු දැයි අපට නොතේරුණි, අපි හොරා අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඔහු සැඟවී සිටියේය.

    පැය කිහිපයක් ගතවී ඇතත් කිසිවෙකු පැමිණියේ නැත...

    We called the 119 again and there is no reference number you get for any online complaints, same story repeated with this second hotline call also. However after nearly 4 to 5 hours the police petrol unit came (from Area police station) but by that time the thief already escaped. Some houses lost cash and few jewellery due to this robbery. Following day they ask to come to police station to lodge a complaint. For now its been few months and still no proper solution.

    So my questions are ?

    - ඔබට මෙවැනි ගැටලුවක් ඇති වුවහොත් එයට මුහුණ දෙන්නේ කෙසේද? (should you wait till police come or beware police will come anyway after few hours so try to manage with something until then)

    - Should you give bribe or some gift to get a quick service from area police station ? (what to do if they are deadly slow ?)

    - In case of fight between the robbery team and villagers if a murder attempt / death occurs ? (purely because police is late to report to the incident)

    - මෙවැනි සිදුවීම් නැවැත්වීමට පොලිසිය විශ්වාසදායකද or they are always reactive not proactive ? (proactive for major cases that can get high recognition or promotion for the officers involved)

    Please share your experience with 119 and how happy are you with the service they offer ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම දන්න සමහර අය කෝල් කරලා තියනවා. කොහොම හරි අපරාධකාරයා අන්තිමට දැනගන්නවා කවුද කෝල් කරලා complain එක දාලා තියෙන්නෙ කියලා. ඒ තරමට privacy එක හොඳයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    මම දන්න සමහර අය කෝල් කරලා තියනවා. කොහොම හරි අපරාධකාරයා අන්තිමට දැනගන්නවා කවුද කෝල් කරලා complain එක දාලා තියෙන්නෙ කියලා. ඒ තරමට privacy එක හොඳයි.

    mekane bn lankwe kisima deyak krnna bari ithin minissu khmda policiya wishwasa krnne
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කීප වතාවක්ම කෝල් කරලා තියනවා. එක පාරක් වත් හරියට යමක් උනේ නැහැ.

    දැන් නං කෙලින්ම ලගම පොලිසියට තමයි කතා කරන්නේ. එතකොට නං ආවා. ආයේ ටෙල් IGP නං පට්ට. පැමිණිලි 3 ක් දාලා තියෙනවා. හරියටම විසඳුවා.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම දන්න සමහර අය කෝල් කරලා තියනවා. කොහොම හරි අපරාධකාරයා අන්තිමට දැනගන්නවා කවුද කෝල් කරලා complain එක දාලා තියෙන්නෙ කියලා. ඒ තරමට privacy එක හොඳයි.
    ඇත්ත කතාව මමත් අහලා තියෙනවා. They give some bribe to get the complaint party details. If you need to protect your privacy සමහර විට අපි අල්ලස් දිය යුතුයි. Sad story neh machan.
     
    • Like
    Reactions: Amith0424

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කාලෙ පාස්කු බෝම්බෙන් පස්සෙ ළඟ පාත ගෙදරක එකෙක් අතුරුදහන් උනා. ඌත් මුස්ලිම් හෝ ටැමිල් එකෙක්. ඒ ගෙදර කුලියට හිටියෙ ගෙදරට මූ එනවා දොර වහගන්නවා උදේට යනවා විතරයි තිබුනෙ. බෝම්බෙන් පස්සෙ ඇඳිරි නීතිය කාලෙ මූ අතුරුදන්.

    වටේ පිටේ මිනිස්සු කෝල් කරාම එවන්නම් කියනවා පොලීසියෙන් මෙලෝ එකෙක් එන්නෙ නෑ. ඔන්න දවසක් රෑක පොලිස් ජීප් එක ආවා. මිනිස්සු ඒ වෙලාවෙ පාරෙ නෑ. මම් ජනේලෙන් බලන් හිටියෙ. උන් ඔන්න වහලා තියෙන ගෙදර වත්තට ටෝර්ච් එක ගහනවා. පාරෙ ඉඳගෙන. ටිකකින් ජීප් එක ස්ටාර්ට් කරා මාරු.

    මිනිස්සු ආයෙ කෙඔල් කරාම කියනවා ඒක සැක කටයුතු නෑලු. පොලීසියෙන් චෙcක් කරාලු. ඊටපස්සෙ ගමේ එවුන් ඇමතුවා චෙක් කරපු විදිහ කියලා.

    පස්සෙ පහුවෙනිදා ආයෙ පොලිස් සෙට් එකක් ඇවිත් ගෙවල් අයිතිකාරයව ගෙන්නලා ගේ සර්ච් කළා. ගෙදර තිබ්බෙ ලප්ටොප් එකක් විතරඉ. අපිට කියනවා ඒකෙ මොනාහරි තියෙනවද බලන්නලු. අපිට පුලුවන්ද යකෝ ඔව්වා කරන්න.

    පස්සෙ අයිතිකාරයට කියලා අරූගෙ නම්බරේ ඉල්ලන් කෝල් කරා. ඌ කිව්වා ඇඳිරි නීතිය හින්දා ගෙදර ගියා කියලා. කේස් එක එතනින්ම වැහුවා. ඊටපස්සෙ මොනා උනාද දන්නෙ නෑ. දැන් වෙන කට්ටියක් කුලියට ඉන්නවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් එක පාරක් කෝල් කලා. මගෙන් ඇහුව සීන් එක කිව්වට පස්සෙ ඔයාගෙ විස්තර දෙන්න කැමතිද අකමැතිද කියල. මගේ විස්තර දුන්න අවුලක් නෑ කියල. එවෙලේම වැඩේට සෙට් වෙන තැන contact කරල දුන්න.
     
    • Like
    Reactions: S_M_S and ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මන් එක පාරක් කෝල් කලා. මගෙන් ඇහුව සීන් එක කිව්වට පස්සෙ ඔයාගෙ විස්තර දෙන්න කැමතිද අකමැතිද කියල. මගේ විස්තර දුන්න අවුලක් නෑ කියල. එවෙලේම වැඩේට සෙට් වෙන තැන contact කරල දුන්න.
    dan covid hinda delay da danne naha
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දවසක් රෑ බීපු දෙන්නෙක් ගේ ළඟ පාරේ වලියක් දාගන්න සද්දයක් ඇහුණා. තෝව මරනවා ගගා එකෙක් කෑ ගැහුවා, අනික් එකා කෙඳිරිගාන සද්දයක් ඇහුනා ලතෝනි දිදී. 119 කතා කළා. පොලිසියෙන් ආවේ පහුවදා උදේ එළිවෙලා. පොලිසියට විනාඩි 15ක්වත් යන්නෙ නෑ එනවනං.
    ආව, එහෙමම ගියා, එච්චරයි.
    තව දවසක බස් එකක දුර ගමනක් යද්දී කන පැලෙන්න සින්දු දාගෙන. ගැබිණි කාන්තාවකුත් හිටියා. හරි අමාරුවෙන් හිටපු බව පෙනුණේ. මම ඩ්‍රයිවර්ට කිව්ව අඩු කරපං කියලා. මූ අඩු කලා, ඊට පස්සේ ආයේ දැම්ම කන පැලෙන්න. 119 කතා කළා. අඩු ගානේ කතා කරන එකවත් ඇහෙන්නේ නෑ කියලා ඒ මනුස්සයටත් තේරුණා. කිව්වා බස් එක යන පාරේ ඊළඟට තියන පොලිස් ස්ථානයෙන් බස් එක නවත්තලා අවවාද කරන්නං කියලා. මොන, මොකුත් උනේ නෑ.
     
    Thanks for sharing machan. 119 call කිරීමෙන් ප්‍රයෝජනයක් නැ කියාල තේරුම් ගත හැකිය (emergency times)

    119 katha karala scene eka tikak darunu karala kiyapan
    machan umba ehema karala thiyenawada and result eka kohomada?
    ------ Post added on Apr 15, 2021 at 11:41 AM