කෝටි ගාණක් වටින වාහනයෙන් මහත්මයෙක් එනවා මාර්ග නීති කඩමින්. නවත්තන්න අන දෙනවා, නවත්තන්නේ නැතිව ඒ මහත්තයා යනවා ( රේන්ජ් රෝවර් වාහනයක් ) එලවලා ගිහින් අල්ලනවා, මහත්තයා කාටද කතා කරන්න පෝන් එකෙන් ට්‍රයි කරනවා, පොලිස් මහත්වරු හරිම ලස්සනට රු. 3000 ක දඩයක් ලියා අතට කොලේ දෙනවා. වාහනේ අදාල නොකර, පුද්ගලයා අදාල නොකර නීතිය ක්‍රියාත්මක කල හොරණ පොලීසියේ මහත්වරු දෙදෙනාට අපගේ ප්‍රනාමය. නියමයි, අන්න ඒක තමයි වෙන්න ඕන.
