මම ගෙදර වැඩිමල් ළමයා.
බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
මං තාම කැම්පස්.
ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
අම්මා සද්දයක් වත් නෑ.
මට අරූ මරල දාන්න හිතෙනවා බං.
කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව.
මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
ඇයි බං මට මෙහෙම උනේ

මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් (කට්ටිය හිතල මං මෙඩ්ඩෙක් කියල. මං කිව්වෙ phd ගැන) වෙනකම් ම ඉගන ගන්න.
ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා