දවසම ගේ ඇතුලෙ ලැගල හිටපු නිසා මම ගියා රවුමක් දාන්න බයික් එකෙ 7ට විතර.
තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, පාලිමන්ට් රෝඩ් පැත්තෙ නිකන් ගියා.
වෙනද සෙනසුරාදට පට්ට සෙනගනෙ. අද හෙනම අඩුයි. සුපර් මාකට් වලත් මිනිස්සු හොදටම අඩුයි. පාලිමන්ට් පාරෙ පොර්ක්, රොටි කඩ වල වෙන්ද පට්ට සෙනග, අද හෙනම අඩුයි
තලවතුගොඩ පරන කීල්ස් එකෙ කාර් පාක් එකෙ ඔන්න මම දැන් ඉන්නව.
එතන ඉන්නව හදුන් කූරු විකුනන ගෑනු කෙනෙක්, මම ඉතින් ඔහෙ ඉන්න කොට මන් ලගට ඇවිල්ල කියනව, ' ආන්ඩුවෙන් බොරුවට මිනිස්සු බය කරනවලු, අපි නන් දන්න කාටවත් හැදිලා නෑ කියල ' .
උන්දැ හදුන් කූරු වික්කට ඇත්තටම කරන්නෙ වාහන වලින් හිගා කන එක.
දැන් මිනිස්සු නැති නිසා , බිස්නස් වැටිලා , ෆ්රස්ට්රේටඩ් වෙලා උන්දැ.
මම 20ක් දීල ආව එන්න. මුකුත් කියන්න ගියෙ නෑ,