මට හිතෙන විදිහට එක පැත්තක් තමයි,
ආනයන වියදම පුළුවන් තරම් අඩු කරන්න ඕනි. කොමිස්පප්පෝ ඉතින් ඒකට කැමති වෙන්නේ නෑ, අනෙක් අතට සමහර රටවල් වලින් ආනයනය නැවැත්තුවහම ඒ රටවලින් එල්ල වෙන බලපෑම් දරාගන්නත් ඕනි.
දේශීය නිෂ්පාදකයින්ට නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න අවස්ථාව ලබාදීම හා ආනයනය සීමා කිරීම කරන්න ඕනි.
චීනය ඉන්දියාව වගේ රටවල්වල කුණු කොල්ලෙට ගන්න ශ්‍රමයෙන් හා මහා පරිමාණ තාක්ෂණයෙන් නිෂ්පාදනයවන නිෂ්පාදන ලංකාවට ගේන එක නවත්තන්න ඕනි.
ලංකාවේ නිෂ්පාදකයා ඉදිකට්ටක් හැදුවොත්, ලංකාවේ නිෂ්පාදන පිරිවැයේ හැටියට ඌට ඒක රුපියල් පහකට විකුණන්න වෙනව නම් චීනෙන් ගේන එක රුපියල් 2ට තියෙනවා. කඩේ යන එකා චීන ඉදිකටු දෙකක් අරන් යනවා. රුපියල් පහේ ඉදිකට්ට ඕනි තැනක ගහ ගනින් කියලා.
ඉතින් ලංකාවේ නිෂ්පාදකයට ලේසියෙන් තැනකට එන්නේ බෑ. මහපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න බෑ.
විදේශ වෙළදපොළ දිනන්න කලින් දේශීය වෙළදපොළ දිනලා ඉන්න එපැයි.
අනෙක් අතට වෙසක් කූඩුවේ ඉදන් ආනයනය කරන අනවශ්‍ය දේවල් ආනයනය තහනම් කරන්න ඕනි.
බ්ලා බ්ලා බ්ලා