Elawalu kala ivarai hukaris

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය තහනම් අයින් කරල ගේන්නම වෙන්ව බන්. පෝර නැතුව වවන්න පුලුවන් නම් මොකටද මෙච්චර කල් පොහොර සහනාදාර දුන්නේ ? :rofl:
    supermarket වල තියන "කාබනික" කියලා ලේබල් කරපු දෙගුණයක් මිල එළවලු විතරද එතකොට තියෙන්නේ ?
    සමහර වගාවන් වලට ඔය රසායනික පොහොර නැතුව බෑ .

    වාණිජ භෝග වගාවක් ජීවිතේට කරලා නැති කීබෝඩ් ගොයියෝ, නැත්තං මිරිස් පැල තුන හතරක් පොලිතින් බෑග්වල හදාගන ඉන්න ගොයියෝ මොර දෙනවා බං. රට කාබනික වගාවකට යොමු වෙන එක පියවර ගණනාවකින් අවුරුදු කීපයක් වැය කරලා කරන්න ඕන දෙයක් මිසක එක පාරට පෝර තහනම් කරලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න ඕන නං කාට හරි ටයිම් මැෂින් එකක් හදාගන හැත්තෑගණන්වලට ගිහිං ලංකාවට රසායනික පෝර කෘමිනාශක, වල් නාශක හඳුන්වාදුන්න කාලෙට ගිහිං ඒක නතර කරන්න ඕන.

    නොදන්න උන්ට කියන්නෙ ශාක වලට අවශ්‍ය මූල ද්‍රව්‍ය තියනවා. සමහර ඒවා අවශ්‍ය වෙන්නෙ අංශු මාත්‍රව. ඕගනික් ෆර්ටිලයිසර්ස් වලින් වගාකරන්න ගියාම ගොඩක්ම එන ප්‍රශ්නෙ තමයි මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වල ඌනතා. සහ දාන්න ඕන ප්‍රමාණය විශාලයි. මම උදාහරණයක් කියන්නං. මගෙ තියනවා අක්කර 5ක පොල් වගාවක්. අක්කරේකට ගස් 64යි. එතකොට අක්කර පහට ගස් 320 යි. වාණිජ පොල් වගාවකින් නිසි පල ලැබෙන්න ඕකට පෝර දාන්න ඕන මාස හයෙන් හයට. අවුරුද්දට දෙපාරයි. කාබනික පෝර දානවා නං එක ගහකට අවශ්‍යයි පෝර කිලේා පණහක්. එතකොට මගෙ වගාවට කාබනික පෝර ඕන කරනවා කිලෝ දාසය දාහක්. ටොන් 16ක්. මගෙ යාලුවෙක් ඉන්නවා පොල් වගාව අක්කර 80යි. ඔහොම නෙමෙයි අක්කර දාස් ගණන් ලොකු පොල් වතු තියෙන්නෙ. උන්ගෙ කාබනික පෝර අවශ්‍යතාවය ගණන් හදලා බලපල්ලා. රසායනික පෝර දානවා නම් අවශ්‍ය වෙන්නෙ ගහකට කිලෝ 2ත් 4ත් අතර ගාණක්. මමත් පෝර දාද්දි මාරුවෙන් මාරුවට ඕර්ගනික් සහ රසායනික පෝර දාන්නෙ. ඕර්ගනි්ක විතරක් දැම්මොත් ඒ පෝරවල කොලිටිය මදි නිසා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය හිඟවෙලා ගස් බාල වෙනවා. ඒ කියන්නෙ අස්වැන්න අඩුවෙනවා. ලොකු වතු තියන අය කාබනික පෝර දිහා බලන්නෙ වත් නෑ. හේතුව එයාලට අවශ්‍ය කිලෝ ලක්ෂ ගනන් ගන්න කැපෑසිටි නෑ. අනික තමයි ලංකාවෙ තියන කාබනික පෝර බොහොමයක් කිසි කමකට නෑ. සෙරෙන්ඩිපොල් එකෙන් ගහනවා පෝර එකක් ඒක මරු. නමුත් ඒක හැමෝටම ගන්න බෑ.

    එතකොට රසායනික පෝර නවත්තනවා නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන කාබනික පෝර අවශ්‍යතාවය සපුරන්න. දැන් කියාගන එන්න එපා ප්‍රාදේශීය සභාවලින් ඔය හදන්නෙ කියලා.. 1) ඒවාගෙ ගුණාත්මක භාවය අඩුයි 2) ඒ ප්‍රමාණයත් මදි..

    තව කියන්න දේවල් ගොඩයි.. මේක අහපුවාම රසායනික පෝර තහනම එකපාරටම දාපු එක හරි එතකොට ඕර්ගිනික් වගාවන් හැදිලා එනවා කියන උදවිය උන්ට එන ප්‍රශ්න දාපල්ලා. ඒවට උත්තර දෙන්නං. නැත්තං මේක කෘෂිකාර්මික පාඨමාලාවක් වෙනවා ඔලුවෙ තියන හැම එකම ටයිප් කරන්න ගියොත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,941
    113
    එකමත් එක රටක

    රසායනික ක්‍රම වලින් අයින් වෙනවා කියන්නේ දැන් ලෝකේ තියන කිසි අලුත් වගා තාක්ෂණයක් පාවිච්චි කරන්න බෑ වගේ දෙයක් . :rofl:
    ඔය හැම දේටම රසායනික දේවල් පාවිච්චි වෙන්ව.. වල් නාශක , කෘමි නාශක වගේ දෙයක් කියලා හිතනවද මන්ද
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    608
    1,858
    93
    33
    රසායනික පොහොර තහනම දැම්මෙ රටේ සල්ලි පිට යන නිසානෙ. අනික සහනාදාරයක් විදියට දෙන දෙයක් නිසා වියදම ආපහු ලැබෙන්නෙත් නෑ. පොඩ්ඩක් බොරුවට අපේකම ගැන කියල ෆෝම් කලාට පස්සෙ බයියො නැති ඉතිහාසයක් බදාගෙන ස්වයංවින්දනේ කර කර ඉන්නවා. උන්ට මතක නෑ රසායනික පොහොර මලු ගනන් සහනාදර දුන්නෙත් මහින්දගේ කාලෙ කියලා. පෙරදිග ධාන්‍යාගාරෙ කියලා ඉතිහාස කතන්දර මතක් කලාට දැන් රට ඒ තත්ත්වයේ නෑනෙ. වෙල්ලස්සට නම ලැබුනෙත් වෙල් සියයක් තිබ්බ නිසාලුම් ඒ කාලෙ සුද්දට තේරුනාලු මුන්ට කොච්චර ගැහුවත් කෙලින් ඉන්නෙ හොඳ ආහාර සැපයුමක් තියෙන නිසා කියල ඒකලු වෙල්ලස්ස විනාස කලේ. ඒක එහෙම වුනා. ඊට පස්සෙ ඩීඇස්ලා ගොවි ජනපද ආරම්භ කලාට පස්සෙ තමා කිසි යම් හරි මට්ටමකට කුඹුරු හැදුනේ. මහවැලි යෝජනා ක්‍රමේ එහෙම නැත්නම් මේ ගානට වත් අපිට හාල් නෑ. අනික ඕවා කරලත් සිරිමාවොගේ කාලෙ හාල් පොලු ආව. අන්තිමට කෘෂිකර්මෙන් අලුත් හාල් වර්ග අදුන්වල දුන්නෙ නැත්නම් දිගටම පිටරටින් කෑම ගෙන්න වෙන්නෙ. මෙහෙ ඉන්න උන් තාම සුවඳැල් හීනටි හාල් ගැන හීන දකින්නෙ. ඒ කාලෙ රටේ ජනගහණයයි ඒ පොඩි ජනගහණයට කන්න දෙන්න කුඹුරු අක්කර කීයක් වවන්න උනාද කියල ෆෝම් වෙන උන්ට කල්පනා කරගන්න බෑ. පොහොර තහනම් කරන්න කලින් අපේ කියල අවශ්‍ය ප්‍රමාණෙට කාබනික පෝර හදාගන්න ෆැක්ටරිවත් තියෙද කියල බලන්න ඕනෙ. ඔච්චර රසායනික පෝර වලට විරුද්ධ නම් කාබනික පෝර එළවලු ගනින් තව දෙගුණයක් දීල. ගොවිතැනින් මිනිස්සු ඈත් වෙන්නෙ කාලකණ්ණි අතරමැදියො නිසා. එළවලු කොච්චර ගණන් ගියත් ගොවියා හැමදාම හිඟමනේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හවසට විසි කරන එළවලු කන්ද බලන්න ඕනෙ. හොඳ එළවලු විසි කරල දාන්නෙ මාකට් එකට supply එක වැඩි කලාම මිල බහින හන්දා. ඔය කාලකණ්ණි බිස්නස්කාරයො මැනේජ් කරන වැඩක් ආණ්ඩුව ඉස්සෙල්ලා හදන්න ඕනෙ.

    කෘමිනාශක නම් කෙලින්ම අපේ රටේ උගුරට බස්සපු දෙයක්. අපි පොඩි කාලෙ කොච්චර වෙලඳ දැන්වීම් ගියාද කෘමිනාශක ගැන. 1970 ගණන් වල ඉදල එක පාරට ලංකාවේ කෘමිනාශක බීල සිවිදිවි නසාගන්න ගාන වැඩි වුනා. ඒ තරමට පාවිච්චිය වැඩී. පස්සෙ පස්සෙ මැරෙන උන් විදින වද වේදනා දැකලම ආයෙ තොණ්ඩුව එක වුනා. ඒ කාලෙ කෘමිනාශක ගහන්න හරියට කිට් එකවත් දාල නෙවෙයි. මිනිස්සු ගොඩක් මැරුනා. කොහොමින් කොහොම හරි කෘමිනාශක සමාගම් කෑදර කමට ගාන වැඩි වෙද්දි මෙහෙ මිනිස්සු සාන්ද්‍රණය අඩු ඒවා එහෙම නැත්නම් බාගෙට ගහල කෘමිනාශක වලට ඔරොත්තු දෙන සත්ත්ව විශේෂ හැදුනා. ඉතින් තව තව කෘමිනාශක ඕනෙ වුනා.
     
    • Like
    Reactions: dilann

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    lankawe free medical service & education nawathuwa nam oyta wada hoda adayamak anduwata ithuru karagannan puluwan
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    150908834_901888217239904_7758042660083613924_o.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,557
    22,676
    113
    අම්බකිස්ස
    පෙරදිග ධාන්යාගාරය බහුජාතික සමාගම් වලට යටවුනු හැටි. 😐😐😐 "බෙහෙත් පොහොර නැතුව වගා කරන හැටි අපිනම් දන්නෙ නෑ"
    උබ කියන කතාව ඇත්ත බන්.ඒ වුනාට ඒ කාලේ කන්න දුන්නූ ජනගහනයට වඩා සියගුණයකට විතර කන්න දෙන්න ඕනි.මහාපරිමාන කෘශිකර්මාන්තය රසායනික පෝර නැතුව කරන්න බෑ.එහෙම පුලුවන් නන් ලෝකේ අනිත රටවල් අපිට කලින් ඕකට 100%ක් යොමු වෙනවා.හැබැයි ලංකාවේ පෝර දාන ප්‍රමාණය ගොඩක් වැඩි.අක්කර 3ක් විතර ෆෝම් එකට දාලා ඒ හම්බෙන පොර ටික අක්කරේක වගාවට දානවා.විශාල පොහොර ප්‍රමාණයක් ජලයට එකතු වෙනවා අවසානයේ.කෘශි නිලධාරීන් කුබුරකට එන්නෙත වාහනේක ගිහින් කුබුරට වඩම්මවාගෙන එන්න ඕනි.ඉතිං පෝර සමාගම්වල කඩකාරයෝ කියන විදිහට තමයි මිනිස්සු තෙල් බෙහෙව්ගහ