ඔය තහනම් අයින් කරල ගේන්නම වෙන්ව බන්. පෝර නැතුව වවන්න පුලුවන් නම් මොකටද මෙච්චර කල් පොහොර සහනාදාර දුන්නේ ?
supermarket වල තියන "කාබනික" කියලා ලේබල් කරපු දෙගුණයක් මිල එළවලු විතරද එතකොට තියෙන්නේ ?
සමහර වගාවන් වලට ඔය රසායනික පොහොර නැතුව බෑ .
වාණිජ භෝග වගාවක් ජීවිතේට කරලා නැති කීබෝඩ් ගොයියෝ, නැත්තං මිරිස් පැල තුන හතරක් පොලිතින් බෑග්වල හදාගන ඉන්න ගොයියෝ මොර දෙනවා බං. රට කාබනික වගාවකට යොමු වෙන එක පියවර ගණනාවකින් අවුරුදු කීපයක් වැය කරලා කරන්න ඕන දෙයක් මිසක එක පාරට පෝර තහනම් කරලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න ඕන නං කාට හරි ටයිම් මැෂින් එකක් හදාගන හැත්තෑගණන්වලට ගිහිං ලංකාවට රසායනික පෝර කෘමිනාශක, වල් නාශක හඳුන්වාදුන්න කාලෙට ගිහිං ඒක නතර කරන්න ඕන.
නොදන්න උන්ට කියන්නෙ ශාක වලට අවශ්‍ය මූල ද්‍රව්‍ය තියනවා. සමහර ඒවා අවශ්‍ය වෙන්නෙ අංශු මාත්‍රව. ඕගනික් ෆර්ටිලයිසර්ස් වලින් වගාකරන්න ගියාම ගොඩක්ම එන ප්‍රශ්නෙ තමයි මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වල ඌනතා. සහ දාන්න ඕන ප්‍රමාණය විශාලයි. මම උදාහරණයක් කියන්නං. මගෙ තියනවා අක්කර 5ක පොල් වගාවක්. අක්කරේකට ගස් 64යි. එතකොට අක්කර පහට ගස් 320 යි. වාණිජ පොල් වගාවකින් නිසි පල ලැබෙන්න ඕකට පෝර දාන්න ඕන මාස හයෙන් හයට. අවුරුද්දට දෙපාරයි. කාබනික පෝර දානවා නං එක ගහකට අවශ්‍යයි පෝර කිලේා පණහක්. එතකොට මගෙ වගාවට කාබනික පෝර ඕන කරනවා කිලෝ දාසය දාහක්. ටොන් 16ක්. මගෙ යාලුවෙක් ඉන්නවා පොල් වගාව අක්කර 80යි. ඔහොම නෙමෙයි අක්කර දාස් ගණන් ලොකු පොල් වතු තියෙන්නෙ. උන්ගෙ කාබනික පෝර අවශ්‍යතාවය ගණන් හදලා බලපල්ලා. රසායනික පෝර දානවා නම් අවශ්‍ය වෙන්නෙ ගහකට කිලෝ 2ත් 4ත් අතර ගාණක්. මමත් පෝර දාද්දි මාරුවෙන් මාරුවට ඕර්ගනික් සහ රසායනික පෝර දාන්නෙ. ඕර්ගනි්ක විතරක් දැම්මොත් ඒ පෝරවල කොලිටිය මදි නිසා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය හිඟවෙලා ගස් බාල වෙනවා. ඒ කියන්නෙ අස්වැන්න අඩුවෙනවා. ලොකු වතු තියන අය කාබනික පෝර දිහා බලන්නෙ වත් නෑ. හේතුව එයාලට අවශ්‍ය කිලෝ ලක්ෂ ගනන් ගන්න කැපෑසිටි නෑ. අනික තමයි ලංකාවෙ තියන කාබනික පෝර බොහොමයක් කිසි කමකට නෑ. සෙරෙන්ඩිපොල් එකෙන් ගහනවා පෝර එකක් ඒක මරු. නමුත් ඒක හැමෝටම ගන්න බෑ.
එතකොට රසායනික පෝර නවත්තනවා නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන කාබනික පෝර අවශ්‍යතාවය සපුරන්න. දැන් කියාගන එන්න එපා ප්‍රාදේශීය සභාවලින් ඔය හදන්නෙ කියලා.. 1) ඒවාගෙ ගුණාත්මක භාවය අඩුයි 2) ඒ ප්‍රමාණයත් මදි..
තව කියන්න දේවල් ගොඩයි.. මේක අහපුවාම රසායනික පෝර තහනම එකපාරටම දාපු එක හරි එතකොට ඕර්ගිනික් වගාවන් හැදිලා එනවා කියන උදවිය උන්ට එන ප්‍රශ්න දාපල්ලා. ඒවට උත්තර දෙන්නං. නැත්තං මේක කෘෂිකාර්මික පාඨමාලාවක් වෙනවා ඔලුවෙ තියන හැම එකම ටයිප් කරන්න ගියොත්.
