PHI මහත්වරු මේ දවස් වල නිදි මරාගෙන, ලොකු අවදානමක් අරගෙන රාජකාරි කරනවා.. ඒ අතර ඉන්න තමාගේ රාජකාරියේ බලය සහ රටේ මේ වන විට පවතින තත්වය අනිසි ලෙස භාවිතා කරමින් අනිත් අයට (මට සහ මගේ අම්මාට ) කරදරයක් ලෙස හැසිරෙන එක PHI කෙනෙකු ගැනයි මේ කතාව. මේක මට සිදුවුන දෙයක්. ඒ නිසා මෙහි සම්පූර්න වගකීම මම බාරගන්නවා.
අපේ ඉඩමේ (අප විසිත් පවත්වාගෙන යෑමට ඉඩ දී ඇති ) එක් රාජ්‍ය ආයතනයක කලමනාකාරවරියට කෝවිඩ් ආසාදනය වීම නිසා අපිව නිරෝධායනයට ලක් කලා බෝඩ් එහෙම ගහලා. මෙතනින් තමයි කතාව පටන්ගන්නෙ. ඉස්සෙල්ලාම PHI මහත්තයා කලේ ඒ ආයතනය හොයාගන්න බැරිවුනා ..බෝඩ් එකක් වත් නෑ කියලා අපට දෝශාරෝපනය කිරීමයි. ඉතින් අනේ අපි කොහොමද රජයේ ආයතන වලට බෝඩ් දාන්නෙ..අපිට අයිති එකක් නම් තව කමක් නෑ. ඊට පස්සෙ අපේ තොරතුරු අරගත්තා..දැන් කියනවා අපි වටේ ගෙවල් එක්ක තරහයිලු. වටපිටාවට ඇහෙන්න හයියෙන් තමා කියන්නෙ. අපේ ගෙදරට එහාපැත්තෙ මස් කඩයක් තියනවා...ඒ ගොල්ලො අපිත් එක්ක තරහයි(ඒක දිග කතාවක්) දැන් යමක් ඔයාලට වැටහෙනවා ඇති.ඒක පැත්තක තියමු. දැන් අද කියනවා, හෙට PCRඑකට යම් තැනකට අම්මත් එක්ක එන්නලු, ඊයෙත් කිව්වා ආවෙ නැතිලු හෙට ආවෙ නැත්තම් උසාවි දානවලු. මේ මනුස්සයා අදමයි PCR එකට එන්න කිව්වෙ...මීට කලින් PCR එකක නමක් වත් කිව්වෙ නෑ. අනිත් එක තමා මට තියෙන්නෙ බයික් එකක්. අම්මට ආතරයිටිස් තියනවා.. ඒක නිසා කකුල නවලා ගොඩවෙන්න බෑ. දැන් අනිත් අය අපේ දිහා බලන්නෙ කොරෝනා හැදුන අය විදිහට. ඒක හින්දා හයර් එකට යන වාහන එන්නෙ නෑ. අනික ඒ අය කැමති වුනත් අපි යන්නෙත් නෑ .ඇයි අපට නිකමට කෝවිඩ් ආසාදනය වෙලා තිබුනොත් ඒ අයටත් හැදෙනවනෙ. මම මේ ටික කිව්වා. මම කිව්වෙ ඒ ගොල්ලෝ වාහනයක් වත් දෙයිද කියලා බලාපොරොත්තුවෙන්. එහෙම බැයිලු අනිවාර්යෙන් එන්න ඕනෙලු. හැබයි වෙන කවුරුවත් එක්ක එන්නත් බෑලු බයිසිකලේ කොහොම හරි එන්නලු. දැන් අම්මට 68ක්. දැන් අවුරුදු 20 කින් වත් එයා බයිසිකලේක ගිහිල්ලා නෑ අවුරුදු 7 කින් විතර බස් එකක ගිහින් නෑ.. ගමනක් යන්න ඕනෙ වෙනකොට නෑදෑයින් ගෙ වාහන වල යන්නෙ.. මම කල්පනා කරන්නෙ මේකට මොකද කරන්නෙ කියලා.. යාන්තන් මම විතරක් එන්නම් කියලා කිව්වා.. හා නම් කිව්වා..අය ඒක වෙනස් වෙයිද දන්නෙ නෑ.. කොහොම උනත් මට හිතෙනවා මේක කරදර වල පටන් ගැම්ම විතරයි කියලා...

මම කිවේ ගෙදර හොයාගන්න