හීන පේන එක මාර සීන් එකක් නේද මචන්ලා. මාරම creative හීන. මම අද උදේ හීනයක් දැක්කා. මම ඉස්කෝලෙ නිල් පාට කලිසම් අඳන කාලෙ. ඇත්තටම ඉස්කෝලෙ ඉවර වෙලා මම ඉස්සර පයින් තමයි ඉස්කෝලෙ යන්නෙ එන්නේ. ඔය යන පාරෙ පන්සලක් තියෙනවා. මේ තමයි මම දැකපු හීනෙ. මම ඉස්කෝලෙ ඇරිල පොත් බෑග් එකත් කරේ දාන් ඔය පාරෙන් ගියා තව දෙතුන් දෙනෙක් එක්ක. උන්ගෙ මූණු හරියටම මතක නෑ. ඈතට දැක්කා පට්ට සෙනග ගොඩක් පන්සල ළඟ මොකක් හරි පූජාවක් පවත්වනවා. ලවුඩ්ස් පීකරුත් දාලා. කට්ටිය හිටියෙ පාර දෙපැත්තෙ අයිනෙ අයින් වෙලා(වාහන යන නිසා). ජනාධිපති තුමත් ඇවිත් හිටියා. පාර්ලිමේනිතු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිත් සුදු පාට කිටක් ගහන් ඇවිත් තිබ්බා. ඔය අස්සෙ මම හෙන යටහත් පහත් විදිහට (කට්ටියට disturb වෙන්නෙ නැති විදිහට) සෙනග අතරින් පාස් කරන් ගියා. ටිකක් දුර යද්දි ජනාධිපති ආරක්ෂකයො ටිකක් ඒ පාරෙන් යන උන්ගෙ බෑග් චෙක් කරනවා. මගේ බෑග් එකත් බෝම්බයක් දාපු බෑග් එකක් වගේ. මම බය වුණා. පස්සෙදි එකෙක් ඇවිත් බෑග් එක ඇරල චෙක් කරා. අරූ මගෙන් ඇහුවා මොකද බය වෙලා කියල. මට කිය වුණා මට උණ තියෙනවා කියල. ඒ වගේම පොඩි කැස්සකුත් ආවා. අරූ එක පාරටම කිව්ව සෙමත් තියෙනවා නේද කියල. අරූ පට ගාල එකෙක්ට කතා කරල කිව්වා මෙයාට PCR ටෙස්ට් එකක් කරන්න කියල. පස්සෙදි මගේ නහය ඇතුලට ටියුබ් එකක් දාලා නහයෙන් ලේ අරන් මට ආයෙ ඒක දුන්නා. නහය පිහින්න ලේන්සුවකුත් දුන්නා. මම ඇහුවා මේක දැන් කොහෙන්ද චෙක් කර ගන්නෙ කියල. පස්සෙ ඌ කොළබ ජාතික රෝහලෙන් චෙක් කර ගන්න කිව්වා. පස්සෙදි මම ආයම ගෙදර එන්න ගත්තා. ඔහොම එනකොට තව දෙන්නකේ පාරෙ පැත්තක හට් එකක් (සිම් විකුණන උන් ගහන් ඉන්න කුඩ) ගහන් ඉන්නවා. ළඟට ගිහිල්ලා බැලින්නම් ඌ ගායකයෙක්. හරියටම මූණ දැකපු විදිහට ශෙහාන් මිහිරංග වගේ. අනිත් එකා ඇවිත් තියෙන්නෙ උගෙ support එකට. දෙන්නා පුටු දෙකක් තියන් කුඩේ යට වාඩි වෙලා ගිටාර් එකක් අතට අරන් යන උන්ට සින්දු කියල පෙන්නනවා. ගායකයාගෙන් මම ඇහුවා ඇයි දැන් ටීවි එකේ එහෙම පේන්න නැත්තෙ කියල. මූ කියපි වැඩක් නෑ ITN එකෙන් අපිට හරියට ගෙවන්නෙ නෑ කියල. මම ආයෙම කිව්වා හිරු ටීවී එකෙන් නම් හොඳට ගෙවනවා ඇතිනෙ නේද කියල. පස්සෙදි මම මගේ පොතක උගෙ අත්සනක් අරන් ආවා. තව මොනාද මොනාද වුණා බන් මට මතක නෑ.
ඒ වුනාට මොළේට මට හීන පෙන්නද්දි පොඩි මිස්ටේක් ටිකක් වුණා. හීනෙ එකෙක් වත් face mask දාන් හිටියෙ නෑ. ඒත් PCR test කරනවා. බොම්බ චෙක් කරන්නෙ ඒ අර හිටපු සෙනඟ ගොඩ පාස් කරන් ගියාට පස්සෙදි. පාස් කරන් යන්න කලින් නෙමෙයි.
ඒ වුනාට මොළේට මට හීන පෙන්නද්දි පොඩි මිස්ටේක් ටිකක් වුණා. හීනෙ එකෙක් වත් face mask දාන් හිටියෙ නෑ. ඒත් PCR test කරනවා. බොම්බ චෙක් කරන්නෙ ඒ අර හිටපු සෙනඟ ගොඩ පාස් කරන් ගියාට පස්සෙදි. පාස් කරන් යන්න කලින් නෙමෙයි.


තඩි සරුංගලයක්. ඒක ඉහක්. ඒක හදල තිබ්බෙ z-lon බට වලින්. අලවල තිබ්බෙ ඉංග්‍රීසි කොඩිය. මැද්දෙ කුරුසෙ බැඳල තිබ්බෙ කළු පාට නූල් වලින්. කළු පාට ටෙලිෆෝන් වයර් කම්බි වලින්ද කොහෙද. සරුංගලේ උඩ යැවුවා. එක පැත්තක කොස් ගහක් තිබ්බා. සරුංගලේ නූල පැටලුනා අත්තක. වැඩ දාල ඒක බේර ගත්තා.