භෞතික විද්‍යාඥ කියල තනතුරක් ඇතිකරලා කුරුණෑගලයි ජාතික රෝහලෙයි ද කොහෙද ඒ තනතුරට අළුතින් බඳවාගැනීම් කරයි කියල තමයි මේ වර්ජනය කරනවයි කියන්නෙ.. මෙයාලගෙ ඉල්ලීම එයාලගෙ තනතුරේ උසස්වීමක් විදියට මේ භෞතික විද්‍යාඥ තනතුර ඇතිකරන්නය කියලයි.. මේ වගේ වසංගත වෙලාවක, පූර්ව දැනුම් දීමක් වත් නැතුව Emergency වලිනුත් අයින් වෙලා කරන වැඩේ ඇත්තටම සවුත්තුයි.. පුද්ගලික රෝහල් වලිනුත් Radiology investigations කරන්න ඇඹරෙනවා කොරෝනා සීන් එක නිසා.. ඒ අතරෙ COVID Bad patient කෙනෙක්ගෙ වගේ Chest Xray වගේ කරන්න ආවොත්, ICU Tube කරල ඉන්න ලෙඩෙක්ගෙ Test එකක් කරන්න ආවොත් ඉවරයි ඉතිං ලෙඩා.. කොළඹ තදාසන්න ප්‍රදේශ වල පුද්ගලික රෝහල් ගොඩක් තිබුණත් දුර බැහැර පැති වල CT එකක් කරගන්න වගේ පුළුවන් පුද්ගලික රෝහල් අඩුයි.. එතකොට වැඩේ තවත් අමාරුයි..