කිලෝමීටර් 65000ක එක පොඩි දූපතක් තියෙනවා.
ඒ දූපතට සමහරු ඇවිත් බෝම්බ පුපුරවාගෙන මැරෙනවා,චුට්ටක් වස කවලම් කෑම ජාති ඒ අයට කන්න එවනවා,ලෝකේ වටෙන්ම කුණු කන්ටේනර් එයාලගේ රටට එවනවා,ගිනිගන්න නැව් එයාලගේ සීමාවට ඇවිත් ටොන් ගාණක් වහ දාලා එයාලගේ මුහුදත් මරා ගන්නවා.
මේ හැම දෙයකින්ම මහපොළොවත් මැරිලා,මහ සාගරයත් මැරිලා,එයාලගේ මිනිස්සු මැරිලා යද්දි මාරුවෙන් මාරුවට හිටපු එයාලගේ පාලකයෝ ලැබෙන වන්දිය ලොකුයි නේ කියලා සන්තෝස වෙනවා.
ටික දවසකින් පොඩි ආතල් එකක් දීලා මිනිස්සුන්ට එයාලා ඒවා අමතක කරවනවා.හරි ගියොත් එයාලා තමයි හොදටම කරේ කියලා එක දාගන්නවා.වැරදුනොත් එයාලට කරන්න දුන් නෑ කියලා ජාමේ බේරගන්නවා.
ඒ රටේ ඉන්න මිනිස්සු (යක්ඛයෝ) ඒවට සැලෙන් නෑ.උන් මැරෙනකන් බදු ගෙවලා උන්ගේ නායකයෝ නඩත්තු කරනවා.ජීවිත කාලයක් මහන්සිවෙලා 3 ගුණයක් වැඩියෙන් සල්ලි දීලා පොඩි ඇල්ටෝ එකක් අරන් උන්ගේ නායකයොන්ට සැප වාහන අරන් දෙනවා.රටේ ඉස්පිරිතාල වලට ඕනි බඩු ටිකත් උන්ම එකතු වෙලා ගන්නවා.
රට විකිණිලාද ,මහපොළොව මැරෙනවද,මහ මුහුද මැරුණද කියලා උන්ට වැඩක් නෑ.උන්ට ඕනි ඉෂිතා අම්ම ඊළගට කරන්නේ මොකක්ද කියලා,අවන්ත ඊළගට කාට ලව් කරයිද කියලා,ඊළගට කාගේ එකක් ලීක් වේවිද කියලා
ඔය අස්සේ වෙනම නැගිටින උන් නැතුවම නෙවෙයි.හැබැයි අර නායකයො උසි කියපු ගමන් උන්ට කඩන් පනින වහල්ලු ටිකකුත් අර නායකයෝ හදන් ඉන්නවා.කෙටියෙන්ම කියනවා නම් උන්ගේ අනාගත පරම්පරාව ඉගෙන ගන්න ඕනි දේ පවා තීරණය කරන්නේ අට පාස් නැති උන්ගෙම නායකයො ටිකක්
අවුරුදු දෙදාහස් ගාණක ඉතිහාසය පපුවේ ගහන් ඒ රටේ වැසියො ඒ රටේම පොළොවට පස් වෙන්න හීන දෙන එයාලගේ නායකයෝ උණකටත් බෙහෙත් ගන්න රට දුවනවා.ලොකු රටවල ගෙවල් හදනවා
අවුරුදු 72ක්ම ඒ රටේ මේ කතාව ආපහු ආපහු වෙනවා..
වෙලාවට අපේ පිනට අපි අද ලංකාව වගේ රටක ඉපදිලා අපේ ආදරණීය උගත් නායකයොන්ගේ යටතේ සන්තෝසෙන් ජීවත්වෙලා ඉන්නවා
Copied