ලංකාවෙ ගණිකාවො නීතිගත කරොත් මුං ගෙවලුත් බිඳියි..
අඩෝ මොකද්ද බන් මේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ ගම්වල අවුරුදු 15 ඉදන් 25 වගේ වෙනකම්ම ළමා, තරුණ කොල්ලො කෙල්ලෝ කොහෙන් හරි පෝන් කෑල්ලක් හොයාගෙන pubg, free fire දාගෙන උන්ට කිසිම සිහියක් නෑ. එළිවෙනවා රෑ වෙනවා ගානක් නෑ. කොහෙන් හරි ඩේටා කාර්ඩ් දාගෙන මුන්ගේ වැඩේ game play කරන එක. අර coc ආපු කාලේ වගේ ඒකටත් වඩා මේක ඇබ්බැහියක් වගේ මට පේනවා.
මම මේක ලියන්න ප්රධානම හේතුව ළඟ ගෙදරක එක අම්ම කෙනෙක් ඇවිත් කියන කතාවක් එක්ක. ඒ ගෙදර කොල්ලට අවුරුදු 20 ක් ඌ ඉස්සර නම් වැඩට එහෙම ගිහින් කොරෝනා සීන් එකත් එක ගෙදර ඉන්න කාලේ game play කරන්න ඉගෙන ගෙන දැන් මූ පළවෙනි කොරෝනා රැල්ලේ ඉදන් වැඩට යන්නෙත් නැතිව එළිවෙනකම් රෑ වෙනකම් pubg ගහනවලු. ඒ අම්මත් වයසයි. තාත්තත් ලෙඩින්. අඩුම ඒ ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙයක්වත් නෑ. මේ කොල්ලට දැන් ජොබ් එකක් හොයාගන්න උවමනාවකුත් නෑ. ඉතින් අර වයසක මිනිස්සුන්ට රෑට නින්දකුත් නෑලු මූ මහ හයියෙන් කෑ ගහ ගහ game paly කරනවලු.
එකෙක් නෙමේ මම දන්න විදියට ගමේ අම්මල තාත්තලගෙන් යැපෙන කොල්ලො කෙල්ලො ගොඩකගේ රාජකාරිය ඕක තමයි. මම game වලට මුකුත් කියනවා නෙමේ ඒත් මහන්සි වෙලා වැඩ කරල දෙයක් කරගන්න පුලුවන් කාලේ මුන් මෙහෙම ඉබාගතේ ගේම් එකකට යට වෙලා නන්නත්තාර වෙනවා. ඊට පස්සේ රටට ලෝකයට දෙස් දෙවුල් තිය තියා ඉන්නවා.
මේක ලියන මාත් තරුණයෙක් හැබැයි coc ආපු කාලේවත් මම අඩුම update වුනත් කවදාවත් මම ඒක phone එකට දාගෙන නැ. Pubg ගහන උන් දිහා බලන් හිටියත් අවුරුදු 24 ක් වෙලත් මම තාම pubg, free fire මගේ පොන් එකකට ලැප් එකකට දාගෙන නෑ. ඒකට හේතුව මට ඒ වෙනුවෙන් නිකරුණේ වැය කරන්න කාලයක් නැති නිසා. මම වැඩවලට පාවිච්චි කරන්නේ gaming laptop එකක් ඒකෙත් ගෙනාපු මුල් කාලේ game එකක් දෙකක් දාගෙන ආසාවට දවස් කිහිපයක් සෙල්ලම් කරත් මගේ ඔලුවෙ වැඩ කරන හීන ඒවට ඉඩ දෙන්නේ නෑ.
කෙනෙක් කියන්න පුලුවන් අපි දවස තිස්සෙම වැඩ කරල ටිකක් ඔලුවට නිදහසක් එන්නයි මේව සෙල්ලම් කරන්නේ කියලා. එයාලට මේක කොහෙත්ම ප්රශ්නයක් නෑ. මම ත් ඔලුවට නිදහසක් එන ගොඩක් දේවල් කරනවා ගේම් ගහනව වෙනුවට.. මම මේ කියන්නේ ගේම් එකක් ජීවිතය කරගත්ත උන් ටිකක් ගැන.
මට හිතාගන්න බෑ අපේ තරුණ පරම්පරාව කොතනක අතරමන් වෙයිද කියලා...

source :FB