පුතා ඔයා පටලගේනනේ ඉන්නෙ. consciousness (විඥානය) වෙනයි පංචස්කන්ධයේ තියෙන විඥානය වෙනයි. බුදු හාමුදුරුවො කියලා නෑ මැරුණට පස්සේ consciousness (විඥානය) ඊලග ආත්මෙට යනවා කියලා. බුදු හාමුදුරුවෝ කිවේ මේ ආත්මේ ඉඳන් අපි ඊලග ආත්මෙට ගියොත් ඊලග ආත්මේ ඉන්නෙ මේ ආත්මේ හිටපු අපි නෙමෙයි. හැබැයි අපි නෙමෙයි කියලා කියන්නත් බෑ. බුදු හාමුදුරුවො ඕක මුහුදේ රළ වලට උපමා කරා. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන මුහුදු රැල්ල නෙමෙයි ඊලග මොහොතේ තියෙන්නෙ. හැබැයි ඒ වුනාට රැල්ල එකමයි. අන්න ඒ වගේ. එතකොට පංචස්කන්ධයේ තියෙන විඥානය කියලා කියන්නෙ සිතට. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. පංචස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නෙ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන (උඩ කියපු 6) යන මේ ස්කන්ධ පහේ අනිත්‍ය. ඔතන ලොකු process එකක් තියෙනවා. ඕක තමයි හරියට තේරුම්ගන්න ඕනේ.