මේක වෙන විට මම හිටියේ Australia වල. වසර 2009. මගේ Job එක ඉවර වෙලා ලංකාවට එන්න කලින් කොහොමහරි PR එකට දන්නා ඕනි නිසා , immigrant lawyer කෙනෙක් අල්ල ගත්ත. වැඩි හොදට, ලංකාවේම කාන්තාවක් තමයි හොයා ගත්තේ. එයා මට සේරම කියල දීල PR එකට apply කරන තැනට වෙනකම් පුදුම support එකක් දුන්න . නමුත් apply කරන්න ඔන්න මෙන්න කියල, මට ලංකාවට එන්න උනා.
PR file කරන්න මුළු family එකටම AUD 4000 ගානක් වගේ ගානක්. මම ලංකාවට එන නිසා මම ඒ මුදල, මගේ හිතවත් lady lawyer ට දුන්න. එන්න දිනකට පෙර, අපි දෙන්න lunch එකට ගිහින්, අර මුදලත් බාර දීල , වෙන් වෙලා ආවා අද වගේ මතකයි. මම ලංකාවට ආවේ ,PR එක හරි ගිය ගමන්, ආයේ පවුල පිටින් Sydney වලට යන්න සිහින දකිමින්.
ලංකාවට ආවට පස්සේ, මා ලග තිබුනේ , lawyer ගේ email එකයි, phone නම්බර් එකයි විතරයි. ඊට පස්සේ ,එයා මගේ case එකේ progress එක මට email වලින් නිතරම දැනුම් දුන්න කියමුකෝ. නමුත් කාලයක් යන විට එන email අඩුවෙලා එයාගේ උනන්දුව ත් අඩුවෙලා ගියා. මම විස්තර අහන කොට , කෙටි email එකක් එවනවා, තාම case එක pending කියලා .
අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි , මට මේක ගැන සැකයක් ආවේ . පස්සේ මම email එකක් දැම්මා කෙලින්ම, Australia Immigration එකට, මගේ family එකට pending PR case එකක් තියෙනවද කියල අහල.
හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවා කියහන්කෝ, එහෙම case එකක් නැහැ කියල.
ඊට පස්සේ, මම , මේ ගැනීට email එකක් දාලා මේ ගැන ඇහුවා . පිළිතුරු නැහැ. call කලා answer කරන්නෙත් නැහැ. මගේ කව්රුත් Australia වලත් නැහැ. දැන් පලයන්කෝ Australia වට , මේ ගැනිගෙන් මගේ $4000 ගන්න. ගෙදරිනුත් බර බරේ,කලොත් කරන්න ගොන් වැඩක් කියලා .
PR සිහිනයත්, කඩාගෙන වැටුන. $4000 ටත් කෙල උනා . මන් ලංකාවේ ඉදන් දැන් ඉතින් දහ අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියල.
ඔහොම කාලය ගෙවිලා ගියා .... නමුත් internet එකේ මේ ගැනී ගැන විස්තර පීර පීරා හොයමින් හිටියේ, මොකක් හරි පොටක් අල්ල ගන්න.
දවසක් මේ ගැනී නමින් තොරතුරක් හම්බ උනා අන්තිමට . Australian website එකක දල තියෙනවා මංගල යෝජනාවක් , ගැනිගේ ඉංජිනේරු පුතාට ,දියණියක් සොයයි කියල. මට පොටක් පැදුන .
මගේ වැඩේ පටන් ගත්ත, අලුත් email account එකක් හැදුව , නුවර කුලවත් family එකක් විදිහට email එකක් දැම්ම, මගේ දුව doctor කෙනෙක් , සොයන්නේ australia වල ඉන්න සහකරුවෙක් කියල. හරිම සතුටුදායක පිළිතුරක් හම්බ උනේ.
Internet එකෙන් හොයා ගත්තු photos වලින් family එකක් හදල, යැව්වම, කොල්ලත් කැමති උනා , මොකද මනමාලි ලස්සනයි. ඊට පස්සේ දැන් පවුල් වල විස්තර , දෑ වැදී එහෙමත් email වලින් කතා කර ගන්න තැනට ආවා .