‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .
මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’
මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද වන ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
August 5, 2021 at 5:30 pm | lanka C news
ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේදී තාවකාලිකව හෝ උද්ඝෝෂණ නතර කරන මෙන් ගුරු සංගම්වලින් සහ ගුරුවරුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී බැගෑපත් ආයාචනයක් සිදු කළේය.
ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කල යුතු බවත්, බොහෝ ඉල්ලීම් සාධාරණ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සති කිහිපයකට හෝ උද්ඝෝෂණ, ජන ඒකරාශී වීම නතර කරන මෙන් ඉල්ලීය.
------
Post added on Aug 5, 2021 at 6:43 PM