සජිත්ට බෑ
=========
කන්දක් විළි ලා වැදූ මී පැටවෙකු දැකගන්නට මෙරට ජනතාවට වාසනාව උදා විය. ඒ එක්සත් ජාතික පෙරමුණේ ශරීරකෘත්යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමෙනි. නැවත වතාවක් වෙනස් ස්වරූපයකින් අලුත් බෝතලයකට දමන්න යන්නේ පරණ වයින්ම වුවත් මෙවර "මට පුළුවන් " ස්වරූපයෙන් එන්නේ ප්‍රචාරණයට කෝටි ගණන් වැයකරමින් මිනිස් වාසයට නුසුදුසු පෙට්ටි ගෙවල් සාදා අසරණ මිනිසුන් ණයකරුවන් කරන, කිසිදු දැක්මක් නැති තවමත් හැටේ දශකයේ චින්තනයක් සහ යැපුම් මානසිකත්වයක් සහිත සාමාන්‍ය පෙළ අසමත් තම ආසනයවත් දිනාගත නොහැකි ප්‍රේමදාස පුත්‍රයාණෝ ය. පහත ඇත්තේ ඔහු කැබිනට් ඇමති ධුරයක් හොබවන ආණ්ඩුව මහ දවල් කළ මහා පරිමාණ දූෂණ හා වංචා ය.
අගමැති රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය රවි කරුණානායක හා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ වු මහ බැංකු බැඳුම්කර මංකොල්ලය (සජිත් ප්‍රේමදාස පවා ප්‍රසිද්ධ වේදීකාවේ පිළිගත්තකි)
අමාත්‍ය රවී කරුණානායක සිය අමාත්‍යංශ බලතල භාවිත කරමින් පුද්ගලික ව්‍යාපාර සඳහා වාහන ආනයනය කොට රජයට කෝටි ගණනක් පාඩු කිරීම.
අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මහපොල භාරකාර අරමුදලින් මුදල් වංචා කිරීම.
අමාත්‍ය තලතා අතුකෝරාල විසින් මැද පෙරදිග යන ශ්‍රමිකයන්ගේ රක්ෂණ ක්‍රමයෙන් මුදල් වංචා කිරීම.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, හා ආර් පාස්කරලිංගම් විසින් හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99 කට බදුදීමේදී කළ මුල්‍ය වංචාව.
අමාත්‍ය කබීර් හා චරිත රත්වත්තේ විසින් ශ්‍රී ලාංකන් ගුවන්සේවයේ එයාර් බස් ඇනවුම අවලංගු කිරීමේදී සිදු වූ මූල්‍ය වංචාව. (මෙම ඇනවුම අවලංගු කිරීම නිසා ගුවන් සේවාවට වූ පාඩුව රුපියල් මිලියන 17,000 ක් බව ගුවන් සමාගමේ වාර්ශික මුල්‍ය වාර්තාවේ ම සඳහන් වේ.)
අමාත්‍ය පී හැරිසන් හා වී අලවි මණ්ඩලයේ සභාපති එක්ව තෝරාගත් සමාගම් කිහිපයකට වී නිකුත් කොට කළ මුදල් වංචාව.
අමාත්‍ය රාජිත සේනාරත්න තම බලතල අවභාවිත කරමින් මොදර ධීවර වරාය බදු දීම හා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට වංචනික ලෙස නැව් අටක් ගෙන්වීම.
අමාත්‍ය රවී කරුණානයක හා හර්ෂ ප්‍රභාත් සිල්වා යන අය රජයට වංචා කරමින් වාහන කැබලි කිරීමේ ව්‍යාපාරයක් මගින් රජයට පාඩු කිරීම.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ලෙස ඖෂධ මාෆියාවක් හැසිරවීම.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, ආර් පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ විසින් නොරිච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී මුදල් වංචාවක් කිරීම.
පහත ඇත්තේ 2015 සිට මේ දක්වා සජිත් ප්‍රේමදාස කැබිනට් අමාත්‍ය ධුරක් හෙබවූ ආණ්ඩුවක් මේ දක්වා රටට අත්කර දුන් ප්‍රගතියයි.
2012 වසරේ 3.88% වු විරැකියාව 2018 වන විට 4.4% දක්වා වැඩිවී ඇත.
2012 වසරේ දී නීතියේ ආධිපත්‍යය අතින් ලොව 48 වන ස්ථානයේ සිටි ලංකාව 2018 වසරේ සිටියේ 68 වන ස්ථානයේ ය.
2015 වනවිට ලොව වේගයෙන්ම සංවර්ධනය වන නගරය වු කොළඹ නගරය අද මුල් නගර දහයේවත් නැත.
2014 ට සාපේක්ෂව භාණ්ඩ හා සෙවා බදු 100% ඉහළ ගොස් ඇත.
ආසියාවේ දුර්වලම ආර්ථික වර්ධන වේගය වූ 3.1% පසුගිය වසරේ වාර්තා විය. 2019 වන විට අපට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්තානය පමණි.
2012 වසරේ දේශීය ඉතිරිකිරීම් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 27.20% වූ අතර එය 2018 වන විට 21.20 දක්වා අඩු වී ඇත.
රජයේ ආයෝජන 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 32.3% අතර 2018 වසරේ එය 28.6% පහත බැස තිබුණි.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය 2014 වන විට 77.6% ක් වූ අතර එය 2018 දී 91% දක්වා වැඩිවී තිබුණි.
2014 වනවිට ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් 131.1 ගෙවීමට සිදුවූ අතර 2019 වනවිට එය 182.5 දක්වා ඉහළ ගොස් ඇත.
ට්‍රිලියනය ඉක්ම වූ බැඳුම්කර වංචාව නිසා විදේශ ආයෝජන අහිමි වීමෙන් රුපියලේ අවප්‍රමාණය වීම 16% කින් ඉහළ ගියේය.
පසුගිය රජය සැළසුම් කළ මෙගාවොට් 1200 විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නම් අදවන විට විදුලි ඒකකයට ගෙවන මුදල රු 12.36 කි.
2014 වසර වනවිට බැංකු කේෂ්ත්‍රයේ රුපියල් බිලියන 165 වු
බොල් ණය ප්‍රමාණය 2018 වනවිට රුපියල් බිලියන 263 දක්වා වැඩිවී තිබුණි.
2014 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන -8500 ක් වු ආනයන අපනයන වෙළද ශේෂය 2018 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන -10,300 දක්වා වැඩි වී තිබුණි.
2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 24,000 ක වෙළඳපල ප්රාග්ධනායනයක් සහිතව අප ආසියාවේ හොඳම කොටස් වෙළඳපල වු අතර එය 2018 වසර වනවිට ඩොලර් මිලියන 15,500 දක්වා පල්ලම් බැස තිබුණි.
2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටුණු අතර හෝටල් සේවකයන් 2000 කට රැකියා අහිමි විය.
මේ සියල්ල කියවූ පසු සජිත්ට බැරි බවත් ඔහු වටා සිටින්නේ අන්තවාදී අසමත් දූෂිතයන් බවත් ඔබට තේරුම් ගත නොහැකි නම් ඔබ උපන් ගෙයි මෝඩයෙකු බව තහවුරු කිරීමට කිසිදු පරීක්ෂණක් අවශ්‍ය වන්නේ නැත.
===================
සොනාල ගුණවර්ධන