මේ මගේ කතාව පමණක් නොවේ.....
පහුගිය 2020 මාර්තු 10 දා ඉඳන් දරාගෙන හිටියා....
එක එක විදිහට කැටයම් නිවේදන දාලා
රට වහන හැටි බලාගෙන
මුවින් නොබැන ඉවසගෙන.....
බැංකුවේ, අල්මාරිය අස්සේ, පොඩි වුන්ගේ කැට වල තිබුණු සල්ලි ටික
ඉවර වෙනකම් -
අමාරුවෙන් රැකගෙන හිටපු ගෑණිගෙ කණකර ටික සින්න වෙනකම්-
හිතවත්ම මිතුරෙක්ගෙන් - ඥාතියෙක්ගෙන් අතමාරුවක් අරගෙන-
යාන්තමට ලෙවකාගෙන........
රජයේ කිසිදු දීමනාවක් නොලබා සිටිය අපිට
මෙතැනින් එහාට දරාගන්න බෑ......
හැබැයි
හුළඟෙන් සැතැප්ම ගණන් දුරට පැතිරී නොයන බව,
දෙසතියකට වඩා ක්‍රීයාකාරී නොවන බව,
විද්‍යාත්මකව තහවුරු කළ වෛරසයක්
කරන හානිය
මුහුදෙන් වටවුණු දූපතකදී පාලනය කරන්න බැරි වුණා නම්
ඒක නීති පිළිපැද්ද මිනිස්සුන්ගේ වරදක් නොවේ....
ඒ නිසා......
වැඩිවෙන අවධානම හමුවේ
හෙට ඉඳන්
ආයෙත් රට වහනවනම්......
මේ රටේ ජනාධිපතිවරයාට - මැති ඇමැතිවරුන්ට - රජයේ සේවකයින්ට - වැඩි දීමනා ලබන විශ්‍රාමිකයින්ට පවා
(සෞඛ්‍ය සේවකයින්/පොලීසිය/ ග්‍රාම නිළධාරී ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර)
ලැබෙන්න ඕන
එකම ප්‍රමාණයේ සළාකයක්....
ඒ කියන්නේ මාසෙට රුපියල් 5000 නම් 5000ක් විතරයි.
එයාලට සම්පූර්ණ වරප්‍රසාද සහ වැටුප් ලබන්නත්
එදා වේල හම්බු කරන් කන
පෙදරේරුවට, වඩුවට, ත්‍රීවිල් කාරයට
වගේම තමන්ගේ බිස්නස් එකක් කරගෙන හිටපු
අපිට උඩ බලාගෙන සුසුම් ලන්නත් බෑ....
ගෙදරට හිර කරලා
හරි දිනේට
කරන්ට් බිල - වතුර බිල
එවනකොට පපුව රිද්දගන්න බෑ.....
ඒ නිසා
ඉහළ සිට පහළට හැම පවුලකටම සමාන දීමනාවක්
ගෙවන්න පුළුවන් නම් මිසෙක රට වහන්න....
නැත්නම් රට වහන්න එපා.....
(වෛරසයට බය එවුන් ගෙවල් වලට වෙලා හිටපියව්)
ඩාවින්ගේ ස්වභාවික වරණයත් - බුදු බණත් දන්න අපි කොහොම හරි එදාවේල හම්බු කරන් කන්නම්.
©ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
