Congratulations Dinesh Priyantha 🇱🇰(67.79m)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මන් හිතන්නෙ කුමනයම් හෝ ඔලිම්පික් ගේම් එකක ලංකාව ගහපු පළවෙනිම රන්පදක්කම මේ ?

    පොරගෙ ආබාධෙ අදාල නැහැ .
    ආබාධයක් නැත්තම් ඕකට යන්නත් බැහැ .
    එත් පොර වර්ල්ඩ් රෙකොර්ඩ් එකකුත් තියලා අඩුම ගානෙ ලංකාව මෙඩල් ලිස්ට් එකෙ අන්තිම හරියෙ පල් වෙන එකෙන් බෙරගත්තා .
    ඔව් මීට කලිං සිල්වර් දෙකක් විතරයි තිබ්බේ
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය.

    පැරලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කම ලෙසද එය වාර්තා අතරට එක් විය.

    එක් අතක් වැලමිටට පහළින් හෝ ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරග වදින එෆ් 46 කාණ්ඩය යටතේ තරග වැදුණ දිනේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මිටර් 67.79 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්තාව පිහිටුවේය. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 ක් ලෙසද, දෙවැනි උත්සාහය මීටර් 62.19 ක් ලෙසද සටහන් විය.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන 35 හැවිරිදි දිනේෂ්, 2016 වසරේදී පැවැති රියෝ පැරලිම්පික් උළෙලේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් එෆ් 46 කාණ්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් ක්‍රීඩකයාද විය.

    2017 වසරේ ලන්ඩන්හිදී (මීටර් 57.93) සහ 2019 වස⁣රේ ඩුබායිහිදී (මීටර් 60.59) පැවැති පැරා ලෝක ශූරතාවලි දෙකේදී රිදී පදක්කම් හිමිකරගත් ඔහු, 2018 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මිටර් 61.84 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනාගත්තේය. මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වීමට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය.

    මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි වාර්තාව අභිබවා යෑමට සමත් වීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

    2016 වසරේදී පැවැති රියෝ පැරාලිම්පික් උළෙලේදී මීටර් 63.97 ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ දේවේන්ද්‍ර, එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කීවේය. මෙවර තරගාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 ක දුරක් හෙල්ල විසි කිරීමට දේවේන්ද්‍ර සමත් වුවද, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

    පැරා ලෝක ශුරතාවලි දෙකකදී (2017 සහ 2019) රන් පදක්කම් දෙකක් සහ පැරා ආසියානු ක්‍රීඩා උළෙලකදී (2018) රිදී පදක්කමක් දිනා සිටි ඉන්දියාවේ සුන්දර් සිං, මීටර් 64.01 ක දක්ෂතාවක් දක්වමින් මෙවර එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    incorrect info
    the 2nd ever medal; bronze was upgraded to a silver after the gold medalist was found guilty for doping charges
    උඹලා දෙන්නාම හරි .
    එකෙක් කියන්නෙ පැරා ඔලිම්පික් ගැන
    අනිකා කියන්න සමර් ඔලිම්පික් ගැන .

    සමර් එකෙ අපිට තිබ්බෙ සිල්වර් මෙඩල්ස් දෙකයි .
    ඒ ඩන්කන් වයිට් සහ සුසන්තිකා (සුසීගෙ බ්‍රොන්ස් එක සිල්වර් උනා මෙරියන් ජෝන්ස් තහනම් උත්තෙජක කේස් එකකට අහු උන නිසා )

    පැරාලිම්පික් වලත් බ්‍රොන්ස් දෙකක් තිබ්බෙ.
    එක බ්‍රොන් එකක් 2012 දි
    අනික 2016 දි .
    ඒ 2016 බ්‍රොන්ස් ගහපු පොරම තම මෙ සැරෙ වර්ල්ඩ් රෙකොර්ඩ් එකක් තියලා රන් පදක්කම ගැහැව්වෙ.
     
    • Love
    Reactions: tha123