මම සමූහයක් විදිහට කිරියට කැමතියි. ඒත් මේ වගේ කාරනා වලදි කිරියන්ස් ල මාතෘකාව mystify කරල ලබන ත්‍රිල් එකෙන් එහා දෙයක් නොසොයන එක කණගාටුයි. කවුරුත් අහන්නෙ නෑ ඇයි කියල, උත්තර බාගෙට කියන අයගෙ ආස්ථානය පැහැදිලි කරගන්න දිගටම follow up කරන්නෙත් නෑ. මගේ noob, basic bitch උත්තරේ පවා කවුන්ටර් කරල නෑනෙ කවුරුත්. දෙන දේකින් සතුටු වෙනව. බුද්ධියෙ ප්‍රශ්නයක් නෙමේ මේ තියෙන්නෙ, මන් හිතන්නෙ apathy එක.
මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උන සංසිද්ධිය ඉතාම වලංගු සිත්ගන්නාසුලු එකක්. ත්‍රෙඩ් එක දැම්ම කෙනාට හෝ අවංක පිළිතුරු දුන්න අයට නෙමේ මන් මේක කිව්වෙ
මෙහෙමයි , ඕනෙම දෙයක් අධ්‍යයනය කිරීම හා ඒ ගැන නිරීක්ෂණය කොට තමන්ගේ මතය පමණක් විද්‍යාර්ථීන්ගේ අනුදැනුමකින් තොරව ඉදිරිපත් කළ නොහැකියි. මා පළ කළ සෑම පෝස්ට් එකකටම මා 100% ක් වග කියනවා. ඒත් ඒ පිළිබඳව මා දරන මතය ප්‍රකාශ කරන්න තරම් මා බොළඳ නැහැ.
මා මෙහි රැඳී සිටින්නේ 2006 වර්ෂයේ සිට සහ මාගේ අත්දැකීම් අනුව ඔබ වැනි ඉක්මනින් සියල්ල විසඳා ගැනීමේ අභිලාෂය ඇති අයවළුන් අනන්තවත් හමු වී ඇත. නමුත් අප සතුව ඇති සම්පත්, අපට ගවේෂණය සඳහා ලබා දෙන අවකාශය ප්‍රමානවත් නොවන්නේ නම් මාගේ මතය ප්‍රකාශ කිරීම පුස්සකි.
කරුණාකර මා මෙහි දැමු පෝස්ට් එකින් එක කියවන්න. මවිසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන කරුණු සහ මාතලේ පුරවැසියෙකු ලෙස මා හට ඔබ දැනුවත් කළ හැකි කරුණු පමණි.ඊට අමතරව මාගේ විශ්වාස හෝ මත හෝ වෙනත් කිසි ම දෙයක් ඔබට ඒත්තු ගන්වන්නට මට අවශ්‍ය නැත.ඔබ විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ බුද්ධියට අනුව තීරණය කරන්න
පසු සටහන
මම මේ ලෝකයේ දෙවියන් හෝ රාවණා හෝ කිසිම අද්භූත බලවේගයක් ඇතැයි විශ්වාස නොකරන අයෙක්මි