සෙල්ටෙල් මුලින්ම ආවේ ගඩොල් බාගේ ෆෝන් එක. රතු පාට LED display එකක් තිබ්බේ. සිග්නල් හොයන්න කඳු නැගනෙන යන්න ඕන.
මෙන්න මේක:
ගේම් ගෙනිච්චෙ 3.5" ෆ්ලොපි ඩිස්ක් සෙට් වල. ඩිස්ක් එක ශුවර් නැති නිසා සෙට් 2ක් pk-zip හරි RAR වලින් ගහනවා.
ඒකාලේ technology සුලබව තිබුනේ නැති එකේ එක හොඳක් තිබ්බා. සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තමයි පාවිච්චි කලේ. දැන් වගේ නෙමෙයි. එකේ පාඩුව තේරෙන්නේ අරව මේවා ලීක් උනා, හැක් උනා කියාගෙන දැන් කට්ටිය අඬනවා දැක්කම.
අනිත් එක කොඩින් කරන උන් නෙට් එකෙන් copy paste කරලා debug කරගන්න බැරුව දැඟලුවේ නෑ. කොඩින් කරන language එක ඉගෙනගෙන කෝඩ් කලේ.