මාව පස්සෙන් පන්නලා, හොයලා හොයලා හැංගිලා බලං ඉද්දී හොයන හැටි දැකලා, පස්සේ හොයාගන්න නැතිව බැන බැන ගියපු හැටි මතක්වුනා

එදා මාට්ටුවුනානං අදටත් ලයිසන් නෑ.

ගූ ගිය නැති ටික විතරයි.

මේක කියෙව්වාම මටත් වෙච්ච රසවත් කතාවක් මතක් උනා.
මේක උනේ 80 දශකයේ මැද හරියේ. මගේ මස්සිනාගේ බයික් එකේ "මිස්" එකක් තියනවා, ඒකට මොනවා හරි කරපං කියලා ඒක මට දීලා, මෑන් මගේ බයික් එක අරන් ගියා. මට හදිසි ගමනක් තිබුන නිසා ඒක හදා ගන්නේ නැතුවම, ඒ ගමන ගියා. මගදී බයිසිකලේ ලෙඩ දෙන්න ගත්ත නිසා ගමනත් අසාර්ථකයි (මේ අටමගලේ මග නැවතී නැවති යනකොට කෙල්ල ගෙදර ගිහිං) .
ඒකටත් හිතේ අමාරුවෙන් ආපහු එනකොට (මේකේ ලෙඩේ පැට්රෝල් ෆිල්ටරේ බ්ලොක් වෙලා කියලා මට ඒ වෙනකොට තේරිලයි තිබුනේ. හයියෙන් රේස් නොකර ගානකට යනවා නම් යන්න පුළුවන්. රේස් කලොත් නවතිනවා) ටිකක් කළුවරත් වැටීගෙන එනවා. මම බයික් එක ගැන කල්පනාවෙන්ම ගෙදර ඇවිත්, පුරුදු විදියට ගැරේජ් එකේ පිටිපස්සේ දොරෙන් බයිසිකලේ ගැරේජ් එකට දාන කොටම පොලිසියේ බයිසිකලේ (ඒ කාලේ තිබුනේ හොන්ඩා 400CC එකක් මට මොඩල් එක මතක නැහැ) සයිරන් එකත් ගහගෙනම පාරේ ගියා.
ඊට විනාඩියක් යන්නත් ඉස්සෙල්ලා, හන්දියේ කඩේක යාළුවෙක් හති දාගෙන පුෂ් බයිසිකලේකින් "ඇවිත් තෝ මොකක්ද යකෝ අර කලේ?" කියලා මගෙන් ඇහුවා. මම මුකුත් කලේ නැහැයි කියපුවාම තමයි මෑන් වෙච්ච දේ කිව්වේ.
මම බයිසිකලේ ගියර් මාරු කරන්නේ නැතුව ටොප් එකේම (ඒ උනාට රේස් කරන්නේ නැතුව හිමින් තමයි ආවේ.) ඒ ගැන කල්පනාවෙන් හන්දියේ නවත්තලා තිබුන බස් එකකටයි, ඒ බස් එකෙන් බැහැලා පාර පනින මිනිස්සුන්ටත් වෙට්ටුවක් දාලා පාරේ වැරදි පැත්තෙන් තමයි අපේ ගෙවල් පැත්තට හැරෙව්වේ. මේක දැකපු ට්රැෆික් පොලිස් කාරයා මට ආදරයෙන් කතා කරලා තියනවා. මම අවධානයෙන් නොහිටපු නිසා මට ඇහුනේ නැහැ.
කුණුහරුප වරුසාවකින් මාව අමතන ගමන්ම, පස්සෙන් පන්නන්න මෑන් බයික් එකේ සෙල්ෆ් ස්ටාර්ට් ගහලා තියනවා. කලබලේට, වැඩිපුර රේස් කරපු නිසාද කොහෙද ස්ටාර්ට් වෙලා නැහැ. තුන් හතර පාරක් ගහලා, බැරි තැන කික් ස්ටාර්ට් කරලා. (කාබ් එක ෆ්ලඩ් උනාම ලේසියෙන් ස්ටාර්ට් වෙන්නේ නැහැ) තමයි මේක පත්තු කරගෙන තියෙන්නේ.
කොහොම හරි පොලිස් බයික් එක මාව දකින්න තත්පරයකට (ඊටත් අඩු නම් මිසක් වැඩි නැහැ) කලින් මම වත්තට හැරෙව්ව නිසාත්, පොලිස් බයිසිකලය අපේ ගේ ඉදිරිපිටට එනකොටම මම ගේ පිටිපස්සට ගිය නිසාත් මාව දැකල නැහැ. අපේ ගෙවල් වලට ටිකක් එහා හරියේ හැම තැනම මාව හොයලා.
එදා අහු උනා නම් උන් දෙන්නා ගෙන් තාම ගුටි කනවා.