P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Iye Car eke eddi re 8ta withara pare anith pette idan flash light ekak gahuwa mn overtake karala yaddi mn dekke ne e police da kiyala mn hithuwe 3 wl ekaka head light ekak kiyala. Mata thama sure ne e police da kiyala. mn ithin newathuwe ne. Un pannala aweth ne. Police nm moko wenne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,106
    1
    31,639
    113
    - උඩරට -
    Iye Car eke eddi re 8ta withara pare anith pette idan flash light ekak gahuwa mn overtake karala yaddi mn dekke ne e police da kiyala mn hithuwe 3 wl ekaka head light ekak kiyala. Mata thama sure ne e police da kiyala. mn ithin newathuwe ne. Un pannala aweth ne. Police nm moko wenne
    අණ නොතකා ධාවනය කරා කියලා වෙඩි තියනවා 😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාව පස්සෙන් පන්නලා, හොයලා හොයලා හැංගිලා බලං ඉද්දී හොයන හැටි දැකලා, පස්සේ හොයාගන්න නැතිව බැන බැන ගියපු හැටි මතක්වුනා🤣
    එදා මාට්ටුවුනානං අදටත් ලයිසන් නෑ. 🤣
    ගූ ගිය නැති ටික විතරයි.🤣🤣
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මාව පස්සෙන් පන්නලා, හොයලා හොයලා හැංගිලා බලං ඉද්දී හොයන හැටි දැකලා, පස්සේ හොයාගන්න නැතිව බැන බැන ගියපු හැටි මතක්වුනා🤣
    එදා මාට්ටුවුනානං අදටත් ලයිසන් නෑ. 🤣
    ගූ ගිය නැති ටික විතරයි.🤣🤣
    Number ekata nadu danne nedda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,646
    1
    99,892
    113
    33
    Kalutara
    ඊයෙ කොල්ලෙක් එක්ක කන්න ගියා ගාලුපාරෙ අලුත් පිට් එකකට. ඌ වඩට ගිහින් එන ගමන් මා එක්ක බයික්කෙ ගියේ. ඌට හෙල්මට් නෑ. කාල ගෙදර ආව ඌ එක්ක. ආවෙ ශෝට් කට් එකක කවදාවත් පොලිසියෙන් ඉම්නෙ නැති පාරෙ ඊයෙ හිටිය කියහන්කො. නැවැත්තුවා. නවත්තලා ලයිසන් එක ගත්තා. අරගෙන ලියන්න හැදුව මම කටවහගෙන හිටියා. බීලා නෙද අහුවා. මම කිව්ව නෑ කාලා ඉන්නෙ කියල. මාස්ක් එක ගලවන්න කිව්ව. උගෙ අතට පිඹින්න කිව්වා. පිම්බා. පස්සෙ අරූට පයින් බැහැලා යන්න කිව්වා මට ලයිසන් එක දුන්නා. අරූව මගින් අරගෙන ඌවත් ගෙදරින් බස්සලා මාත් ගෙදර ආවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කැරියෝ ලයිට් ගැහුවම නවත්තපන්. අපි ෂූටිං ගිහින් ආපු වාහනේ කැඩිලා තිබුණේ. තොට ලයිට් ගැහුවම තෝ overtake කරලා ගියා නේද.. අකුලොළම පලයන්

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඊයෙ කොල්ලෙක් එක්ක කන්න ගියා ගාලුපාරෙ අලුත් පිට් එකකට. ඌ වඩට ගිහින් එන ගමන් මා එක්ක බයික්කෙ ගියේ. ඌට හෙල්මට් නෑ. කාල ගෙදර ආව ඌ එක්ක. ආවෙ ශෝට් කට් එකක කවදාවත් පොලිසියෙන් ඉම්නෙ නැති පාරෙ ඊයෙ හිටිය කියහන්කො. නැවැත්තුවා. නවත්තලා ලයිසන් එක ගත්තා. අරගෙන ලියන්න හැදුව මම කටවහගෙන හිටියා. බීලා නෙද අහුවා. මම කිව්ව නෑ කාලා ඉන්නෙ කියල. මාස්ක් එක ගලවන්න කිව්ව. උගෙ අතට පිඹින්න කිව්වා. පිම්බා. පස්සෙ අරූට පයින් බැහැලා යන්න කිව්වා මට ලයිසන් එක දුන්නා. අරූව මගින් අරගෙන ඌවත් ගෙදරින් බස්සලා මාත් ගෙදර ආවා.

    Okama una 3k daan gihin beela hitiyata mattu un na :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ලඟදි දවසක බාර් එකකට ගියා බෝතලයක් ගන්න. හොඳට ගසලා හිටපු පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා මදි පාඩුව ගෙනියන්න. මූ බඩු ගන්නකොට එතන හිටපු වෙන එකෙක් කිවුවා මල්ලි හැමතැනම පොලිසියෙන් ඉන්නවා කියලා. මේකා ආ හරි අයියා කිවුවා, ටී ෂර්ට් එක ගලෝලා පිටිපස්සෙ නම්බර් ප්ලේට් එකේ ඔතලා කුරුල්ලා වගේ ගියා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Iye Car eke eddi re 8ta withara pare anith pette idan flash light ekak gahuwa mn overtake karala yaddi mn dekke ne e police da kiyala mn hithuwe 3 wl ekaka head light ekak kiyala. Mata thama sure ne e police da kiyala. mn ithin newathuwe ne. Un pannala aweth ne. Police nm moko wenne
    ඔය පොලොස්කොට්ටෝරුවො එන්නෙ නෑ
     
    • Like
    Reactions: P.E.K.K.A

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මාව පස්සෙන් පන්නලා, හොයලා හොයලා හැංගිලා බලං ඉද්දී හොයන හැටි දැකලා, පස්සේ හොයාගන්න නැතිව බැන බැන ගියපු හැටි මතක්වුනා🤣
    එදා මාට්ටුවුනානං අදටත් ලයිසන් නෑ. 🤣
    ගූ ගිය නැති ටික විතරයි.🤣🤣
    මේක කියෙව්වාම මටත් වෙච්ච රසවත් කතාවක් මතක් උනා.

    මේක උනේ 80 දශකයේ මැද හරියේ. මගේ මස්සිනාගේ බයික් එකේ "මිස්" එකක් තියනවා, ඒකට මොනවා හරි කරපං කියලා ඒක මට දීලා, මෑන් මගේ බයික් එක අරන් ගියා. මට හදිසි ගමනක් තිබුන නිසා ඒක හදා ගන්නේ නැතුවම, ඒ ගමන ගියා. මගදී බයිසිකලේ ලෙඩ දෙන්න ගත්ත නිසා ගමනත් අසාර්ථකයි (මේ අටමගලේ මග නැවතී නැවති යනකොට කෙල්ල ගෙදර ගිහිං) .

    ඒකටත් හිතේ අමාරුවෙන් ආපහු එනකොට (මේකේ ලෙඩේ පැට්‍රෝල් ෆිල්ටරේ බ්ලොක් වෙලා කියලා මට ඒ වෙනකොට තේරිලයි තිබුනේ. හයියෙන් රේස් නොකර ගානකට යනවා නම් යන්න පුළුවන්. රේස් කලොත් නවතිනවා) ටිකක් කළුවරත් වැටීගෙන එනවා. මම බයික් එක ගැන කල්පනාවෙන්ම ගෙදර ඇවිත්, පුරුදු විදියට ගැරේජ් එකේ පිටිපස්සේ දොරෙන් බයිසිකලේ ගැරේජ් එකට දාන කොටම පොලිසියේ බයිසිකලේ (ඒ කාලේ තිබුනේ හොන්ඩා 400CC එකක් මට මොඩල් එක මතක නැහැ) සයිරන් එකත් ගහගෙනම පාරේ ගියා.

    ඊට විනාඩියක් යන්නත් ඉස්සෙල්ලා, හන්දියේ කඩේක යාළුවෙක් හති දාගෙන පුෂ් බයිසිකලේකින් "ඇවිත් තෝ මොකක්ද යකෝ අර කලේ?" කියලා මගෙන් ඇහුවා. මම මුකුත් කලේ නැහැයි කියපුවාම තමයි මෑන් වෙච්ච දේ කිව්වේ.

    මම බයිසිකලේ ගියර් මාරු කරන්නේ නැතුව ටොප් එකේම (ඒ උනාට රේස් කරන්නේ නැතුව හිමින් තමයි ආවේ.) ඒ ගැන කල්පනාවෙන් හන්දියේ නවත්තලා තිබුන බස් එකකටයි, ඒ බස් එකෙන් බැහැලා පාර පනින මිනිස්සුන්ටත් වෙට්ටුවක් දාලා පාරේ වැරදි පැත්තෙන් තමයි අපේ ගෙවල් පැත්තට හැරෙව්වේ. මේක දැකපු ට්‍රැෆික් පොලිස් කාරයා මට ආදරයෙන් කතා කරලා තියනවා. මම අවධානයෙන් නොහිටපු නිසා මට ඇහුනේ නැහැ.

    කුණුහරුප වරුසාවකින් මාව අමතන ගමන්ම, පස්සෙන් පන්නන්න මෑන් බයික් එකේ සෙල්ෆ් ස්ටාර්ට් ගහලා තියනවා. කලබලේට, වැඩිපුර රේස් කරපු නිසාද කොහෙද ස්ටාර්ට් වෙලා නැහැ. තුන් හතර පාරක් ගහලා, බැරි තැන කික් ස්ටාර්ට් කරලා. (කාබ් එක ෆ්ලඩ් උනාම ලේසියෙන් ස්ටාර්ට් වෙන්නේ නැහැ) තමයි මේක පත්තු කරගෙන තියෙන්නේ.

    කොහොම හරි පොලිස් බයික් එක මාව දකින්න තත්පරයකට (ඊටත් අඩු නම් මිසක් වැඩි නැහැ) කලින් මම වත්තට හැරෙව්ව නිසාත්, පොලිස් බයිසිකලය අපේ ගේ ඉදිරිපිටට එනකොටම මම ගේ පිටිපස්සට ගිය නිසාත් මාව දැකල නැහැ. අපේ ගෙවල් වලට ටිකක් එහා හරියේ හැම තැනම මාව හොයලා.

    එදා අහු උනා නම් උන් දෙන්නා ගෙන් තාම ගුටි කනවා.