මම නම් බලපු හොද Action/Sci-fi ‧Movie එකක් තමයි The Tomorrow War .
IMDb RATING
6.6/10
173K
බලපු නැති අයට දැනගන්න Movie එකේ කතාව
ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් ඔබට සමීප කරන්නයි මේ සූදානම. ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත සිදුවීමක් වෙනුවෙන් වර්තමානයේ විසඳුම් සෙවීමක් තමයි අපට දකින්න ලැබෙන්නේ. දැනට ලෝකයේ ඇඟට නොදැනුනු ලොකු පාරිසරික ගැටළුවක් තමයි උත්තර සහ දක්ෂිණ ධ්‍රැව වල අයිස් දියවීම. දැනට නොදැනුනත් අනාගතයේ මීට වසර 50-100ක් ඉදිරියට ලෝකයේ වෙරළාසන්න රටවල් බොහොමයකට ලොකු තර්ජනයක් වෙන දෙයක් තමයි අයිස් දියවීම හරහා සාගර ජාල මට්ටම ඉහල යාම. ගෝලීය උෂ්ණත්වය වැනි කරුණු කරණා නිසා මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු උවත් ඊට දැනටත් ස්ථිර විසඳුමක් සොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ.
චිත්‍රපටය ගැන කතා කලොත් වර්තමානය හෙවත් 2022 පාපන්දු ලෝක කුසලානය පවත්වන්නේ පළමු වරට මැදපෙරදිග රටක් වන කටාර් රාජ්‍යය තුලයි. දැනටමත් ඒ වෙනුවෙන් කටාර් රාජ්‍යය සූදානම් වෙනකොට මේ චිත්‍රපටය ආරම්භයක් ගන්නේ ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයයි. මෙම තරංග දැඩි රශ්මිය නිසා ශීත කාලය තුලයි පවත්වන්නේ. ඉතින් මේ තරඟය දිහා ලොව වටා පාපන්දු නරඹන්නන් බලාගෙන ඉන්නවා. ඒ බලන පිරිසෙන් කෙනෙක් තමයි ඩැනියෙල් ෆොරෙස්ටර් කියන්නේ. ඩැනියෙල් එයාගේ දුව මියුරි එක්ක මේ තරඟය බලන අතරේ සජීවීව කටාර් වල මෙම පාපන්දු පිටිය තුල එකවර අමුතු දෙයක් සිදු වෙනවා. අයුධ සන්නද්ධ පිරිසක් එක් වරම පිටිය මැදින් මතුවෙන්නේ හැමෝම පුදුම කරමින්. මේ එන පිරිස හැමෝටම පුදුමයක් ඇති කරන අතර ඔවුන් එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ පිරිස එන්නේ මීට වසර 30ක් එහා අනාගතයෙන්. මේ එන පිරිස අනාගතය හරහා අතීතයට එන්නේ ඇයි? මොනවද එයාල අපෙන් ඉල්ලන උදව්ව? මේ හැම දෙයක්ම විසඳගන්න ඔබට ක්‍රියාදාම වලින් පිරුන විනාඩි 138ක් ලැබෙනවා.
මේ චිත්‍රපටය සඳහා Chris Pratt, J.K. Simmons වගේ ප්‍රවීණ නළුවන් සහභාගී වන අතර මෙහි අධ්‍යක්ෂණය Chris McKay විසින් සිදුකොට තිබෙනවා.
බලපු අයගේ අදහස් කොහොමද?