ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට.

