who is this online English teacher ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,865
    35,762
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන කොරෝනා -ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වැළඳුණ ශ්‍රී ලංකාවේ මුල්ම තැනැත්තිය ගැන පසුගියදා වාර්තාවිය. ඇය එන්නත් ලබා නොගෙනම සැමියා සමග නයිජීරියාවේ සමුළුවකට ගොස් පැමිණි ආකාරයත් අනතුරුව නිරෝධායනය වන බව පවසා එසේ නොකළ ආකාරයත් මේ වනවිට එම රෝගය පැතිරීම සම්බන්ධ බරපතල කාරණා මතු කර තිබේ.


    මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි 25 වියැති මෙම කාන්තාව සහ 32 වියැති ඇගේ සැමියා නයිජීරියාවට ගොස් ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි. ඔවුන් එරට පැවැත්වෙන සමුළුවකට සහභාගීවන බව පවසා වීසා ලබාගෙන පිටත්ව ගොස් තිබුනේ එන්නත් කාඩ්පත් නැතිවය. ඔවුන් නැවත එන්නේද එන්නත් සහතික නැතිවය.
    ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී එන්නත් කාඩ් පරීක්ෂා කරන්නේ අදාළ ගමනාන්ත රට කාඩ්පත විමසනවානම් පමණක් බව ඊයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් දන්වා තිබේ. එසේම
    නැවත පැමිණෙන අවස්ථාවේදී කාඩ්පත් නැති අය භාර නොගැනීමේ සිරිතක් නැති බවත් ඔවුන්ට අනිවාර්ය නිරෝධායනයට යොමු කරන බවත් පමණක් ඔහු කීය.
    නයිජීරියාවේ සිට ඉකුත් 24 වෙනිදා ලංකාවට පැමිණි මාරවිල යුවළ කටුනායක ගුවන්තොටුපොල පරීශ්‍රයේදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කර තිබුණි.
    එහිදී මෙම කාන්තාව කොවිඩ් ආසාදිතයෙක් ලෙස හදුනා ගන්නා නමුත් ඔමික්‍රොන්ද නැද්ද යන්න එම වාර්තාවෙන් හඳුනාගන්නට අවකාශ නොතිබිණි. නමුත් අප්‍රිකානු රටක සිට පැමිණි බැවින් ඔවුන්ගේ සාම්පල ඔමික්‍රොන් සහිතදැයි දැනගන්නට ජාන විශ්ලේෂණය සඳහා යොමු කර තිබුණි.
    කොරෝනා ධනාත්මකවූ බැවින් කාන්තාව පානදුර ලුනාවේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බලධාරීන් යොමු කරන ලද බව කියැවිණි.


    නමුත් මෙම කාන්තාව එහි රැඳී සිට ඇත්තේ එසේ යොමු කළ දිනයේ පමණි. පසුදාම ඇය එම මධ්‍යස්ථානයට දන්වා ඇත්තේ තමාට වැඩ ඇති බවත් එබැවින් එහි රැඳී සිටීම තේරුමක් නැති නිසා නිවෙස් නිරෝධායනයට යන බවයි. ඒ අනුව ඇය මාරවිල ලිපිනයක් අදාළ බලධාරීන්ට යොමු කර එතැනින් පිටව යන්නේ කොරෝනා ධනාත්මකවී තිබියදීය.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශය ඇගේ සාම්පලවල ඔමික්‍රොන් සහිත බවට ඉකුත් 03 වෙනිදා හඳුනාගන්නේ ඇය නිරෝධායනය සඳහා පිටත්ව ගොස් දින 10 කිනි. වාර්තා ලද විගස ඇය ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලා තිබුණි.
    ඇය පානදුර ලුනාවේ මාධ්‍යස්ථානයේ නැති බව දැනගත් විට ඇයගේ නිවසේ ලිපිනයට කණ්ඩායමක් පිටත්ව ගොස් ඇය ගැන සොයා බැලූ අතර ඇය මාරවිල තල්විල සමෘද්ධි මාවතේ නිවසේ නොසිටියාය.
    නිරෝධායනයට කියා ගොස් තිබුණ නමුත් ඇය ගැන ප්‍රදේශය භාර මහජන පරීක්ෂකවරයා හෝ අඩුතරමින් අසල්වාසී නිවාසවල වාසය කරන්නන් හෝ ඇය නිරෝධායනයට ලක්වන බව දැනසිටියේ නැති අතරම ඇය රෝගයද තියාගෙන තැන්තැන්වල ගොස් තිබෙන බව හෙළි විය.
    පසුව මාරවිල සමනල මාවතේ වෙනත් ලිපිනයක නිවසක් පරීක්ෂා කර ඇයව සොයාගන්නට හැකිව තිබේ.
    ඇය මෙරටින් හමුවූ පළමු ඔමික්‍රොන් රෝගියා වන බැවින් එහි භයානක තත්වය ඇයට පහදා දෙන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ ගැන පවසා ඇති කරුණු අනුව මෙම කාන්තාව හා සැමියා බොහෝ තොරතුරු සඟවා කටයුතු කර තිබේ.
    මෙම කාන්තාව රැකියාවක් ලෙස ඔන්ලයින් ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන තැනැත්තියක බව පැවසිණි.


    මේ දෙන්නා ගැන වැඩිපුර සොයා බැලීමේදී ඇය සැමියා සමග ඔක්තෝබර් 28 වෙනිදා නයිජීරියාවේ ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගි වන බව දන්වා පිටත්ව ගොස් තිබූ අතර පෝරමය පුරවා තිබුනේ කාන්තාව ඉංග්‍රීසි කථිකාචාරිනියක ලෙසත් සැමියා රැකියාවක් නොකරන අයෙකු ලෙසත්ය. ඔවුන් එන්නත් ලබාගෙන නොමැතිවූ ගුවන් තොටුපළින් විදෙස් ගතවීමට හෝ යළි පැමිණීමට එය බාධාවක් වී නැත.
    යළි පැමිණෙන මගීන් සම්බන්ධ අධීක්ෂණය ඉතාදුර්වල මට්ටමක පවතින නිසා ඇයට පහසුවෙන් නිරෝධායනය අමතක කර දින 10 ක්තිස්සේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යාමට අවස්ථාව ලැබිණි. මේ වනවිට ඇයගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකුම පීසීආර් හා ඔමික්‍රොන් පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.
    මෙවැනි හිදැස් පවතිනතාක් කල් ඕනෑම භයානක රෝගයක් ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකි කාරණාවක් වනු ඇත.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,459
    113
    දැන් එහෙම නිරෝධායනය වෙන කෙනෙක්ට මට යන්න ඕනේ කියලා යන්න පුලුවන්ද? හා පලයන් කියලා යන තැනවත් බලන්නේ නැතුව ඉන්න එකාට පඩි ගෙවන්නේ අහවල් එකක් කරනවාටද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,865
    35,762
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් එහෙම නිරෝධායනය වෙන කෙනෙක්ට මට යන්න ඕනේ කියලා යන්න පුලුවන්ද? හා පලයන් කියලා යන තැනවත් බලන්නේ නැතුව ඉන්න එකාට පඩි ගෙවන්නේ අහවල් එකක් කරනවාටද

    depattenma responsibilities aragena na
    dan wenna ona hariya wela ati
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    රජකාලේ දඬුවම් දෙන්න ඔනේ කුපාඩි කමට දැන දැනම හැංගි හැංගි කොරෝනා පතුරවලා කෙලවන උන්ට :angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,865
    35,762
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජකාලේ දඬුවම් දෙන්න ඔනේ කුපාඩි කමට දැන දැනම හැංගි හැංගි කොරෝනා පතුරවලා කෙලවන උන්ට :angry:

    hoya ganna widiyak nadda
    nama dala nane
    mun social media eke nam bahala thousand talks denna ati corona walata arama karanna mehema karanna kiyala

    Maravila paththe oya aagam conversion cn wadi.
    Me couple eka ehema dennek wage.

    online english teacher kauda ban
    ------ Post added on Dec 5, 2021 at 1:20 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,078
    13,961
    113
    hoya ganna widiyak nadda
    nama dala nane
    mun social media eke nam bahala thousand talks denna ati corona walata arama karanna mehema karanna kiyala



    online english teacher kauda ban
    ------ Post added on Dec 5, 2021 at 1:20 PM
    A ganu kenama neh kiyala thiyenne online teacher kenek kiyala.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ කියන්නේ දැන් බඩු හම්බ වෙලා නේ ලංකාවට ම.

    යාකෝ දවස් 10 ක් යනවාද report එන්න. එතන නේ වරද තියෙන්නෙ. කවුද බං ලෙඩක් තියෙනවා කියලා දන්නේ නැතුව දවස් 10 ක් ඉන්නේ.

    තවම බැරි උණද මේ ගෝලොන්ට ප්‍රාදේශීය රෝහල් මට්ටමින් pcr testing සෙන්ටර්ස් දාන්න. Dokalath මූලික දේ වන pcr පරික්ෂනවත් කරන් න සප් එකක් දෙනවනම් උන්ටත් බේරිලා රටත් බෙර ගන්න තිබ්බා යම් දුරකට හරි.