කොමිස්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොමිස් නිසා ලිට්‍රො සභාපති තෙෂාරට මේ මොකද උනේ? (The Truth Lanka වෙබ් අඩවියෙන්)

    කවුද මේ තෙෂාර ජයසිංහ? ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති. ලංකාවෙ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක ඉහළ පෙළේ නිලයක් දරපු තරුණ වෘත්තිකයෙක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් මත තෙෂාර ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස පත්වෙන්නෙ 2021 ජූලි 26 වනදා.

    2019 බල පෙරළියත් සමග ලිට්‍රො ගෑස් ආයතනයේ සභාපති ලෙස පත් කෙරෙන්නෙ අනිල් කොස්වත්තව. අනිල් කොස්වත්ත කිව්ව ගමන් මතක් වෙන්නෙ "ලක්සල" හොඳටම කරලා බංකොලොත් කරලා ගියපු විදිහ. විනිවිදභාවයක් නොමැති මූල්‍ය ක්‍රමවේදයන් හේතුවෙන් කෝප් කමිටුවේ විගණනයට යටත්ව අනිල් කොස්වත්තව සභාපතිධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි තෙෂාර එම ධූරයට කැඳවන්නෙ.

    අනිල් කොස්වත්ත විසින් ගෑස් සංයුතිය වෙනස් කරමින් 2021 අප්‍රේල් මස හඳුන්වාදුන් ලීටර 18 ප්‍රිමියම් හයිබ්‍ර්ඩ් ගෑස් සිලින්ඩරය මහජනතාව අතර මහත් මතභේදයකට ලක්වූවා. එහිදි පාර්ලිමේන්තුව තුළ පවා වාදයක් ඇතිවුනේ ඒ හරලා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් විශාල මූල්‍යමය වංචාවක් පාරිභෝගිකයින් හට සිදු කළ බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පවා මේ සම්බන්ධව නඩුවක් ගොනු කර ඇත.

    ඒ කෙසේ නමුත් තෙෂාර ජයසිංහ සිය සභාපතිධූරයේ රාජකාරී බාරගත් අවස්ථාවෙදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ සිටියේ මින් ඉදිරියට මෙම වංචාසහගත යැයි කියැවෙන 18 ලීටර ගෑස් සිලින්ඩරය වෙළදපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවන ලෙසට තමා නියෝග කළ බවයි. මේ වන විට එම සිලින්ඩරය වෙළඳපොළ තුළ දකින්නට ලැබෙන්නෙ නැහැ.

    ඉන් නොනැවතුණ තෙෂාර ජයසිංහ තවත් විශේෂ බරපතල හෙළිදරව්වක් සිදු කරනවා 2021 නොවැම්බර් 05 වනදා. ඒ එතෙක් මෙතෙක් රාජ්‍ය සමාගමක සිදුවූ සහ සිදුවෙමින් පවතින දැවැන්තම කොමිස් ජාවාරමක අනාවරණයක්. කනගාටුවට කරුණ නම් එම ජාවාරම මෙතෙක් සිදුවූයේ නීතිමය වශයෙන් බලපෑමක් ඇති කිරීමට නොහැකි වනසේ කිසිදු හිස්තැනක් නොතබමින්. ජාවාරම්කාරයින් එතරම් සූක්ෂම බුද්ධිමත් ලෙස එය සිදු කර ඇත.

    මොකක්ද මේ ජාවාරම?

    ලංකාවට ගෑස් ආනයනය කිරීමේදි ගෙන්විය හැකි අවම මුදලට වඩා මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 50ක් පමණ වැඩියෙන් ගෑස් ගෙන්වීමට නීත්‍යානුකූලව ටෙන්ඩර් කරන ලද ඕමාන් ට්‍රේඩින් ගිවිසුමයි.(ලංකාවෙ මාසික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40000ක් පමණ වේ. මාසික කොමිස් එක ගණනය කරගන්න)
    නීත්‍යානුකූලව එහි ටෙන්ඩර් පටිපාටියේ වරදක් නොවන ලෙස සියලු ලිපි ලේඛන සකස් කර තිබුණද, ප්‍රා‍යෝගිකව පෙනෙන දේ නම් විශාල කොමිස් වංචාවක් මේ හරහා සිදුවන බවයි. තෙෂාර ප්‍රකාශ කර සිටියේ මෙම ගිවිසුම හරලා කොමිස් මුදල් ලෙස රුපියල් බිලියන 10ක් පමණ කිසියම් හෝ අයකුගේ අතට පත්ව ඇත බවයි.

    ලිට්‍රෝ හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් අවසන් වරට අත්සන් කර ඇති මෙම කූඨ ගිවිසුම 2022 මාර්තු මසින් අවසන් වීමට නියමිතයි. කෙසේ නමුත් ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත මෙම ගිවිසුම යළිත් අවුරුදු 02ක් සඳහා දිගු කරගැනීමට තෙෂාර ජයසිංහට කළ යෝජනාවට ඔහු සිය අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව ඕමාන් ට්‍රේඩින් ආයතනය විසින් තෙෂාර හට විවිධ බලපෑම් තර්ජන සිදු කිරීමින් රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය කිරීමත් සමගයි තෙෂාර මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව සිදු කරන්නෙ.

    මේ හෙළිදරව්වත් සමජ තෙෂාර ඉදිරියේ විශාල අභියෝගයක් එල්ල වෙන බල අප විශ්වාස කළා. මොකද ඔහුගේ මේ හෙළිදරව්වත් සමග රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලයින් රැසක් ඍජු චූදිතයින් වීම සිදු වුණා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම කූඨ ගිවිසුම දිග් කිරීම සඳහා තෙෂාරගේ අත්සන කිසිවිටෙකත් නොයොදන බවට ඔහු දුන් ප්‍රතිඥාවත් සමග මහත් ආන්දෝලනයක් මාෆියාවට සම්බන්ධ පිරිස් අතර ඇතිවිම සිදු වූවා. ඉතින් ඔවුන්ගේ මාෆියාවට එරෙහිව නැගීසිටින තෙෂාර ජයසිංහ නැමැති පුද්ගල චරිතය ගෑස් පිටියෙන් ඉවත් කරගැනීමට විවිධ සැලසුම් යොදනු ලැබුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රැකවරණයට යටත්ව තෙෂාර තවමත් සිය ස්ථාවරයේ සිටිමින් නොබියව සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවටයි අප දැනුවත් වූයේ.

    කෙසේ නමුත් තෙෂාරගේ හෙළිදරව්වත් සමග ඉන් දින කිහිපයක් යන්නටත් මත්තෙන් රට වටා ගෑස් කාන්දුවීම් ගිනි ගැනීම් වැනි සංසිද්ධීන් වැඩිපුර ප්‍රචාරය වෙන්න ගැනීමත් අහඹුවක් ලෙස අප තැකිය යුතු නැහැ. රටේ මහජනතාව අතර ලිට්‍රෝ ගෑස් සමාගම පිළිබඳව, එහි සභාපති කෙළින් වැඩකරන තෙෂාර ජයසිංහ පිළිබඳව අප්‍රසාදයක් ගොඩනගන්නට විවිධ පාර්ශයවයන් මැදිහත්ව සිටින බව සක්සුදක් සේ පැහැදිළියි. ඊට සමහර ජන මාධ්‍යය ආයතනද සැලකියයුතු දායකත්වයක් සපයන බව දැකිය හැකියි. ඒ සියල්ලම සිදුවන්නෙ ඩොලර් කෝටි ගණනක කොමිස් වලට යටත්වයි.

    තෙෂාර තාම වැඩ බාර අරන් මාස 04 යි. ඒ මාස 04 ට ඔහු ගෙන ඇති විශේෂ තීරණ අප සොයා බැලුවා.

    01) හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් සංයුතිය වෙනස් කරමින් බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් යොදාගනිමින් වෙළඳපළට නිකුත් කළ ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය නවතාලීම.

    02) විගණකාධිපතිතුමාගේ විගණනයට එරෙහිව හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් පනවා තිබූ තහනම් නියෝගය(Stay Order) ඉවත් කිරීමට කටයුතු කිරීම සහ ලිට්‍රෝ සමාගමේ විගණනය විගණකාධිපති යටතට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හරහා මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම.

    03) වසර 150ක් තිස්සේ රට තුළට පමණක් සීමාවී තිබූ ලිට්‍රෝ ගෑස් වෙළඳපළ ජාත්‍යාන්තර වෙළඳපොළ වෙත පියවර නැගීම සඳහා(බංගලාදේශය වැනි රටවල් තුළ) අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම.

    04) ඕමාන් ට්‍රේඩින් ගිවිසුම හරහා සිදුවන ගෑස් මාෆියාවට එරෙහිව නැගීසිටිමින්, අන්තර්ජාතික වෙළඳපළ තුළ ඇති වෙනත් අඩු මිලට ගෑස් සැපයිය හැකි සමාගම් සමග සබඳතා වර්ධනය කරගැනීම.

    ඉතින් තෙෂාර මේ හැප්පෙන්නෙ එසේ මෙසේ මාෆියාවක් සමග නොවන වග අප ජනතාව ඉදිරියේ මෙසේ ප්‍රකාශ කරන්නෙ මේ රටට තෙෂාරලා වගේ ඍජුව වැඩකරන නිලධාරීන් අවශ්‍ය නිසා. තෙෂාර වෙනුවෙන් කණ්ඩායමක් විදිහට පෙනී ඉන්න අප තීරණය කළෙත් ඒ නිසයි. කොමිස් ඩොලර් කෝටි ගානකට එක ජීවිත බිල්ලක් කියන්නෙ සරල දෙයක් වෙන්න පුළුවන්. ඒත් බයේ හැංගිලා ඉන්නවාට වඩා එළියට ඇවිල්ලා කොන්ද කෙලින් තියන් සටන් කරන තෙෂාරලා වගේ තරුණයින්ට ශක්තියක් විය යුතුම මොහොතක ඉන් මිදීම නිවට කමක්.

    තෙෂාරට කරන්න තිබ්බ ලේසිම වැඩේ ඔය කියන ඕමාන් ට්‍රේඩින් ගිවිසුම අත්සන් කරලා තමන්ගෙ සාක්කුවටත් කීයක් හරි පුරවගන්න. හැබැයි ඔහු තෝරගත්තෙ අමාරුම වැඩේ. මේ රටේ අහිංසක වැඩකරන මිනිස්සුන්ගෙ බත් පත ඉදෙන ගෑස් පොදෙන් පවා කොමිස් ගහලා ඩොලර් කඳු ගහන කාලකන්නි අමනයින්ට තෙෂාරලා වගේ වර්තමාන පරපුරව දැලේ දාගන්න අමාරුයි කියන දේ ප්‍රත්‍යක්ෂයි.

    එකතුවන්න අප සමග. රාජ්‍ය මාෆියාවල තොරතුරු රැසක් අප ඉදිරියේදිත් ඔබට අනාවරණය කිරීමට සූදානම්.

    දූෂණ විරෝධි හඬ සංවිධානය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් මෛත්‍රීපාල ද බන් ජනාධිපති ?
    තුනෙන් දෙකේ දෙක හැලිලද?
    20 තාම සම්මත නැද්ද?


    නැවෙන් ගෙනාපු 💩 රසද?
    කියෙව්වද පොන්ස් මේක ? අදාලද ?🤭

    කෙටියෙන් කියපන් උඹේ පල් හෑල්ලෙ මොකද්ද තියෙන්නෙ කියල?
    ඔය trick එක හරියන්නෙ නෑ දැන්.
    වෙන එකක් හොයා ගනින් සෙවලයෝ..
    ඇවිස්සිලා ඇවිස්සිලා 🤭
    ------ Post added on Dec 13, 2021 at 3:32 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙටියෙන් කියපන් උඹේ පල් හෑල්ලෙ මොකද්ද තියෙන්නෙ කියල?
    නන්දසේන පත්කරපු අනිල් කොස්වත්ත හොරාලු. ඇවිත් මාස 4 නිසා තෙෂාර තාම හොරාකාල නෑලු.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නන්දසේන පත්කරපු අනිල් කොස්වත්ත හොරාලු. ඇවිත් මාස 4 නිසා තෙෂාර තාම හොරාකාල නෑලු.
    අයි බන් මේ ටික කියාගන්ඩ ඔච්චර පල් හෑලි ලියන්නෙ? @nicjosh83 උඹලට වචන ගානටද ගෙවන්නෙ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 ඇත්තද බං මෙහ් සීන් එක? :unsure: උබයි @jcj @ElaMalli කියන්නෙ එකම එකාද? උඹ අවුරුදු 5ක් ගිහිල්ලත් තාම hey කියල ටයිප් කරන්න දන්නෑ නෙහ්. කොහෙන්ද phd උබ එක ගත්තේ?

    View attachment 153343
    View attachment 153344
    View attachment 153345
    View attachment 153346
    View attachment 153347
    View attachment 153348

    View attachment 153349
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් පරීක්ශනයක් කරලා ඔය දූශිත අය ඉවත් කරපන්කො. ජුලි වල ඉදන්නෙ ඕක ඇදෙන්නෙ. මෙච්චර කල් මොනවද කලේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pDNOSMk.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනිල් කොස්වත්තට සහ හොරු රැළම කූඩුවේ. ස' එක්ක සෙල්ලම් බෑ.:no: ගූ එන්පී කුක්කොන්ට හොඳටම රිදෙයි.
    බලපන් මේකේ කිසි ගෝ එකක් නෑ වලියක් නැතුව…. ඒක නෙමෙයි …. මේකේ ඇඩ්මින් ව මාරු කරලද බන්…. ඊයේ හෙන ගොන් කතා ටිකක් කියනවා දැක්ක.. ඉස්සර එකා නෙමෙයිද දැන් ඇඩ්මින් 🤭
     
    • Haha
    Reactions: pathumputha