මෙවනම් බලු වැඩ මචං .
අපි birthday එකකට cake එකක් හැදුවත් ඒක හදන්න දෙන්නේ අපි අදුරන කෙනෙක්ට .
එහෙම කරන්නේ ෆිට් එකට .
මේ ලගදිත් cake එකක් හැදුව, අව්රුදු 15ක් විතර එකම lane එකේ ඉදපු එකී cake එකේ නම වරද්දල .
එහෙම තමයි ඉතින් පොඩි පොඩි වැරදි වෙනවා .
Lease එකක් දාද්දි වෙන company එකකින් දෙන ගානට වඩා අපි අදුරන එකාගේ company එකේ rate එක 1%, 2% වලින් වගේ එහෙ මෙහෙ උනානම් අව්ලක් නැහැ .
මොකද company අතර මිල තරගයක යෙදෙනවනේ .
එත් වෙන තැනකින් 8.5% කට දෙන එක මු 14% දෙනවා කියන්නේ හෙනම සව්ත්තු වැඩක් .
මුගේ rate එක 64% වලින් වැඩි . අව්රුදු ගානට compound interest එක්ක හැදිලා එද්දි ගන්න කෙනාට ලොකු ගානක් පාඩුයි .
පින්කම් වලට සහභාගී වෙන්න කියල මේකේ ඉන්න අනිත් membersලවත් motivate කරනවලු .
මම මේ member දහම් කරුණු අඩංගු thread ගොඩක් දානවා දැකලත් තියෙනවා .
ගමේ මාළු කාරය වෙසක් එකට දන්සලක් දානවා වගේ වැඩක් මෙයා මේ කරන්නේ .