🚨🚨 මේ දැරිය ඔබ දුටුවාද ? 🚨🚨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    AVvXsEh7WpLFmgjv_q4dRWZn991hiWUQz4beTGp5e_DY38M0Av_4sN5TGgX5jDXqnh_denLptmZuEIm6togfZ9VyqeGQXdgd_kwEfu0C_BwUX7j-o90O7qdxeohQCNjIi1Q1me5mtikg53FsYVdTLlNDTR4wsAQ79NnCSFvXa3twxoAX6HTU0Pujngk4vay8



    දින 05ක කාලයක සිට ආගිය අතක් නොමැති මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

    මෙම දැරිය පසුගිය 07 වනදා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

    මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නැහැ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි නේහා කෞමදී හේරත් නැමැති දැරියක් වන අතර ඇය අඩි පහයි අඟල් තුනක් පමණ උසැති වනවා.

    ඇය අතුරුදන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලෙස සඳහන් වන්නේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්. මෙම දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645 අංකයට හෝ මහරගම පොලිස් ස්ථානය 0112 850222 හෝ 0112 850 700 අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය විසින් මහජනතාවට දැනුම් දී සිටිනවා.


    Source: nethnews.lk
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,977
    113
    සේදවත්ත
    අනිවා කොල්ලෙක් එක්ක ඇති. ලකේපංකාවේ සංකෘතිය නිසා තරුණ වයසේ උන්ට ලව් කරන්න ලිංගිකව එක් වෙන්න බෑ . ටික ටික දැන් පැනල යනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,221
    66,630
    113
    අනිවා කොල්ලෙක් එක්ක ඇති. ලකේපංකාවේ සංකෘතිය නිසා තරුණ වයසේ උන්ට ලව් කරන්න ලිංගිකව එක් වෙන්න බෑ . ටික ටික දැන් පැනල යනවා
    Good