Harald Baldr ගේ හිමාල තරණය වීඩියෝ මාලාව බැලුවට පස්සේ හිතට ආපු දෙයක් මේක. බුද්ධ දෙශනාවේ ගොඩක් තැන්වල හිමාල වනය සහ හිමාල පර්වතය ගැන සදහන් වෙනවා නේ. ජාතක කතා වල වැඩියෙන්ම තියෙන්නේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සිදුවීම්. හිමාලයේ විස්තර ඒ ගොඩක් කතාවල විස්තර කරලා තියෙනවා. අමුතු සත්තු (කොබෝ නයි), අමුතු ශාඛ (නාරිලතා) වගේ දේවල් ගැන. ඒත් ඒ කිසිම තැනක හිමාලයේ පවතින අධික සීතල ගැන සදහනක් නැත්තේ ඇයි කියලා හිතිලා නැද්ද? හාමුදුරුවන්ගේ සිවුර වුනත් තාපසයන්ගේ ඇදුම වුනත් අධික ශීත දේශාගුනයකට ඔරොත්තු දෙන විදියේ ඇදුම් නෙමෙයි. අනික ඒ වගේ කටුක අධික ශීත පරිසරයක ඉදන් භාවනා කරන එක ප්‍රායෝගිකත් නෑ නේද?
කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
කෙටියෙන්ම කියනව නම් බණ පොතේ හිමාලය සහ ඇත්ත හිමාලය අතර ලොකු වෙනසක් තියෙනවා නේද?
ඉන්දියාව, බන්ගලාදේසය, පාකිස්තාන්, නේපාල්, ට්බෙට් පැතිරුනු විසාල ප්‍රදේසයක් වෙන්න ඔන. එහෙම නොතිබ්බ කියන්න බැහැ බන්. පේනවනේ කාලගුනේ නේපාල් වල. කාලයාගේ ඈවෑමෙන් පරිසරය වෙනස් වෙලා තියෙන්නෙ.
