වාහන වලට tax ගෙව්වට විතරක් බෑ මචන්. ජපානෙන් නිකන් දෙන්නෑ. Insurance, freight, handling, auction fee, commision නිකන් ගෙවෙන්නෑ. සේරම එහෙනම් ඩොලර් වලින් යෙන් කරලා ගෙවන්න ඕන. ඒකෙන් වෙන්නෙ රට ඇතුලට එන්න තියෙන ඩොලර් ජපානෙට යැවෙනවා. තව undial වලින් රට ඇතුලෙම රුපියල් සංසරණය වෙලා මෙහෙට සල්ලි එවන උන්ගෙ සල්ලිත් ජපානෙටම යවනවා. ඒකෙනුත් ලංකාවටමයි අවාසි.
බයවෙන්න එපා මොන ආණ්ඩුව ආවත් ලංකාවට ගෙවන්න තියෙන ණය වාරික, ඉදිරි වියදම් පියවාගැනීම් එක්ක ආයෙ අවුරුදු ගාණකට වෙන රටකින් වාහන ගේන්නෙ නෑ. ගෙනාවොත් රටම අන්ත හිඟමනට වැටෙනවා. මේකෙ හොඳම කොටස් වෙන රටවලට දෙන්න වෙනවා. තියෙන සම්පත්, සංචිත අරවා මේවා විකුණන්න වෙනවා.
මොකා මොක පොරොන්දු දුන්නත් තියෙන තත්වයෙන් නම් වාහන ගේන්න දෙන්නෙ නෑ. මේ රට ඉවරයි. උඹලට unregistered වාහන ගන්න ඕනනම් එක්කො වෙන රටකට යමන්. නැතිනම් මෙහෙ රට ඇතුලෙ හදන වාහනයක් ගනින්.
ඕනනම් තව අවුරුද්දකින් දෙකකින් විතර trucks ටිකක් ගේන්න අවසර දෙයි.