අතීත රස කථා
නිතරම එළකිරියට එන සාමාජිකයෙක් විදියට මට හිතුනා එළකිරියෙ විනෝදාස්වාදයට, දැණුමට සහ එකිනෙකාට ප්‍රයෝජනවත් දේවල් පලවෙන් එක අඩුයි කියලා. ඉතිං මට හිතුනා මට මගේ තාත්තා කියපු පැරණි සත්‍ය සිදුවීම් මේකෙ පල කරන්න. මේවා 1950, 60 සහ 70 වගේ කාලයේ වෙච්ච සිදුවීම්. එහෙනම් මෙන්න පලවෙනි කථාව.
1 වන කථාව
ගමේ පන්සලේ සල්පිලක් පැවැත්වෙන දවසක්. ගමේ ඉන්න හැමදෙනාම වගේම කොල්ලො කුරුට්ටෝ ඔක්කොමත් පන්සලේ. ඒ අතරේ රෑ පන්සල් එන ගමන් කවුරු හරි බළල් පැටව් තුන් හතර දෙනෙක් පන්සලේ අතරමං කරල ගිහින්. අසරණ සත්තු බඩගින්නේ මව් උණුහුම හොය හොයා කෑගහද්දි කට්ටිය එහෙන් මෙහෙන් ආරංචි කරල බලලා මේ අසරණ සත්තු කාගෙද කින්ද මන්ද කොහොමද පන්සලට ආවේ කියලා. ඔන්න වැඩේ ආරංචි උනා මේක කරලා තියෙන්නේ ඇක්මන් කියන අය සහ ඔහුගේ පවුලේ අය විසින් කියලා.
ඉතිං මේ කරපු වැඩේට ඇක්මන්ට රිදෙන්න මොකක් හරි කරන්න ඕන කියලා. ඒකාලෙ සෙට් එකේ හිටියළු සුපිරියට කවි ලියන්න පුළුවන් කොළු ගැටයෙක් ගුණරත්න කියලා. ඉතිං කොල්ලෝ කට්ටිය කථාවෙලා පන්සට අහල පහල ගෙදරකින් පත්තර කීපයක් සහ අඟුරු කැට ටිකක් ඉල්ල ගෙන ඇවිත් දුන්නළු ගුණරත්න මාමාට කවියක් ලියන්න කියලා.
ආමන්ත්‍රණය මෙහෙමළු
“කළු වඳුරු ඇක්මා වෙතටයි...........”
තොපේ ගෙදර රැළ
පන්සල් යන කල
ගෙනා බළල් කැළ
ගෙදර අරං පල
මෙහෙම පත්තර පිටුවල ලියපු කවිය පන්සල පුරා ඇලෙව්වළු ගමත් ආවරනය වෙන විදියට. බළල් පැටවුන්ට මොකද උනේ කියලා නං තාත්තාට මතක නැහැ කිව්ව. එහෙම ලොකු අධ්‍යාපනයක් නැතුව උනත් ඇත්තටටම මට හිතුනෙ මේ විදියට එළිවැට, එළිසමය රැකෙන විදියට ක්ෂණිකව මේ වගේ කවියක් ලියන්න මොන දක්ෂකමක් තියෙන්න ඕනැද කියලයි.
කථාවට ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කථා ටිකත් දාන්නං දැනට ඔච්චරයි...........

Last edited:
)