දිලිත් ගෙ‌ පාදඩ‌ මාධ්‍ය හා ගොන් බයියෝ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://ibb.co/CHN6t08

    ඕලෙවල් කාලෙ දවසක් විද්‍යාව ගුරුවරයා කිව්වා...ඇල්බට් අයින්ස්ටයින් කියලා තියනවාලු... "අපිට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් නම්...අපි කවදාවත් වයසට යන්නෙ නැහැ" කියලා ...මට මේක එච්චර තේරුනේ නැහැ.. මං පන්තිය ඉවර වෙලා සර් ගාවට ගිහින් ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා ඉල්ලා හිටියා... එතකොට සර් කිව්වා..." ඔයා ලොකු ඔරලෝසුවක් ළඟ ඉන්නවා කියලා හිතන්න... ඒකෙ වෙලාව තුනයි...ඔයා දැන් ඒකෙන් ඈතට අලෝකයේ වේගයෙන් විනාඩියක් ගමන් කරන්න...දැන් ආයෙ හැරිලා බලන්න ඔරලෝසුව දිහා...වෙලාව කියද? ...තුනයි ද?...තුනයි එකයි ද?....ඔයාට පෙන්නන වෙලාව තුනයි....මොකද ඔරලෝසුවෙ වදින ආලෝකයටත් නැවත ඔයා කරා පරාවර්තනය වෙන්න විනාඩියක් ගත වෙනවා ...එතකොට ඔයාට පේන්නෙ මීට විනාඩියකට කලින් තිබුන වෙලාව"...ඒ තමයි සර්ගෙ පැහැදිලි කිරීම...
    ඒත් මං කවදාවත් මගේ ජීවිත කාලේ ඇතුළත මිනිස්සු ආලෝකය අභිබවා යයි කියලා හිතුවෙ නැහැ ...බලද්දි ඒකත් වෙලා ....ඒ පැහැදිලි කිරිම අනුව මේ වත්මන් රුසියානු ප්‍රහාරය ගිහින් එක්කො ගිහින් වදින්නෙ පැරණි යුක්‍රේනයට...නැත්තං යුක්‍රේනයට අද එල්ලවූ මේ ප්‍රහාරය එල්ල කරන්නෙ අනාගත රුසියාවෙන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    https://ibb.co/CHN6t08

    .ඔයාට පෙන්නන වෙලාව තුනයි....මොකද ඔරලෝසුවෙ වදින ආලෝකයටත් නැවත ඔයා කරා පරාවර්තනය වෙන්න විනාඩියක් ගත වෙනවා ...එතකොට ඔයාට පේන්නෙ මීට විනාඩියකට කලින් තිබුන වෙලාව"...

    මේකෙ අවුලක් තියෙනවා. ඔරලෝසුවෙන් මොකක් පෙන්නුවත් කාලය ගියේ නෑ කියන්න බෑනෙ. මට තාම තේරුම් ගන්න බැරි උන කන්සෙප්ට් එකක් තමයි කාලය නවතිනව කියන එක. මම ඒ ගැන study කරලත් නෑ හැබැයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ade danna kenek meka gana liyapan ko...
    interesting topic ekak wage
    1648102863018.png

    ------ Post added on Mar 24, 2022 at 11:51 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    https://ibb.co/CHN6t08

    ඕලෙවල් කාලෙ දවසක් විද්‍යාව ගුරුවරයා කිව්වා...ඇල්බට් අයින්ස්ටයින් කියලා තියනවාලු... "අපිට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් නම්...අපි කවදාවත් වයසට යන්නෙ නැහැ" කියලා ...මට මේක එච්චර තේරුනේ නැහැ.. මං පන්තිය ඉවර වෙලා සර් ගාවට ගිහින් ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා ඉල්ලා හිටියා... එතකොට සර් කිව්වා..." ඔයා ලොකු ඔරලෝසුවක් ළඟ ඉන්නවා කියලා හිතන්න... ඒකෙ වෙලාව තුනයි...ඔයා දැන් ඒකෙන් ඈතට අලෝකයේ වේගයෙන් විනාඩියක් ගමන් කරන්න...දැන් ආයෙ හැරිලා බලන්න ඔරලෝසුව දිහා...වෙලාව කියද? ...තුනයි ද?...තුනයි එකයි ද?....ඔයාට පෙන්නන වෙලාව තුනයි....මොකද ඔරලෝසුවෙ වදින ආලෝකයටත් නැවත ඔයා කරා පරාවර්තනය වෙන්න විනාඩියක් ගත වෙනවා ...එතකොට ඔයාට පේන්නෙ මීට විනාඩියකට කලින් තිබුන වෙලාව"...ඒ තමයි සර්ගෙ පැහැදිලි කිරීම...
    ඒත් මං කවදාවත් මගේ ජීවිත කාලේ ඇතුළත මිනිස්සු ආලෝකය අභිබවා යයි කියලා හිතුවෙ නැහැ ...බලද්දි ඒකත් වෙලා ....ඒ පැහැදිලි කිරිම අනුව මේ වත්මන් රුසියානු ප්‍රහාරය ගිහින් එක්කො ගිහින් වදින්නෙ පැරණි යුක්‍රේනයට...නැත්තං යුක්‍රේනයට අද එල්ලවූ මේ ප්‍රහාරය එල්ල කරන්නෙ අනාගත රුසියාවෙන්...
    Yeah technology is not being invented yet to travel 5X speed of light. so defiantly future Russia did this actually will do this . in that case we are not in the present. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: wqe123

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙ අවුලක් තියෙනවා. ඔරලෝසුවෙන් මොකක් පෙන්නුවත් කාලය ගියේ නෑ කියන්න බෑනෙ. මට තාම තේරුම් ගන්න බැරි උන කන්සෙප්ට් එකක් තමයි කාලය නවතිනව කියන එක. මම ඒ ගැන study කරලත් නෑ හැබැයි.
    හොදයි. හිතන්න ඔයා ට්‍රෙන් එකක ඉන්නේ . ඔයාට ඔරලෝසු කණුවක් පේනවා වෙලාව යන. ඔයා එකෙන් ඇතට යනකොට සමනය වේගයකින් මොකද වන්නේ? තප්පර කට්ට කැරකෙනවා පේනවා නේද? දැන් හිතන්න ඔයා ආලෝකයේ වේගයෙන් යනවා කියල. එතකොට අර ඔරලෝසුවෙන් පිටවෙන ආලෝක කදම්බ අපේ ට්‍රෙන් එකට එන්න බැ . ඇයි ? අපි යන්නෙත් ආලෝකයේ වේගයෙන්. එහෙම උනාම ඔරලෝසුව නැවතිලා .ගස් එහෙම ඔක්කොම නැවතිලා වගේ පෙන්නේ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    පෝස්ට් එකේ පැහැදිලි කිරීම වැරදී. සරලව කිවුවොතින් එක් එක් වස්තු ගමන්ගන්නා වේගය අනුව, නිශ්චලව තියෙන වස්තුවකට සාපේක්ශව ඒවයේ කාලය ගැලීම යම් ප්‍රමානයකින් අඩු වෙනව. මේකේ උපරිමය ආලොඅකයේ වේගයෙන් යමක් ගමන් කරනව නම් ඒකෙ කාලය ගැලීම බින්දුවක් වෙනව.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හොදයි. හිතන්න ඔයා ට්‍රෙන් එකක ඉන්නේ . ඔයාට ඔරලෝසු කණුවක් පේනවා වෙලාව යන. ඔයා එකෙන් ඇතට යනකොට සමනය වේගයකින් මොකද වන්නේ? තප්පර කට්ට කැරකෙනවා පේනවා නේද? දැන් හිතන්න ඔයා ආලෝකයේ වේගයෙන් යනවා කියල. එතකොට අර ඔරලෝසුවෙන් පිටවෙන ආලෝක කදම්බ අපේ ට්‍රෙන් එකට එන්න බැ . ඇයි ? අපි යන්නෙත් ආලෝකයේ වේගයෙන්. එහෙම උනාම ඔරලෝසුව නැවතිලා .ගස් එහෙම ඔක්කොම නැවතිලා වගේ පෙන්නේ.

    නෑ නෑ මචන් පෝස්ට් එකේ කියන එක මට තේරෙනවා. මං කිව්වෙ ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනට කාලය නවතින්නේ කොහොමද කියන එක.

    වෙලාව = කාලය නෙවෙයිනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොදයි. හිතන්න ඔයා ට්‍රෙන් එකක ඉන්නේ . ඔයාට ඔරලෝසු කණුවක් පේනවා වෙලාව යන. ඔයා එකෙන් ඇතට යනකොට සමනය වේගයකින් මොකද වන්නේ? තප්පර කට්ට කැරකෙනවා පේනවා නේද? දැන් හිතන්න ඔයා ආලෝකයේ වේගයෙන් යනවා කියල. එතකොට අර ඔරලෝසුවෙන් පිටවෙන ආලෝක කදම්බ අපේ ට්‍රෙන් එකට එන්න බැ . ඇයි ? අපි යන්නෙත් ආලෝකයේ වේගයෙන්. එහෙම උනාම ඔරලෝසුව නැවතිලා .ගස් එහෙම ඔක්කොම නැවතිලා වගේ පෙන්නේ.
    අනේ මන්දා මම නම් ඕවා දන්නේ නෑ... නිකන් බුලට් ට්‍රෙන් එකේ ගියත් ලග තියන දේවල් පෙන්නේ නෑ. පෙන්නේ දුර තියන දේවල් විතරයි. එහෙම එකේ ඔච්චර වේගෙකින් යනකොට මොකුත් පෙනෙයි ද ?

    පෝස්ට් එකේ පැහැදිලි කිරීම වැරදී. සරලව කිවුවොතින් එක් එක් වස්තු ගමන්ගන්නා වේගය අනුව, නිශ්චලව තියෙන වස්තුවකට සාපේක්ශව ඒවයේ කාලය ගැලීම යම් ප්‍රමානයකින් අඩු වෙනව. මේකේ උපරිමය ආලොඅකයේ වේගයෙන් යමක් ගමන් කරනව නම් ඒකෙ කාලය ගැලීම බින්දුවක් වෙනව.
    මේ සමාන්‍ය මිනිහෙකුට තේරෙන බාසාවෙන් කියනවා කෝ. අපිටත් දැනගන්න ඕව පොඩ්ඩක්. නොදන්න දේවල් NE
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ නෑ මචන් පෝස්ට් එකේ කියන එක මට තේරෙනවා. මං කිව්වෙ ඔරලෝසුව නැවතිලා වගේ පෙනුනට කාලය නවතින්නේ කොහොමද කියන එක.

    වෙලාව = කාලය නෙවෙයිනේ.
    ඒ කාලය නිරපෙක්ෂයි කියල ගත්තමනේ ... සාපෙක්ෂතවදයේදී කාලය නිරපේක්ෂ නැනේ ..

    අනේ මන්දා මම නම් ඕවා දන්නේ නෑ... නිකන් බුලට් ට්‍රෙන් එකේ ගියත් ලග තියන දේවල් පෙන්නේ නෑ. පෙන්නේ දුර තියන දේවල් විතරයි. එහෙම එකේ ඔච්චර වේගෙකින් යනකොට මොකුත් පෙනෙයි ද ?

    මේ සමාන්‍ය මිනිහෙකුට තේරෙන බාසාවෙන් කියනවා කෝ. අපිටත් දැනගන්න ඕව පොඩ්ඩක්. නොදන්න දේවල් NE
    සාමාන්‍ය උන්ට තේරෙන්නේ නෑ ඔයි ... :LOL: හැම එකාටම ඕව තේරෙන්වනන් මෙහෙම තියනවද ලෝකේ අද .. ලංකාවේ උන් පෝලිම් වල ඉදිද
    ------ Post added on Mar 24, 2022 at 12:37 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    පෝස්ට් එකේ පැහැදිලි කිරීම වැරදී. සරලව කිවුවොතින් එක් එක් වස්තු ගමන්ගන්නා වේගය අනුව, නිශ්චලව තියෙන වස්තුවකට සාපේක්ශව ඒවයේ කාලය ගැලීම යම් ප්‍රමානයකින් අඩු වෙනව. මේකේ උපරිමය ආලොඅකයේ වේගයෙන් යමක් ගමන් කරනව නම් ඒකෙ කාලය ගැලීම බින්දුවක් වෙනව.

    කොහොමද ඒක වෙන්නෙ කියන එකයි මං අහන්නෙ. කාල අවකාශ වක්‍රතාව කියන එක නිසා කියලනේ කියන්නෙ. ඒක ගැන මං study කරල නෑ. හොඳට පැහැදිලි කරන එකක් තියෙනව නං දාපන්කො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේ සමාන්‍ය මිනිහෙකුට තේරෙන බාසාවෙන් කියනවා කෝ. අපිටත් දැනගන්න ඕව පොඩ්ඩක්. නොදන්න දේවල් NE
    දැන් ඔරලෝසුවේ කට්ට යන එක උබට පෙන්නේ එකෙ ඉදන් එන ආලෝකය ඇහැට ආවම. ඒ ආලෝකය එන්නත් යම් කාලක් ගත වෙන්ව. ආලෝකේ වේගයත් එක්ක නොගිනිය හැකි තරම් කුඩා කාලයක්.
    හිතන්න ඔර්ලොසුව හරි උබ හරි ආලෝකයේ වේගයෙන් යනවා කියලා. දැන් එන ආලෝකයට උබ ලගට එන්න බෑ ...
    ඉතින් කර කට්ට යන එක පෙන්නේ නෑ .එකම දේ පෙන්න ඕනේ.
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලය නිරපෙක්ෂයි කියල ගත්තමනේ ... සාපෙක්ෂතවදයේදී කාලය නිරපේක්ෂ නැනේ ..

    ------ Post added on Mar 24, 2022 at 12:37 PM

    ඒක හරි බන්. මම කිව්වෙ ඒක වෙන විදිය පෙන්නන්න කියලා. මම ඕක ගැන ස්ටඩි කරලා නෑ.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ සමාන්‍ය මිනිහෙකුට තේරෙන බාසාවෙන් කියනවා කෝ. අපිටත් දැනගන්න ඕව පොඩ්ඩක්. නොදන්න දේවල් NE
    මෙච්චර සරලව කියලත් තේරෙන්නෙ නැත්නම් අල්ලල දාපන් බන්.
    සාපෙක්ශතාවාදය කියල එකක් නෑ. අයින්ස්ටයින්ට පිස්සු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    දැන් ඔරලෝසුවේ කට්ට යන එක උබට පෙන්නේ එකෙ ඉදන් එන ආලෝකය ඇහැට ආවම. ඒ ආලෝකය එන්නත් යම් කාලක් ගත වෙන්ව. ආලෝකේ වේගයත් එක්ක නොගිනිය හැකි තරම් කුඩා කාලයක්.
    හිතන්න ඔර්ලොසුව හරි උබ හරි ආලෝකයේ වේගයෙන් යනවා කියලා. දැන් එන ආලෝකයට උබ ලගට එන්න බෑ ...
    ඉතින් කර කට්ට යන එක පෙන්නේ නෑ .එකම දේ පෙන්න ඕනේ.
    මේක නම් වැරදී මචන්. ආලෝකයේ වේගය කියන්නෙ මේ විශ්වයේ ගන්න පුලුවන් උපරිම වේගය ඒක නිසා. වේගය අනුව කාලය ගැල්ලිම ප්‍රතිලොඅමව සමානුපාතික වෙනව මිසක් මෙතන ආලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේක නම් වැරදී මචන්. ආලෝකයේ වේගය කියන්නෙ මේ විශ්වයේ ගන්න පුලුවන් උපරිම වේගය ඒක නිසා. වේගය අනුව කාලය ගැල්ලිම ප්‍රතිලොඅමව සමානුපාතික වෙනව මිසක් මෙතන ආලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.
    ඉතින් ඕක තමයි වෙන්නේ. ආලෝකයේ ප්‍රවේගයෙන් යනකොට ඔරලෝසුව freeze වෙලා වගේ පෙන්නේ.
     
    • Like
    Reactions: Jasonbrody