මේ මොහොත වෙන විටත් අජාන් බ්‍රාම් කියන්නෙ "අපේ" තමා මටනම්. ආටිකල් එකේ ඉන්නෙ භික්ෂුවක් විදිහට මම පිලිගන්න අකමැති කෙනෙක්. ඉන්ශුවරන්ස් ඒජ්න්ට් කෙනෙක් වන "අපේ නොවන" කියලා එකඟ වෙන්න පුලුවන්.
සෙට් එක කීවෙ, සමස්ථ ශ්‍රීලාංකික භික්ශූන් සිල්වත් නැහැ කියලද කියන්න හදන්නෙ? මම නම් හිතන්නෙ ඕක ස්කිව්ඩ් විව්පොයින්ට් එකක් කියලා. මොකද මේ මොහොත වෙනකොටත් දේශපාලනේට බංබුගහන්න කියලා, රට ජාතිය ආගම ආර්ථිකය නීතිය සංස්කෘතිය දින කීපයකට හරි අතෑරලා භාවනා වැඩසටහන් වලට සහභාගී වන මිනිස්සුන්ට ඉහත ඒවා අතෑරීම පැසසුමට ලක් කරමින් ශාසනකෘත්යයේ යෙදෙන භික්ශූන් ඕනෑ තරම්. නිස්සරණ ආරණ්‍යයේ ඊයෙ බණටත් මේ කාරණය සඳහන් කලා.
ප්‍රශ්නෙ මම දකින්නෙ ඔයාලා වැඩිමනක් දකින්නෙ මීඩියාවල වැඩිපුර ඉන්න දේශපාලනික අදහස් දරන, රට ගොඩ දාන, ජාතිය ගොඩදාන නීතිය සංස්කෘතිය රකින හාමුදුරුවරු සහ ඔයා කියන විදිහට "ඉන්ශුවරන්ස් ඒජන්ට්ලා" වීම විය හැකියි.
ඒ නිසා අපි "හොඳ" භික්ශූන් ගැන දැනුවත් වෙනවා පැහැදෙනවානම් ඔයා කියන දුසිල්වත් භික්ශූන්ට සහ චීවරධාරීන්ට ඇති තැන නැතිවෙන්න පුලුවන්.