අපිට ඉස්සරහට යන්න තවමත් බැරි ඇයි කියන එක මේ ත්‍රෙඩ් එකෙන් පේනවා. ඇයි? මොන දේ කරත් ඉස්තරම්ව විදිහට ඇදකුද හොයන්න අපි තරම් කවුරුත් අති දක්ෂ නැහැ මෙතන සමහරුන්ගේ තර්ක දැක්කහම
මහින්ද හරි ගෝඨා හරි දැන් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කවුරු හරි හින්දා ගෙදර බත් ඉදෙන, බිස්නස් එක කෙරෙන, එහෙමත් නැත්නම් ඒ කට්ටිය හින්දා තමන්ගේ අසල්වාසියාට හින්ට් පාස් කරන්න හරි තියෙන චාන්ස් එකේ සතුට විදින, කවුරු හරි මෙතන ඉන්නවා ද කියලා මම දන්නේ නැහැ. හැබැයි රජෝ මගේ ගෙදර නම් එහෙම නැහැ. ඔය කොයි කවුරුත් බලයේ හිටියත් මගේ ගෙදර බත් ඉදෙන්නේ මම මහන්සි වුනොත්. අද රටේ තත්ත්වය එක්ක බතක් ඉදවගන්නත් කොච්චර මහන්සි වෙන්න ඔ්නෙද කියලා ඒ හින්දම මම දන්නවා.
ඒ නිසා මම මේ අරගලයට, අමුතු විදිහට- අලුත් අදහස් ඇතුව ඇත්තටම සිහියක් තියෙන කෙනෙක්ට හිතන්න දෙයක් ඉතුරු කරන අරගලයට ඇත්තටම පක්ෂයි. ඔය ප්‍රසිද්ධියේ උදව් ඉල්ලන, පෙනී ඉන්න අයට වෙන අරමුණු ඇති. ඒක නොතේරෙන්න අපි කවුරුවත් අද ඉපදුණ අය නෙවේ. හැබැයි උන්, අපි, උඹලා සේරටම නැති වෙන්නම වදිනවා මේ අවුල ලිහාගත්තේ නැත්තම්. ඒක දැන් තියාම ඔලුවට ගන්න එක හොදයි හැම ඒකේම හොද නරක හොයන්න වචන සහ කාලය නාස්ති කරන්නේ නැතිව.
පුෂ් එකක් දෙන්න මහ මැතිවරණයකට. මම හිතන්නේ අරගලයත් ඉස්සරහට ඒ පැත්තට හැරේවි. පත්කරගමු ඇත්තටම වැඩ කරන්න පුලුවන් සෙට් එකක්. එහෙම කලත් අපිට අමාරු වෙයි ඉස්සරහට. මොකද මේක කාලා තියෙන්නේ හැම තැනින්ම. හැබැයි මේ යන විදිහට වඩා නම් ඒක දාහෙන් සම්පතක් වේවි.

වෙලාවේ හැටියට හොඳම විසඳුම අන්තර්වාර ආණ්ඩුවක්.. ඒක කරගන්නවත් හොඳ විපක්ෂයක් නැහැ නේ..