මමත් පාස්පෝට් එක හදා ගන්න කාලේ, ජොබ් එක දාන තැන හිස්ව තියන්න බැරි අමාරුවක් ලෙසටම තිබුනා. හැබැයි ජොබ් title එක දාන්න තරම් උණකුයි, ඒකට service letter ඉල්ලලා HR එකට වඳින්න තරම් උනක් තිබුනේ නම් නෑ. Anyway, පාස්පෝට් ඔෆිස් එකේ ඩොක්ස් බාර ගන්න ''කාන්තාව'' කිව්වා ස්ටුඩන්ට් ID එකක් නැතුව ස්ටුඩන්ට් කියලා දාන්න බෑ කියලා. එදාමයි මං එහෙම කේස් එකක් ඇහුවේ. තව පාරක් බඩ ගාන්න බැරි නිසා, ඔෆිස් එකට කතා කරලා service letter එකක් ඊමේල් කර ගත්තා. හැබැයි ඩොක්ස් චෙක් කරන තැනින් මං ස්ටුඩේන්ට් කියලා දාපු එකට මොනවත් කිව්වෙත් නෑ, අයි ඩි ඉල්ලුවෙත් නෑ. පස්සේ අවුලක් වෙයි කියලා මං ස්ටුඩන්ට් කියන එක වෙනස් කරලා ජොබ් එක දැම්මා.