හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,409
    113
    Colombo, Sri Lanka
    වෙඩි....???
    Run Away Bbc GIF by The First Team
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    *සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම


    *නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම


    *රැස්වීම් පැවැත්වීම සීමා කිරීම


    *නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම.


    *ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම


    *පවතින පොදු නීතිය අබිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම


    එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ. එසේම අවශ්‍ය අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමේ බලය පවා හිමි වේ.


    මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරැල්ලක් මැඬපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා එම හදිසි අවස්ථා මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරේ. එසේම යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමි වේ.


    ඒ අනුව කිසිදු අවසරයක් නැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට හා ත්‍රිවිධ හමුදාවටම හිමි වේ. විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ එම නීතිය කඩ කිරීමකදී අවශ්‍ය පරිදි හෝ සුදුසු පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමේ බලය පවා හමුදාවට හිමි වේ.


    ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.