මුසාවාදා හා ගැහැණු දැරිවිය

hpalpola

Well-known member
  • මුසාවාදා හා ගැහැණු දැරිවිය

    මේ දිනවල සමාජ මාධ්‍ය යේ ජනප්‍රිය මාතෘකාවක් බවට එක්තරා මහණනමක් විසින් ධර්ම දේශනයකදී ගැහැණු දරුවන් පවුලකට ඉපැදීමේ හේතුව ගැන කියන කොටසක් පත්ව ඇත. දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි. මෙය වාද විවාද සඳහා පදනමක් ව ඇත්තේ පුදුම සහගත ලෙසය.

    එම මහණනම විසින් ධර්ම දේශනයට හේතු කරගනු ලැබූ පාඨය “චේතිය ජාතකයෙන් ” උපුටා ගන්නට ඇති බවට සිතිය හැක්කේ එහි ඇති පහත ගාථාව නිසාවෙනි.

    “මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදනහ.”

    සමහරු කියන්නේ මේ ගාථා මුල් බුදු සමයට ඇයත් නොවන බවයි.

    එය එසේ තිබුනාවේ.

    යම් මහණක් මෙවැනි ප්‍රකාශ කල විට ඒ හරහා වාද විවාද කිරීම බෞද්ධයන්ට සුදුසු නොවේ. මන්දයත් ද්වේශය වැඩෙන බැවිනි. එම දේශන සමඟ ඔබ ගැටීම ඇති කරගැනීම, පාඩුව ඇති කරන්නේ ඔබටමය. අශූචි ගොඩකින් තව කෙනෙකුට පහර දෙන විට ප්‍රථමයෙන්ම අශූචි ගෑවෙන්නේ තමන්ගේ ඇඟේ බව කිසිවිට අමතක නොකරන්න. දොස් නැගීම හා විවේචනය කිරීම ද්වේශ මූලික ක්‍රියාවක් බවට පත්වීම හෝ නොවීම තුල ඇත්තේ කෙස්ගහක වෙනසකි. සද්භාවයෙන් කරන විවේචනයක් තුල ද්වේශය ඇතුල් විය නොහැකි වුවත් දොස් නැගීමේ වුවමනාව තුල කරන විවේචනයක ද්වේශය ඇතුල් විය හැක. අකුසල් මූලික සිතක් වන ද්වේශය ඔබට යහපතක් කිසිවිට ඇති නොකරන්නේය. මේ කුඩා ලිපිය ලියුවේ ඒ නිසාවෙනි.

    ලිපිය අවසන් කිරීමට පෙර යමක් සඳහන් කල යුතුය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී ස්ත්‍රීන් හා පුරුෂයන් ලෝකයට හටගැනීම ගැන බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර ඇත.

    “වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ නොසානලද භූමියෙහි හටගත්තාවූ සුවඳහැල් අනුභවකරමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයෙහි බොහෝ සෙයින් රළු බව වැඩි විය. වර්ණය අඩු බවද පෙනුණේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළවිය. ස්ත්‍රී තොමෝද බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලයි. පුරුෂ තෙමේද ස්ත්‍රිය දෙස බලයි. මෙසේ බොහෝ වේලාවක් ඔවුනොවුන් දෙස බලන්නාවූ ඒ සත්වයන්ට කාම රාගය ඇති විය. ශරීරයෙහි රාග පරිදාහය උපන්නේය. ඒ සත්වයෝ රාග පරිදාහය හේතුකොට මෙවුන්දම් සෙවනය කළහ. වාසෙට්ඨය, ඒ කාලයෙහි යම් ඒ සත්වයෝ මෙවුන්දම් සෙවනය කරන්නාවූ සත්වයන් දකිත්ද, (එකල්හි) සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම වැනි දේ දමා ගසත්. අපිරිසිදු තැනැත්තිය නැසෙව. අපිරිසිදු තැනැත්තිය නැසෙව, කෙසේ නම් (එක්) සත්වයෙක් (අනෙක්) සත්වයෙකුට මෙබන්දක් කරන්නේදැයි කියායි. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාවට අනුව යෙති. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය. ”

    එය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී හා පුරුෂ උපතේ මුල ලෙස එහිදී දක්වන්නේ රාගයයි. උපතේ මුල තණ්හාවයි.

    දෙවනුව යම් දෙමාපියන්ට දරුවකු ඉපැදීම දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදු වුවද, දරුවාගේ උවමනාවට සිදුවන්නකි. දෙමාපියන් බොරු කිව්වා කියා ලැබෙන දරුවා ගැහැණු දරුවකු වීමට බුදුදහම අනුව නම් නොහැක. නමුත් අදාළ දරුවා ඒ දෙමාපියන් තම දෙමාපියන් ලෙස තෝරා ගතහොත් එවිට කල හැකි දෙයක් නැත. මේ බව දැන සිටි අතීත බෞද්ධයන් නිතරම ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස‍ට, රුවන්වැලිසෑය අබියසට ගොස් ප්‍රාර්ථනා කරනු ලැබුවේ පින්වත් දරුවෙක් අප දෙමාපියන් ලෙස තෝරා ගනිත්වා කියමිනි. දෙමාපියන්ව තෝරා ගැනීම දරුවාගේ ක්‍රියාවකි.

    තෙවනුව, චේතිය ජාතකය තුල ප්‍රධාන චරිත දෙකක් හමුවේ. එක් අයකු චේතිය රජුය. අනෙකා කපිල බමුණාය. බමුණු නැත්නම් බ්‍රාහ්මණ ඉගැන්වීම් තුල කාන්තාවකට ලද ස්ථානය ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ගැහැණියගේ නුවණ හැඳිමිටේ ලෙස කීවේ ඔවුන්ය. බුදුරජාණන් වහන්සේ එය පිළිනොගත්තේය. බුද්ධ ශාසනය තුල කාන්තවට ද සැනසීම ලබාදීමට උන්වහන්සේ කටයුතු කල සේක. අකුසල්, පව් කරන පුරුෂයා මෙන්ම කාන්තාව ද නරකයේ ඉපැදේ. යම් කාන්තාවක් මාර්ගඵල ලබා ඇති විටක පුරුෂයා එවැනි මාර්ගඵල ලබා නැත්නම් පුරුෂයාට වඩා ඉහලින් කාන්තාව සැලකිනි. අනේපිඬුසිටුතුමාගේ දුවගේ කථාව මෙහිදී ඔබට සිහිපත්වනු ඇත. එවැනි පසුබිමකදී බමුණු මතවාද, බෞද්ධ දේශනා ලෙස හැඬ වැඩ දමා ඉදිරිපත් කිරීමේ දී දේශකයා මෙන්ම ශ්‍රාවකයා ද ප්‍රඥාවත් විය යුතු බව අපගේ අදහසයි.

    ඒ කෙසේවුවත් තමන් දරණ මතයට බාහිර මතයක් ඉදිරිපත් වූ විට ඒ අරභයා ද්වේශය ඇති කරගැනීම ඔබට සුදුසු නැත. එය සිහිතබා ගන්න.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොහොම හරි බුදු හාමුදුරුවෝ එහෙම එකක් කියල තියෙනව නෙ. මම නම් ඔය ආගම් හුටපට ඔක්කොම අතෑරලා දැම්මා ඔය විකාර නිසා.
    ආගම් මිනිස්සුන්ගෙ ඔළු කනවා. අතේ ගහන එක පව් සෙක්ස් පව් ඕවා අදහල මුන්ගෙ ඔළු නරක් වෙලා.
     
    hpalpola

    Well-known member
  • කොහොම හරි බුදු හාමුදුරුවෝ එහෙම එකක් කියල තියෙනව නෙ. මම නම් ඔය ආගම් හුටපට ඔක්කොම අතෑරලා දැම්මා ඔය විකාර නිසා.
    ආගම් මිනිස්සුන්ගෙ ඔළු කනවා. අතේ ගහන එක පව් සෙක්ස් පව් ඕවා අදහල මුන්ගෙ ඔළු නරක් වෙලා.
    බුදුරජාණන්වහන්සේ එසේ කියා ඇති බව කියන්නේ කෙසේ ද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    යම් මහණක් මෙවැනි ප්‍රකාශ කල විට ඒ හරහා වාද විවාද කිරීම බෞද්ධයන්ට සුදුසු නොවේ. මන්දයත් ද්වේශය වැඩෙන බැවිනි. එම දේශන සමඟ ඔබ ගැටීම ඇති කරගැනීම, පාඩුව ඇති කරන්නේ ඔබටමය. අශූචි ගොඩකින් තව කෙනෙකුට පහර දෙන විට ප්‍රථමයෙන්ම අශූචි ගෑවෙන්නේ තමන්ගේ ඇඟේ බව කිසිවිට අමතක නොකරන්න. දොස් නැගීම හා විවේචනය කිරීම ද්වේශ මූලික ක්‍රියාවක් බවට පත්වීම හෝ නොවීම තුල ඇත්තේ කෙස්ගහක වෙනසකි. සද්භාවයෙන් කරන විවේචනයක් තුල ද්වේශය ඇතුල් විය නොහැකි වුවත් දොස් නැගීමේ වුවමනාව තුල කරන විවේචනයක ද්වේශය ඇතුල් විය හැක. අකුසල් මූලික සිතක් වන ද්වේශය ඔබට යහපතක් කිසිවිට ඇති නොකරන්නේය. මේ කුඩා ලිපිය ලියුවේ ඒ නිසාවෙනි.

    හැබැයි මචන් මම නම් මේ කියන දේට එකඟ නෑ ,

    මොකද මේ වගේ චීවර ධාරීන් ප්‍රසිද්ධියේ බුදුදහම විකුර්ති කරනකොට නිර්මල බුදුදහම යටයනවා , ඒක ඉතාම නරක දෙයක් , මහනායක කියලා හඳුන්වාගන්නා අයත් මෙවැනි චීවර ධාරීන් නිවැරදි කිරීමට බයවෙන මෙවන් කාලයක ගිහියන් වන අප විසින් හෝ මෙම සද්ධර්ම විකුර්ති කිරීමට විරුද්ධව හඬක් නැගිය යුතුමය.

    නැතහොත් අනාගත පරම්පරාවට නිර්මල දහම් පදයක් ඇසීම යනු නොමල ගෙයකින් අබ මිටක් සොයන්නා වැනි දෙයක් වේවි
     
    hpalpola

    Well-known member
  • පැල්පොලට මොකද්ද හිතෙන්නෙ මේ සීන් එක ගැන?
    හරිද, වැරදිද?
    සීන් එක අහලා බැලුවා. ඒ මහණ ඒ මහණගෙ ප්‍රධාන මහණගෙ පොතක් දෝ කොහෙදෝ අතේ තියන් ඒ මහණගේ දහම දෙසනවා. ඒ දිහා ඇස් කන් යොමාගෙන මනුස්ස කොට්ඨාශයක් ඉන්නවා. ඒ අයට අර මහණ කියන දේ තේරුමක් තියේද නැද්ද කියලා මුහුණු වලින් පේන්නෙ නෑ. මගේ පුද්ගලික දේ නම් ඒ මහණ කී දහම මන් දන්නා බුදු දහමට ගැලපෙන්නේ නැති බව. ඒ වගේම මන් දන්නා බුදු දහමේ තියෙන්නේ මූණට කෙල ගහලා ගියත් ද්වේශය ඇති කර නොගත යුතුයි කියන ඉගැන්වීම. ඒ වගේම කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ධර්මය විනය සමඟ ගලපා අර්ථ ගැන්විය යුතු බව. ඉතින් මට ඒ මහණ කී දේ හරිත් නෑ වැරදිත් නෑ. කොටින්ම වැඩකුත් නෑ.

    හැබැයි මචන් මම නම් මේ කියන දේට එකඟ නෑ ,

    මොකද මේ වගේ චීවර ධාරීන් ප්‍රසිද්ධියේ බුදුදහම විකුර්ති කරනකොට නිර්මල බුදුදහම යටයනවා , ඒක ඉතාම නරක දෙයක් , මහනායක කියලා හඳුන්වාගන්නා අයත් මෙවැනි චීවර ධාරීන් නිවැරදි කිරීමට බයවෙන මෙවන් කාලයක ගිහියන් වන අප විසින් හෝ මෙම සද්ධර්ම විකුර්ති කිරීමට විරුද්ධව හඬක් නැගිය යුතුමය.

    නැතහොත් අනාගත පරම්පරාවට නිර්මල දහම් පදයක් ඇසීම යනු නොමල ගෙයකින් අබ මිටක් සොයන්නා වැනි දෙයක් වේවි
    තමුන් වඩන්නේ අකුසල මූලයන් ද කුසල් මූලයන් ද පව් ද පින් ද යන තෝරා ගැනීම කරන්නේ තමුන් විසින්ම යි යාළුවා. ඔබ ඔබගේ ක්‍රියාවේ සහ ප්‍රතිඵලයේ නිර්මාපකයා. එච්චරයි.
    ------ Post added on May 26, 2022 at 2:44 PM
     
    • Like
    Reactions: animation

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    ඇත්තටම දැන් මේ පොපියුලර් බණ කියන අය කියන්නෙ මහ හතරබීරි කතා. මුන්නැහේ මේ වගේ ජෝක්ස් නිතර කරනව. මතකනෙ අර ස්වාමියා බිරිඳ ඇඟවල් දකින්නෙ නැතුව ළමයි හදන්න ඕන කිව්වෙත් මේ ගොයියමද කොහෙද. මේ විහිළු විකාර අහනවට වඩා හොඳයි තමන්ගෙ මෙලොව සුගතියට වැඩක් කරගන්න එක. කතෝලිකයට ඒක හරි. හින්දු මනුස්සයට ඒක හරි. මුස්ලිම් මනුස්සයට ඉස්ලාම් හරි. බෞද්ධයට මේක හරි. ඔතනින් හරිම ඇත්ත කෝකද කියල අපි කවුරුත් දන්නෙ නෑ. ඒක නිසා ඕව ඔක්කොගෙන්ම ඈත් වෙලා තමන්ගෙ වැඩක් බලාගන්න එකයි හොඳම දේ. බුද්ද චීවරේ දාන් ඉන්න බමුණන්ගෙ වැදි බන අහන්න යන්න එපා කියල තමා ඉල්ලන්නෙ. ඕව එක කණකින් අහල අනික් කනින් පිට කරන්න ඕන දේවල්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
     
    • Like
    Reactions: animation

    hpalpola

    Well-known member
  • අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
    ඕකෙ තිබ්බා කියන එකෙන් කියන්නෙ නෑ ඒක තමා ධර්මය කියලා. අනික අටුවාවේ පවා ඕනතරම් වැරදි තියෙනවා සූත්‍ර පිටකය එක්ක සලකා බැලුවම. ඒ නිසා ගිහි භික්ෂූන්වහන්සේ නමකගෙ අදහස් එක්ක ධර්මය ගැලපීමට යාම එතරම් සුදුසු නැහැ.
     
    • Like
    Reactions: animation

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගෑණුන්ගෙ දානය ලෙප්ට්..

    අැත්තටම මේ ලංකාවේ ඉන්න හක්ගෙඩියොන්ට පිස්සුද මංද..රටේ මිනිස්සු ජාතිවාදය අවුස්සල බෙද බෙද ප්‍රශ්ණ අැති කරනව මදිවට ඒ පාර ගෑණු පිරිමි බේද කරන්න පච වපුරනවා..දැන් ගෑණු පව්කාරයෝ නම් මූ ඉපදුනේ අලි පුකකින්ද..මුගේ අම්ම්ත් පව්කාරයිනේ ඵහෙම බැලුවොත්.මේ පිස්සු සිවුරු කාරයෝ තමා රටම අවුලවන්නේ..වෙන රටකනම් මුන්ව ගහල පන්නලා..2022ත් මුං බලන්නේ රටේ උන්ව බෙදල ප්‍රශ්ණ අැති කරල රටම අවුල් කරන්න..පිස්සු තට්ටයෝ
     
    ගණ ගෙඩියො ද හක් ගෙඩියො ද? උබට වචන මාරු උනා ද? 😅
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෑණුන්ගෙ දානය ලෙප්ට්..

    අැත්තටම මේ ලංකාවේ ඉන්න හක්ගෙඩියොන්ට පිස්සුද මංද..රටේ මිනිස්සු ජාතිවාදය අවුස්සල බෙද බෙද ප්‍රශ්ණ අැති කරනව මදිවට ඒ පාර ගෑණු පිරිමි බේද කරන්න පච වපුරනවා..දැන් ගෑණු පව්කාරයෝ නම් මූ ඉපදුනේ අලි පුකකින්ද..මුගේ අම්ම්ත් පව්කාරයිනේ ඵහෙම බැලුවොත්.මේ පිස්සු සිවුරු කාරයෝ තමා රටම අවුලවන්නේ..වෙන රටකනම් මුන්ව ගහල පන්නලා..2022ත් මුං බලන්නේ රටේ උන්ව බෙදල ප්‍රශ්ණ අැති කරල රටම අවුල් කරන්න..පිස්සු තට්ටයෝ
    පිස්සුද යකෝ .. වැදගෙන අහගෙන ඉන්නේ කව්ද බලපන් වැඩියෙන් ගැනුද පිරිමිද කියලාල් .. ගැනු තමා වැඩියෙන් ඕව විස්වාස කරන්නේ ..