🕳️🌌🔭 ප්‍රථම වරට හබල් දුරේක්ශය මගින් හුදෙකලා කළු කුහරයක (isolated black hole) ස්කන්ධය ගණනය කිරීමට සමත් වෙයි 🔭🌌🕳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    Cover-image_Black_Hole_Universe_04_004.jpg

    ප්‍රථම වරට නාසා ආයතනය විසින් අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි ඇති හුදෙකලා කළු කුහරයක (isolated black hole) ස්කන්ධය ගණනය කිරීමට සමත් වී තිබෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5000 ක් ඈතින් 'Carina-Sagittarius' නමින් හදුන්වන ක්ෂීරපථය මන්දාකිණියට අයත් සර්පිල බාහුවේ පිහිටා තිබෙන මෙම කළු කුහරය විශ්වීය අවකාශය හරහා ගමන් කරමින් පවතිනවා. හබල් දුරේක්ශය (Hubble Space Telescope) යොදාගනිමින් කළ මෙම සොයාගැනීමට පෙර මේ දක්වා කළු කුහරයන්ගේ විශාලත්වය හා ස්කන්ධය මනිනු ලැබුවේ සංඛ්‍යානමය වශයෙන් අනුමාන කරගනිමින් ලබාගත් දත්ත ඇසුරෙන් හෝ මෙම කළු කුහරයන්, ද්විමය තාරකා පද්ධති (binary star systems) අතර හෝ මන්දාකිණියන්ගේ හරයන් සමග දක්වන අන්තර් ක්‍රියාකාරීත්වයන් මගිනුයි.

    'Carina-Sagittarius' සර්පිල බාහුව

    1200px-Milky_Way_Arms_ssc2008-10.svg.png

    0b9ae6d91e7eac5c19f685c0cc69779a.jpg

    හබල් දුරේක්ශය මගින් සොයාගත් දත්ත අනුව මෙම කළු කුහරයේ සකන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.6 - 4.4 අතර ගුණයක් ගන්නා බවට සොයාගෙන ඇති අතර මෙම අඩු ස්කන්ධ පරාසය හේතුවෙන් මෙම කළු කුහරය "low mass black holes" ගණයට අයත් වීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතින බවට තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. තවද මෙම අඩු ස්කන්ධය හේතුවෙන් මෙය ඇතැම් විට නියුට්‍රෝන තාරකාවක් (Neutron star) විය හැකි බවද ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වාසය පළ කර සිටිනවා. මෙම සොයාගැනීමත් සමග පෘථිවියට ළගින්ම පිහිටා තිබෙන කළු කුහරයට පවතින දුර ගණනය කිරීමට ද තාරකා විද්‍යාඥයන් විසින් සමත් වී ඇති අතර ඒ අනුව එය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 80 ක පමණ දුරකින් වන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ. සූර්යයා හැරුණු විට පෘථිවියට ළගින්ම පිහිටි තාරකාව 'Proxima Centauri' තාරකාව වන අතර එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.246 ක දුරකිනුයි.

    eso1629f.jpg
    neighbors-closest-to-sun.jpg

    මෙවැනි "Stellar-mass black holes" ගණයට අයත් වන කළු කුහරයන් දැවැන්ත තාරකාවන්ගේ ආයු කාලය අවසාන වීමත් සමග එහි හරයේ සිදුවන ගුරුත්වාකර්ෂණ කඩාවැටීම (gravitational collapse) හේතුවෙන් හටගන්නා විශාල සුපර්නෝවා පිපිරීම් (supernova) නිසා බිහිවන කළු කුහරයන් වන අතර මෙවැනි ආකාරයේ කළු කුහරයන් මගින් ආලෝකය විමෝචනය නොකිරීම හේතුවෙන් පෘථිවියේ පිහිටි දුරේක්ශයන් මගින් ඡායාරූප ගත කිරීම ඉතා අපහසු කාර්යයක් වනවා. නමුත් මෙම කළු කුහර මගින් අවකාශය නැවීමකට (warp space) ලක්කිරීම හේතුවෙන් කළු කුහරයට පිටුපසින් පිහිටා තිබෙන තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය මෙහිදී අපසරනය, විකෘති කිරීම හෝ විස්තාරණයට භාජනය කිරීම සිදුවන අතර ආලෝකයන්ගේ සිදුවන මෙවැනි විකෘති වීම් දුරේක්ශයන් මගින් ග්‍රහණය කිරීමට හැකිවීම හේතුවෙන්, එවැනි විකෘතිතා අධ්‍යයනය කිරීම මගින් ද මෙවැනි කළු කුහර හදුනාගැනීම සිදු කළ හැකියි.

    මූලාශ්‍ර ලිපිය

    Hubble Determines Mass of Isolated Black Hole Roaming Our Milky Way Galaxy

    වීඩියෝව

    කළු කුහරයක් යනු

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    උන් කළු කුහර වල ස්කින්ධය මනිනවා. අපේ උන් පෙට්‍රල් ලිස්ටරයක් හොයාගන්න ෂෙඩ් ගානේ දුවනවා! ඊ බන්!

    අපේ උන් රෑට කලු කුහර ඇතුලට රිංගල ස්කන්දය මනිනවනෙ.ඒක නිසා අව්ලක් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    But i still don't believe that black holes exists. they are entirely theoretical yet.
    අයින්ස්ටයින් රෙලටිවිටි හොයාගත්ත එක්කම මේ බ්ලැක් හෝල් එක ගැන ඉගි දුන්නා. ඕක තියරිටිකලි හරියට හොයාගත්තේ හොව්කින් ලොක්කා. හැබැයි අයින්ස්ටයින් කියන්නේ ආලෝකය වගේ දෙයක් බෙන්ඩ් වෙන්න බාහිර බලයක් ඕනේ කියල. එකයි සුරග්‍රහනයකදී තාරකා වල පිහිටීම වෙනස් වෙන්නේ. ඇත්තටම තාරකාව තියෙන්නේ අදාළ තැන හැබැයි ආලෝකය ඉර ලගින් එනකොට බෙන්ඩ් වෙනවා. මොකද ගුරුත්වය හිතා ගන්න බැරි තරම් වැඩි. බ්ලැක් හෝල් එකකට ගුරුත්වයක් ඇති කරන්න පුළුවන් බලයක් තියේද? මොකද එක තාරකාවක් නෙමේ. තමන් විසින් ශක්තියක් හදන්නේ නැ . එහෙම ගුරුත්වයක් නැතුව ඔය කියන විදිහේ ස්පෙස්ක් ටයිම් දයලේෂන් එකක් වෙයිද? ඔන්න ඕක නිසා තමා තියරිටිකලි තියන දේවල් මම නම් ෂුවර් කරන්නේ නැත්තේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පිස්සු හැදෙනව. අහසෙ තියෙන තරු බිලියන ගාණෙන් එකක් ෆෝකස් කරල ඒක ක්ෂීරපථයෙ තියෙන තැනත් හොයාගෙන, ඒකෙ ස්කන්ධයත් බලලා
     
    එතකොට ඔයා කියන්නේ M87 black hole එකේ ෆොටෝ එකයි, පහුගියදා release කරපු milky way එක මැද තියෙන Sagittarius A black hole එකේ ෆොටෝ එකයි බොරු කියලද? :eek:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පිස්සු හැදෙනව. අහසෙ තියෙන තරු බිලියන ගාණෙන් එකක් ෆෝකස් කරල ඒක ක්ෂීරපථයෙ තියෙන තැනත් හොයාගෙන, ඒකෙ ස්කන්ධයත් බලලා
    තරු වල පොසිෂන් හොයන මැට්‍රික්ස් ගැලිලියෝ ගේ කාලේ ඉදන් තියෙන්නේ මචන්. දැන් ඕවා මිනිත්තුවෙන් පොසිෂන් කරන්න පුළුවන්. එච්චර ලොකු වැඩක් නම් නෙමේ. හැබැයි ලංකාවේ අපිට නම් ලොකු දේවල්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    තරු වල පොසිෂන් හොයන මැට්‍රික්ස් ගැලිලියෝ ගේ කාලේ ඉදන් තියෙන්නේ මචන්. දැන් ඕවා මිනිත්තුවෙන් පොසිෂන් කරන්න පුළුවන්. එච්චර ලොකු වැඩක් නම් නෙමේ. හැබැයි ලංකාවේ අපිට නම් ලොකු දේවල්.
    ඒක තමා. විශ්වයෙ සයිස් එක එක්ක හිතනකොට නිකන් මැජික් එකක් වගේ. අපිට මේව හුරු නැති නිසා තමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එතකොට ඔයා කියන්නේ M87 black hole එකේ ෆොටෝ එකයි, පහුගියදා release කරපු milky way එක මැද තියෙන Sagittarius A black hole එකේ ෆොටෝ එකයි බොරු කියලද? :eek:
    උබ අහලා තියේද ආලෝකයේ රෙඩ් ශිෆ්ට් කියන එක ගැන. ඒ කියන්නේ ලයිට් සෝස් එකකින් පිට වෙන ආලෝකය දුර යන්න යන්න ලෙනත් එක වැඩි වෙලා ශක්තිය අඩු වෙනවා. එක තමා වෙව් වල ගතිය. ආලෝකයත් එහෙමයි. ඒ නිසා ආලෝක වර්ෂ ගහනාවක් යනකොට ආලෝක කිරණ දෘශ්‍ය ලෙනත් එකෙන් ඈත් වෙලා ඉන්ෆ්රා රෙඩ් වෙව් ලෙනත් එක පැත්තට බර වෙනවා. එකයි රෙඩ් ශිෆ්ට් කියන්නේ. හිතපන් ආලෝක වර්ෂ 5000 ක් කියන්නේ වර්ෂ 5000 ක් තිස්සේ ආලෝකයේ වෙව් ලෙනත් එක චේන්ජ් වේවි යන්නේ. ඔය මැට්‍රික්ස් කල්කියුලේෂන් හරි උනත් තියන ඔබ්ජෙක්ට් එක හරියටම මොකක්ද කියල කියන්න පුලුවන්ද? මේ රෙඩ් ශිෆ්ට් එක නිසා තම ජේමිස් වෙබ් එකේ ඉන්ඵා රෙඩ් ලෙනත් එකේ ආලෝකයට වැඩි ප්‍රමුකතාවක් දීලා තියෙන්නේ. මොකද ආලෝක වර්ෂන් බිලියන ගණන් එන ඒවා ඇත්තටම ආලෝකය නෙමේ. හබල් එකට ඉන්ෆ රෙඩ් ලෙනත් එකෙන් ඉමේජ් කැප්චර් කරන්න බැ . ඔන්න ඔතන තමා කෙස් එක තියෙන්නේ.

    ඒක තමා. විශ්වයෙ සයිස් එක එක්ක හිතනකොට නිකන් මැජික් එකක් වගේ. අපිට මේව හුරු නැති නිසා තමයි
    ඒක නිසා තමා බුදු හාමුදුරුවෝ විශ්වය ගැන හොයන්නේ නැතුව ඊට වඩා ලේසියෙන් හොයන්න පුළුවන් තමන් ගැන හොයන්න කිව්වේ. මේ පැත්ත ගැන දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න තමන් ගැන හොයන්න පෙලබෙනව වැඩි. ඒ නිසා අනිවා මේ පැත්තේ දැනුම හොයන එක වැදගත් මම නම් දකින විදිහට :yes:
    ------ Post added on Jun 12, 2022 at 9:27 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    උබ අහලා තියේද ආලෝකයේ රෙඩ් ශිෆ්ට් කියන එක ගැන. ඒ කියන්නේ ලයිට් සෝස් එකකින් පිට වෙන ආලෝකය දුර යන්න යන්න ලෙනත් එක වැඩි වෙලා ශක්තිය අඩු වෙනවා. එක තමා වෙව් වල ගතිය. ආලෝකයත් එහෙමයි. ඒ නිසා ආලෝක වර්ෂ ගහනාවක් යනකොට ආලෝක කිරණ දෘශ්‍ය ලෙනත් එකෙන් ඈත් වෙලා ඉන්ෆ්රා රෙඩ් වෙව් ලෙනත් එක පැත්තට බර වෙනවා. එකයි රෙඩ් ශිෆ්ට් කියන්නේ. හිතපන් ආලෝක වර්ෂ 5000 ක් කියන්නේ වර්ෂ 5000 ක් තිස්සේ ආලෝකයේ වෙව් ලෙනත් එක චේන්ජ් වේවි යන්නේ. ඔය මැට්‍රික්ස් කල්කියුලේෂන් හරි උනත් තියන ඔබ්ජෙක්ට් එක හරියටම මොකක්ද කියල කියන්න පුලුවන්ද? මේ රෙඩ් ශිෆ්ට් එක නිසා තම ජේමිස් වෙබ් එකේ ඉන්ඵා රෙඩ් ලෙනත් එකේ ආලෝකයට වැඩි ප්‍රමුකතාවක් දීලා තියෙන්නේ. මොකද ආලෝක වර්ෂන් බිලියන ගණන් එන ඒවා ඇත්තටම ආලෝකය නෙමේ. හබල් එකට ඉන්ෆ රෙඩ් ලෙනත් එකෙන් ඉමේජ් කැප්චර් කරන්න බැ . ඔන්න ඔතන තමා කෙස් එක තියෙන්නේ.

    ------ Post added on Jun 12, 2022 at 9:27 PM
    ඒ වුණාට මං නම් පිළිගන්නේ කළු කුහර තියෙනවා කියලා. :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ වුණාට මං නම් පිළිගන්නේ කළු කුහර තියෙනවා කියලා. :yes:
    ඔව් එකේ ලොජිකල් දෙයක් තියනවා ඇත්තටම. මොකද මිට අවරුදු 100 කට විතර කලින් මේ අපිට නොපෙනෙන ජීවින් ඉන්නවා ඉතා කුඩා ජීවින් කිව්වම ගණන් ගත්තේ නැ . ඒ වගේ අදහ රැඩිකල් කියල දේවස්ථාන වලින් එහෙම උන්ව එළවලා දැම්මා.හැබැයි මයික්රෝස්කොප් එක ආවම තමා අපි දැනගත්තේ ඇත්ත තත්වේ. ඒ වගේ ඉදිරියේදී ඉතා දියුණු ටෙක් ඇවිත් ඕවා ප්‍රක්ටිකලි ඔප්පු කරයි. ඒ නිසා තියරටිකල් දේවල් පිලිගත්තට අව්ලක් නැ . හැබැයි මම නම් හරිම සාක්ෂි නැතුව පිළිගන්නේ නැ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒක නිසා තමා බුදු හාමුදුරුවෝ විශ්වය ගැන හොයන්නේ නැතුව ඊට වඩා ලේසියෙන් හොයන්න පුළුවන් තමන් ගැන හොයන්න කිව්වේ. මේ පැත්ත ගැන දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න තමන් ගැන හොයන්න පෙලබෙනව වැඩි. ඒ නිසා අනිවා මේ පැත්තේ දැනුම හොයන එක වැදගත් මම නම් දකින විදිහට :yes:
    ------ Post added on Jun 12, 2022 at 9:27 PM
    ඇත්ත. මෙහෙම දේකුත් තියෙනවා, ලද දෙයින් සෑහීමකට පත් නොවෙන නිසා තමා මානව වර්ගයා මේ දුර ඇවිල්ල තියෙන්නෙත්. කන්නත් නැතුව ඉන්න අපි කවුද ලෝකෙ සුපිරිම මොළ වලින් කරන වැඩ ප්‍රශ්න කරන්න.
     
    Similar threads