මෙහෙමයි මචං, ගෝඨා ආවායින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩිල්කාරයො එකෙකුටවත් චාන්ස් නෑ මචං. හැබැයි, ඡන්දෙ දිනන්න උන්ව ඕනෑ. මොක ද? උන්ට තමයි, මේ ජරා සිස්ටම් එක ඇතුළේ ඡන්ද පදනම හැදිලා තියෙන්නෙ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං, ගෝඨා උඩට එන්නේ, උන්ගෙ උදවු ඇතුව. හැබැයි මචං, ගෝඨා ආවා ම ඔය එකකුටවත් චාන්ස් නෑ. අඩු ගාණේ, ඕකුන්ට නොමිනේෂන්වත් හම්බු වෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ, හෙණ ස්මාර්ට් පොරක් මචං. රට රටවල් දැකලා, ඒවායේ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ. උන්ට ෂොට් එක ලැබෙනකම් උන්වත් දන්නෙ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත් මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං, පාර්ලිමේන්තුවට. උන් තමයි, ඔක්කො ම තීරණ ගන්නේ. මේ ඔක්කො ම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත් මගේ මීටින්ග්ස්වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨගේ කැම්පේන් එක වුණත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්ක ද ඕග්මෙන්ටඩ් රියැලිටි පොලිසි ලෝන්ච් එක. ඇප් එක බා ගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ, ගෝඨා ආවා ම උඹලා අපිට වුණත් හොඳ කලක් යයි මචං. ඒක ෂුවර් කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.