ඇත්තටම මේ ලෝකෙ මවපු එකක්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    මට එක වෙලාවක හිතුණ දෙයක් තමයි මේ ලෝකෙ කවුරු හරි මැව්වා කියන කතාව ඉවත දාන්න බෑ කියන එක. අපි ජීවත් වෙන වට පිටාව ඉබේ හට ගත්තු දෙයක් වෙන්නත් බෑ. මේක අනිවා බුද්ධියක්(Intelligence) තියෙන කෙනෙක් හෝ අය විසින් මවපු නැත්තම් හදපු නිර්මාණයක් කියල මම 60%ක් විතර විශ්වාස කරනවා. මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ. කිකිළි සහ බිත්තරය යන කතාවත් මේකට සම්භන්ධ කළ හැකියි. ජීවයේ පැවැත්ම වර්ගයා බෝ කිරීමත්(reproduction) හරියට පරිඝණක කේතයක් වැන්නවූවක් නොවේද ? මේ පිළිබඳ ඔබගේ සිතුවිලි පහලින් යොමු කරන්න. :D
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මේක philosophy ගැන කතා කරන්න වෙලාවක් නොවුනත් මාත් ඔය කතාවට යම් තාක් දුරකට එකඟයි. හැම ආගමකම ඕකට නිර්වචනයක් තියෙනවා. මං ඒ ගැන ගොඩක් ස්ටඩි කරල නෑ හැබැයි අහල තියෙන දේවල් අනුව හැම ආගමේම ඔය සම්බන්ධව කියන කතා වල යම් යම් සමානකම් තියෙනව නේද? බුද්ධාගමෙත් තියෙන්නෙ කවුද දෙවි කෙනෙක් ඇවිල්ල ඇටයක් දාලා ඒකෙන් නෙළුමක් පැළවුනයි කියලා. මම ආගම් පිළිගන්නෙ නෑ. නමුත් අවුරුදු දාස් ගණන් පරණ දැනුම් පද්ධති නිසා ඒවා නිකන්ම අහක දාන්නත් බෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    ඒ මවපු එකා ආවේ කොහෙන්ද??
    ඒකට මං ගාව උත්තරයක් හෝ උපකල්පනයක් නෑ. පෘථිවි ජීවීන් සහ අදාළ හිතකර සියළු දෑ වෙනත් ජීවී කොට්ඨාශයක් විසින් පෘථීවියේ ස්ථාපනය කරා කියල තමයි මම උපකල්පනය කරන්නේ. :D
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ ලෝකේ මැව්වේ මයින්ද මාත්‍යා නෙවෙයිද

    BKSs8xy.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    ඒකට මං ගාව උත්තරයක් හෝ උපකල්පනයක් නෑ. පෘථිවි ජීවීන් සහ අදාළ හිතකර සියළු දෑ වෙනත් ජීවී කොට්ඨාශයක් විසින් පෘථීවියේ ස්ථාපනය කරා කියල තමයි මම උපකල්පනය කරන්නේ. :D
    ඒ කරපු උන්වත් මැව්වද..? කොහෙන් හරි ආව කියන්නේ ඒ තැනත් මවපු එකක්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මේක philosophy ගැන කතා කරන්න වෙලාවක් නොවුනත් මාත් ඔය කතාවට යම් තාක් දුරකට එකඟයි. හැම ආගමකම ඕකට නිර්වචනයක් තියෙනවා. මං ඒ ගැන ගොඩක් ස්ටඩි කරල නෑ හැබැයි අහල තියෙන දේවල් අනුව හැම ආගමේම ඔය සම්බන්ධව කියන කතා වල යම් යම් සමානකම් තියෙනව නේද? බුද්ධාගමෙත් තියෙන්නෙ කවුද දෙවි කෙනෙක් ඇවිල්ල ඇටයක් දාලා ඒකෙන් නෙළුමක් පැළවුනයි කියලා. මම ආගම් පිළිගන්නෙ නෑ. නමුත් අවුරුදු දාස් ගණන් පරණ දැනුම් පද්ධති නිසා ඒවා නිකන්ම අහක දාන්නත් බෑ.

    බුදු දහමට අනුව ලොක විනාසය අයෙත් අති වීම වක්‍රීය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය් ආරම්භය හොයන්න බැ කියල තමයි කියල තියෙන්නෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපිට හිතකර විදිහට ලෝකෙ මවලා නෑ

    ලෝකෙට හරියන විදියට අපි හැදුනා
    බැරි එවුන් මැරුනා
    meka thamai math therum gaththa de.

    muladi mamath hithuwe oya widihata design ekak thiyenawa kiyala. passe kalpana karaddi therune meka hethuprathya nisa hatagaththa deyak kiyana eka hoyala balanakota theruna

    muladi hithuwe mehema.

    apita Eyes thiyenawa: eyes walin balanna lassana lassana scenes hadila thiyenne kohomada?
    apita mouth ekak thiyenawa, eken rasa kaama kanna foods nirmanaya une kohomada?
    apita brain ekak thiyenawa, brain eka wateta scull ekak thiyenawa protect karanna, ehema aawe kohomada?

    me siyalu dewal palayak nisa ----> hethu athi una kiyana eka waradie. hethuwak nisaa ----> palayak athi una kiyana eka thamai hari

    Example:
    Heart attack thiyena unuth me enviornment eke ada jeewath wenawa survive wenawa, hethuwa bypass operation eka hoyagaththa nisa.
    bypass karanna unta salli thiyena nisa, salli hoyaganna unta mole thiyena nisa. un survive una. weak ung marila giya... nathi wela giya..
    ethakota cholesterol bandila thiyena valve ekak thibunath, bypass ekak thiyena nisa uu jeewath wenne. hethuwak thiyenawa ehema palayak athi wenna. palaya wisin hethuwata link ekak naha, hethuwen thamai palaya nirmanaya wenne

    Muhudata sathek watunoth.. uu ta jeewathwenna muhude husmaganna kramayak thibunoth witharak uu pawathinawa.. anik saththu husmaganna bariwa marila yanawa... ea marena saththunge mas kaala muhudfe inna maalu jeewathuth wenawa.,.. muhude survive wenna uuta hethuwa thibunoth uu ithuru wenawa. weak ung nathi wenawa

    oya wage siyalla pawathinna hethu thiyena nisa ithuru wenawa misak, meka design karapu ekak nemei.
    meka sahenna kaalayak thisse hethu sahenna ganaka prathipalayak.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මට එක වෙලාවක හිතුණ දෙයක් තමයි මේ ලෝකෙ කවුරු හරි මැව්වා කියන කතාව ඉවත දාන්න බෑ කියන එක. අපි ජීවත් වෙන වට පිටාව ඉබේ හට ගත්තු දෙයක් වෙන්නත් බෑ. මේක අනිවා බුද්ධියක්(Intelligence) තියෙන කෙනෙක් හෝ අය විසින් මවපු නැත්තම් හදපු නිර්මාණයක් කියල මම 60%ක් විතර විශ්වාස කරනවා. මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ. කිකිළි සහ බිත්තරය යන කතාවත් මේකට සම්භන්ධ කළ හැකියි. ජීවයේ පැවැත්ම වර්ගයා බෝ කිරීමත්(reproduction) හරියට පරිඝණක කේතයක් වැන්නවූවක් නොවේද ? මේ පිළිබඳ ඔබගේ සිතුවිලි පහලින් යොමු කරන්න. :D
    ජීවත් වෙන්න සුදුසු පරිසරයක තමයි ජීවයක් ඇති වෙන්නේ කොහොමත්. නිර්මාණය කරලා නෙවෙයි නිර්මාණය වෙලා. මේ විශ්වයේ ග්‍රහලෝක එකිනෙකට වෙනස් විදියට නිර්මාණය වෙද්දී පෘථිවිය ජීවයට හිතකර පරිසරයක් තියෙන හින්දා මේකේ ජිවියෝ ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,289
    67,648
    113
    අපේ ආගමේ කියන විදියට මැරුණට පස්සෙ ස්වර්ගයට යනවනං මං කැමතියි. ස්වර්ගයේදි අපේ නැතිවෙච්ච අය ඔක්කොම හම්බෙනව
    Kawuruwath nethi wenne ne.nethi wenna deyak ne shunyay.eka hinda swargedi okoma hambenawa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට එක වෙලාවක හිතුණ දෙයක් තමයි මේ ලෝකෙ කවුරු හරි මැව්වා කියන කතාව ඉවත දාන්න බෑ කියන එක. අපි ජීවත් වෙන වට පිටාව ඉබේ හට ගත්තු දෙයක් වෙන්නත් බෑ. මේක අනිවා බුද්ධියක්(Intelligence) තියෙන කෙනෙක් හෝ අය විසින් මවපු නැත්තම් හදපු නිර්මාණයක් කියල මම 60%ක් විතර විශ්වාස කරනවා. මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ. කිකිළි සහ බිත්තරය යන කතාවත් මේකට සම්භන්ධ කළ හැකියි. ජීවයේ පැවැත්ම වර්ගයා බෝ කිරීමත්(reproduction) හරියට පරිඝණක කේතයක් වැන්නවූවක් නොවේද ? මේ පිළිබඳ ඔබගේ සිතුවිලි පහලින් යොමු කරන්න. :D
    ඔව් ඇත්ත, මේක මවපු එකක්...

    ඔබ, මගේ හා මේ සියල්ලගෙ තියන ගොන් කම හේතුවෙන් මැවිල පෙනෙන, දැනෙන, හැගෙන එකක්...

    ලෝකයේ මැවුම්කාර දෙවියා ඔබය..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    “දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර ගත් හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්ත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූහ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍ර‍ම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

    යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක ,සංස්කාර ලෝකඅවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.

    මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.