පත්කිරීම නීත්‍යානුකූල වුනාට ජනවරමක් නැති එක අඩු ගානේ ඡන්දයෙන් දිනපු මන්ත්‍රීකමක්වත් නැති එක ලොකු අඩුවක්. කොහොම වුනත් කොයිතරම් බලයක් තිබුනත් තනි මිනිහෙක්ට ප්‍රතිසංස්කරන ප්‍රතිපත්ති ටික හදන්න, ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න බැහැ, එකට පාර්ලිමේන්තුවේ බහුතර සහාය ඕන. ඉතින් ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ සහයෝගයක් නැතිව මොකුත් කරගන්න වන්නේ නැහැ. කවුරු ආවත් කමක් නැහැ පක්ෂ භේදයක් නැතිව එකතු වෙලා ප්‍රතිපත්ති හදන්න, ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්න, ඊට පස්සේ ඡන්දය තියන්න ඕන, එක තමයි අපට තියෙන ගැලවිල්ල .
