ඇතුලට යයිද?

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    😂 බදුදීන් තියා උගේ මල්ලිවත් හිරේ දාගන්න බැරි එකේ මුන් යයිද ?
    ඔවා තේරුම් ගන්න බැරි මන්ද මානසික පොන්න පැටව් මේ ත්‍රේඩ් වලට හුරේ දනවා බන්.එහෙම කරන ලොකුම පොන්නයා තමයි එරොසන් කියන්නෙ 😑 උගෙ තියරියට අනුව දැන් ලංකාව එක රටක් එක නීතියක් ඇතිවෙලා රට සශ්‍රීක වෙලා.කොරොනා නැති මිනිස්සුන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන රටක් වෙලා😑 කාළකන්නි ජීවිත
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    img_20220709_210735-png.176997


    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    රනිල්, මංගල, චම්පික, අනුර ඇතුළු විසි දෙනෙක් ගස්.. ජනාධිපති කොමිසමේ වාර්තාව එයි..


    4445-3.jpg


    යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසිදෙදෙනකුට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ වී ඇත.

    දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිෂන් සභාව මේ බව දන්වා සිටියේය.

    2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලසීමාවේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙම කොමිසම පත්කර තිබිණි. කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලයට (18 වැනිදා) ඉදිරිපත් කරන ලදි.

    එම නිර්දේශවලට අනුව දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලය ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව කියයි. වගඋත්තරකරුවන් 22 දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද නියමිතය.

    දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම,නීතිඥ ජේ.සී.වැලිඅමුණ, ආනන්ද විජයපාල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

    මෙම පැමිණිල්ලේ සාක්ෂිකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාය.

    වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබේ. අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන ඇත. පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

    මෙම කොමිෂන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයෝ තිදෙනෙක්ගෙන් යුක්ත වූහ.
    මයිනා සෙට් එකම මහ පින්න රැලක් නේද? @2osama එදාම මුන්ව හිරේ යැව්වනං ඉවරනෙ. ඒකවත් කරගන්න බැරුව අනිත් එවුවා කොහොමද කරන්නේ :rofl:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,404
    8,881
    113
    මයිනා සෙට් එකම මහ පින්න රැලක් නේද? @2osama එදාම මුන්ව හිරේ යැව්වනං ඉවරනෙ. ඒකවත් කරගන්න බැරුව අනිත් එවුවා කොහොමද කරන්නේ :rofl:
    Dan lokka ranil neda @netudara ponnyo
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඇතුලට යන්න මට කවුරුත් සෙට් වුණේ නෑනෙ හරියට