ප්ලාස්ටික් ජෝග්ගුවක (PP - type 5) වතුර වාෂ්ප වෙලා කර වෙච්ච හීටරයක් දිගටම පාවිච්චි කරන එක අවුල්ද මචන්ලා?

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    බලහන්කො බං හුත්ත හීටරේ ගහලා කියලා අමතක වුණානෙ. වතුර ටික උතුරලා ගිහිල්ලා රස්නෙට ජෝග්ගුවත් දියාරු වෙලා අ‍ැඹරිලා ගිහින්. මම ගිහින් බලනකොට හීටරේ තද තැඹිලි පාටට ගිනියම් වෙලා. 🙄

    ජෝග්ගුව නම් දැන් ගන්න දෙයක් නැහැ. හීටරේත් කොයිල් එක කළු සහ තඹ පාට වෙලා, ප්ලාස්ටික් හැඬල් එකත් යාන්තමට දියාරු වෙලා. හැබැයි මම බැලුවා හීටරේ කිසිම අවුලක් නැතිව වැඩ. හොඳට vim දාලා හෝදලා, එ‍්කෙන් වතුර එකකුත් රත් කරලා අහකට හැලුවා. තවත් වතුර එකක් අ‍ායෙ රත් කරලා සුවඳ, රස බැලුවා. අවුලක් නැහැ වගේ. කොයිල් එකේ ප්ලාස්ටික් නැති පාටයි.

    මට තියෙන ප්‍රශ්නෙ මේ හීටර් එක පිච්චිලා නැති නිසා දිගටම පාවිච්චි කරන එක කේස්ද? PP (type 5) ප්ලාස්ටික් food grade නිසා ලොකු අවුලක් වෙන් නැති වෙයි නේද? මේ කාලෙ හැටියට හොඳට වැඩ කරන හීටරයක් අහක දාන්නයි, අස්ප ගණන් දීලා අලුත් එකක් ගන්නයි පට්ට දුකයි බං එ‍්කයි. 🙄

    මේ තියෙන්නෙ උණු වෙච්ච ජෝග්ගුව. (එ‍්කත් මරු artwork එකක් වගේ. 🤣) රස්නෙට උණු වෙලා, හීටරෙත් එක්කම පැත්තකට වැක්කෙරිලා.



    පහළ photo ටික බලහන්කො. හීටරේ කිසිම අවුලක් නෑ. Cold Resistance එක Ohm 66.5 යි. (එ‍් කියන්නෙ රත් වෙද්දි ohm 4 ක් වැඩි වෙනවා කියලා ගත්තොත් 750W ම තමයි, රත් වෙද්දි resistance වැඩි වෙනවනෙ) Thermal element එකේ insulation එක ගිහිල්ලත් නෑ. Terminal දෙකෙන්ම ගත්තාම කොයිල් එකට resistance එක infinite.

    මේක තේ හදන්න, බොන්න වතුර උණු කරන්න එහෙම දිගටම පාවිච්චි කරන්න අවුලක් නැති වෙයි නේද?


     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    අවුලක් නෑ පාවිච්චි කරපං. 😍

    wishwaya-pura.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,092
    104,003
    113
    එක්කෝ පාවිච්චි කරලා දිනපතා ලොග් එකක ලියපන් ඉස්සරහට වැදගත් වෙන්න. අපි ඒ අතර කලෙක්ෂන් එකක් දාගන්න බලන්නන් මල් වඩමකට

    ගොඩක් වෙලාවට ඇතුලෙන් ඔය වටේ එකට කරනට් එක ලික් වෙනවා ඔය ගානට රත් උනාම කොයිල් ඇද ගහලා ඒක බලපන්.
    ------ Post added on Aug 3, 2022 at 7:09 PM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    එක්කෝ පාවිච්චි කරලා දිනපතා ලොග් එකක ලියපන් ඉස්සරහට වැදගත් වෙන්න. අපි ඒ අතර කලෙක්ෂන් එකක් දාගන්න බලන්නන් මල් වඩමකට

    ගොඩක් වෙලාවට ඇතුලෙන් ඔය වටේ එකට කරනට් එක ලික් වෙනවා ඔය ගානට රත් උනාම කොයිල් ඇද ගහලා ඒක බලපන්.
    ------ Post added on Aug 3, 2022 at 7:09 PM
    ඔව් එහෙමවත් බලමු. 🤣
    ලීක් එකක් නෑ බං, එ‍්ක තමයි දැම්මෙ terminal දෙකෙන්ම coil එකට resistance එක infinity. ලීක් තිබුණා නම් resistance එක ohm පොඩි ගාණක් වෙන්න එපැයි.




    මම නම් ඕව විශ්වාස කරන්නෑ බන්. මම දැකල තියෙනව ලන්ච් ෂීට් එකෙන් පවා අංශු එකතු වෙනව කියල.
    එකතු වෙනවා, හැබැයි අපිට අවුලක් නැහැ.
    ------ Post added on Aug 3, 2022 at 7:13 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,527
    2
    55,657
    113
    පිස්සු නේ සිංගර් / දම්රෝ එකට ගිහින් ගනිම් electric kettle එකක් 5000-7000 දීල, අමතක වුණොත් ඔටෝ ඕෆ් වෙනව
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    පිස්සු නේ සිංගර් / දම්රෝ එකට ගිහින් ගනිම් electric kettle එකක් 5000-7000 දීල, අමතක වුණොත් ඔටෝ ඕෆ් වෙනව
    එච්චර සල්ලි කාටද බං තියෙන්නෙ 😓
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,527
    2
    55,657
    113
    එච්චර සල්ලි කාටද බං තියෙන්නෙ 😓
    ලීෆ් එකට හම්බෙන පෙට්‍රල් කෝටා එක විකුණපන් ලීටරෙන් 500 ගානේ තියාගෙන
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    ලීෆ් එකට හම්බෙන පෙට්‍රල් කෝටා එක විකුණපන් ලීටරෙන් 500 ගානේ තියාගෙන
    හිඟා කෑවත් බලු වැඩ කරන් නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,601
    6,800
    113
    දැන් chrome plate එක පිච්චිලා තැනින් තැන ඕක ලඟදිම ලීක් කරන්න ගනියි, එතකොට ට්‍රිප් වෙයි. ඕවා කොහොමත් අනාරක්ෂිතයි, ගෙවල් පවා ගිණිගන්න පුළුවන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,212
    15,731
    113
    New Zealand
    ප්ලාස්ටික් ඇලුන එකක් පාවිච්චියට ගන්නඑපා. MEGA - 1000W වගේ හීටරයක් ගනින්කෝ රු 3000ක් විතර වෙන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,953
    13,204
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ ඔච්චර දන්නා එකේ මේ ප්‍රශ්නේ අහන්න දෙයක් තියනවා ද
    සුදු යකඩ වලින් හදපු කේතලයක් ගනින් 5000-7500 දීලා. කරන්ට් එකත් ඉතුරු වෙනවා. සාපේක්ෂව ශරීරෙටත් හොදයි.