ඊයේ මීගමුවේ කඩේකට ගියා වැඩකට , එලියට එද්දි කෝල් එකක් ආවා , ඒ එක්කම මිනිහෙක් ඇවිත් මගෙ වටේ කැරකෙනවා.
"මහත්තයා මට බයිපාස් එකක් කරන්න තියෙනවා , සල්ලි කීයක් හරි දෙන්න පුලුවන්ද?"
"මම කෝල් එකකනේ පොඩ්ඩක් ඉන්න"
මිනිහා ඈතට ටිකක් ගියා , ඔන්න ඒ එක්කම මට තව කෝල් එකක් එනවා , කලින් එක හෝල්ඩ් දාලා ආපු එක ආන්සර් කරද්දිම ආයේ අරූ මන් ලග.
"මහත්තයා දෙන්නකෝ"
"පොඩ්ඩක් ඉන්නකෝ , මම එක පාරක් කිව්වේ මම කෝල් එකක කියලා"
මිනිහා ආයේ කොහෙටද ගියා , ඔන්න දැන් දෙවනි කෝල් එක ඉවර කලා , පළවෙනියට ආපු කෝල් එකත් පොඩ්ඩක් කට් කලා. ඒ එක්කම තව කෝල් එකක් ආවා ඒක ආන්සර් කරද්දිම මෙන්න මේ යකා ආයේ මන් ලගට ඇවිත් .
"මහත්තයා බයිපාස් එකට සල්ලි එපා , ළමයට නෙස්ටමෝල්ට් එකක් අරන් දෙන්න සල්ලි දෙන්න"
මට දැන් තරහගිහින් කිව්වා , "මහත්තයෝ මගෙ අතේ සල්ලි නෑ , මාත් කාඩ් එකෙන් මේ බඩු ගත්තේ" කියලා , පොර හැරුනා මන් දිහා
"Fකේ වැඩ කරන්න එපා මහත්තයා
, දැන් බලනවකෝ තමුසේ මගේ කාලේ කොච්චර කෑවද මෙතන"
ඊට පස්සේ මට හිතාගන්න බැරිඋනා ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා