මෙරට පැවති විරෝධතාවයන් පිළිබඳව සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබූ ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ට අත්කරමින් තිබෙන බාධාවන් පිළිබඳව දැන් ජාත්‍යන්තර අවධානය හිමිව තිබෙනවා. දැන් මේ පිළිබඳව ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජික Foysol Choudhury සිය මැදිහත්වීම පළකරනවා. ඔහු විසින් ශ්‍රී ලංකාවේ දී Keileigh Fraser මුහුණපෑමට සිදු වූ දෑ සම්බන්ධයෙන් දැනට ම බ්‍රිතාන්‍යයේ මෙරට මහ කොමසාරිස්වරිය වන Sarah Hulton වෙත ලිඛිතව දන්වා තිබෙනවා.
මන්ත්‍රීවරයා කියන්නේ රාජ්‍ය ත්‍රස්ථවාදය සහ පළිගැනීම් නවතා ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ සුබවාදී මතයක් ස්ථාපිත කර ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් මෙරට රජයට නැවත නැවතත් බල කරවන ලෙසයි.
Keileigh Fraser මුහුණ දෙමින් සිටින තත්ත්වය සලකා බලමින් ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තු සාමාජිකයා ඉල්ලා සිටිනවා.
34 හැවිරිදි Keileigh Fraser පැවසුවේ ඇය වීසා කොන්දේසි කඩ කළ බව පවසමින් පසුගිය අඟහරුවාදා (02) ආගමන විගමන නිලධාරීන් හය දෙනෙකු ඇගේ දොරකඩට පැමිණි බවයි. ඔවුන් ඇගේ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ඇය කියනවා.
“එසේ නොවුවහොත් ඔවුන් මට මාංචු දමන බව කිව්වා. මගේ ලියකියවිලි නැවත ලබා ගැනීමට පෙර පරීක්ෂණයක්” සිදු කිරීමට දින හතක් බලා සිටින ලෙස පැවසුවා. මම මගේ වීසා බලපත්‍රයේ නියමයන් කඩ කළ බව ඔවුන් දිගින් දිගටම කියා සිටියා. නමුත් අවසානයේ මගේ විදේශ ගමන් බලපත්‍රය ඔවුන් අතට ගන්නා තුරු මා සිටියේ කුමන වීසා බලපත්‍රයකදැයි ඔවුන් දැන සිටියේ නැහැ. ඇත්තටම මට ආරක්ෂිත බවක් දැනුනේ නැහැ. හදිසි නීතිය යටතේ ඔවුන්ට ඇත්තටම ඕනෑම දෙයක් කළ හැකි නිසා ඔවුන් මට මාංචු දමන බවට තර්ජනය කළ විට එය තරමක් බියජනක වුණා” යි ඇය ස්කොට්ලන්ත මාධ්‍ය වෙත පවසා තිබුණා.
නිලධාරීන් අතරින් දෙදෙනෙකු තම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා තම නිවසට ඇතුළු වීමට උත්සාහ කළ බව පැවසීමෙන් පසු Keileigh Fraser නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ පටිගත කර තිබෙනවා.
Aberdeen කම්කරු කවුන්සිලයේ Deena Tissera පැවසුවේ Keileigh Fraser ගේ ආරක්ෂාව සහ ඇගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කිරීමට තමන් Foysol Choudhury මන්ත්‍රීවරයා සහ ස්කොට්ලන්ත රජය සමඟ එක්ව කටයුතු කරන බවයි.