නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයින් වෙසෙන ප්‍රදේශ වලට යාමට අවශ්‍ය වූ තමා සතු අවසර පත්‍රය පුලුස්සා දැමූ විට එය එවකට නීති විරෝධී ක්‍රියාවක් විය, ජනතා උදහසට පාත්‍ර විය.
මහත්මා ගාන්ධි අහමදාබාද් සිට අරාබි මුහුදු තීරය දක්වා ලුණු සෑදීම ට දහස් ගණනක් ඉන්දියානුවන් හට නායකත්වය සපයමින් රැගෙන ගිය විට එය නීති විරෝධී ක්‍රියාවක් විය, ගාන්ධි ඇතුළු දහස් ගණනක් අතඩංගුවට පත්විය, සමහරක් ජනතාවගේ උදහසට හා සමච්චලයට ලක් විය.
රෝසා පාර්ක්ස් ඇලබාමාහිදී සුදු ජාතිකයින්ට පමණක් වෙන්වූ බස් රථයක අසුන් ගෙන ඉන් නැගිටීම ප්‍රතික්ෂේප කළ විට එය නීති විරෝධී ක්‍රියාවක් විය. ඇය අතඩංගුවට පත්වූ අතර සුවහසක් වූ සුදු ජාතිකයින්ගේ අප්‍රමාණ නින්දා අපහාස වලට පාත්‍ර විය.
රටක් ආගාධයට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ කළ අරගලකරුවන් කර අරගලය නීති විරෝධී විය. අරගලකරුවන් අතඩංගුවට ගැනෙමින් පවතින අතර ඔවුන් ජනතාවගේ උදහසට සහ සමච්චලයට ලක්වෙමින් සිටී.
යම් ක්‍රියාවක් සඳහා ඇතිවෙන ක්ෂණික ප්‍රතික්‍රියාවෙන් එම ක්‍රියාව ඇගයෙන්නේ නැත. ඉතිහාසය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනු ඇත...